Press ESC to close

මොකක්ද මේ Linux?

පසුගිය දවසක Linux තමන්ගෙ 30 වෙනි උපන්දිනය සැමරුවා. ලෝකයේ ක්ෂේත්‍ර ගණනාවක දියුණුවට උදව් වුන Linux ගැන අපි ලිපියක් ලියන්න හිතුවෙ ඒ හේතුව නිසයි. Linux කියන්නෙ ලෝකයේ වැඩියෙන්ම භාවිතා වෙන විව්ෘත කේත (Open Source) මෙහෙයුම් පද්ධතිය. මෙහෙයුම් පද්ධතියක ප්‍රධාන කාර්‍ය වෙන්නෙ පරිගණකයේ ඇති ම්ෘදුකාංග වලට ක්‍රියාත්මක වෙන්න අවශ්‍ය පරිසරය සකසා දීල ඒ ම්ෘදුකාංග වලින් ලැබෙන පණිවිඩ අවශ්‍ය ද්ෘඩාංග වෙත බෙදා හැරීමයි.

Linux වෙනත් මෙහෙයුම් පද්ධති වලින් වෙනස් වෙන්නෙ කොහොමද?

හුඟක් පැති වලින් Linux වෙනත් මෙහෙයුම් පද්ධති වගේමයි. Linux වලත් graphical interface එකක් තියනවා, ඒ වගේම වෙනත් applications වෙන word processors, photo editors, video editors වගේ බොහෝ දේවලුත් අන්තර්ගතයි. බොහෝ වෙලාවට වෙනත් මෙහෙයුම් පද්ධති සඳහා software හදන අය Linux වෙනුවෙනුත් ඒ software එකම හදල තියෙන්න පුලුවන්. එහෙනම් Linux වෙනස් වෙන්නෙ කොහොමද?

Get Your Site Up with A2 Hosting

Linux අනෙකුත් ප්‍රධාන මෙහෙයුම් පද්ධති වලින් වෙනස් වෙන්න ප්‍රධානතම හේතුව තමයි Linux, Open Source Software එකක් වීම. ඒ කියන්නෙ Linux සංවර්ධනය කරල තියන code එක ඕන කෙනෙක්ට ඕන විදියට බලන්න, වෙනස් කරන්න පුලුවන්. ඒ විතරක් නෙවේ හැකියාව තියනවනම් Linux code එකට තමන්ගෙ දායකත්වය දෙන්නත් පුලුවන්.

Linux වෙනස් වෙන තවත් හේතුවක් තමයි ඒකෙ තියන විශාල වශයෙන් customize කිරීමේ හැකියාව. තමන්ට හැකියාව තියෙනවනම් ඕන විදිහට Linux වෙනස් කරගන්න පුලුවන්. මේ හේතුව නිසා තමයි Linux මූලික කරගත්ත විවිධ distributions සෑදිල තියෙන්නෙ. මේ Linux distributions ගැන අපි වෙන ලිපියකින් කතා කරමු. මේ distributions වෙනස් වුනත් මූලික කොටස් එක සමානයි. මේ customize කිරීමේ හැකියාව නිසා තමන්ට රිසි display graphics හෝ user-interface එකේ කොටස් තෝරගන්න හෝ තමන්ටම design කරගන්න පුලුවන්.

කවුද Linux පාවිච්චි කරන්නෙ?

ඔයා දැනටමත් දැන හෝ නොදැන අනිවාර්‍යයෙන් Linux පාවිච්චි කරනවා. වාර්තා සඳහන් වෙනවා අන්තර්ජාලයේ තියන වෙබ් අඩවි වලින් තුනෙන් දෙකක්ම host කරල තියෙන්නෙ Linux Servers වල කියල. සමාගම් තමන්ගෙ servers වල මෙහෙයුම් පද්ධතිය සඳහා Linux තෝරගන්න බොහෝ විට නැඹුරු වෙනවා මොකද Linux වල තියන ආරක්ෂිත බව, නම්‍යශීලී බව සහ විශාල community එකකින් ලැබෙන සහයෝගයත් නිසා. ඒ වගේම Canonical, SUSE, සහ Red Hat වගේ සමාගම් තමන් සංවර්ධනය කරපු Linux මෙහෙයුම් පද්ධති සඳහා commercial support එකත් ලබාදෙනවා.

සමාන්‍ය පරිගණක විතරක් නෙවේ, වෙනත් බොහෝ ඉලෙක්ට්‍රොනික් උපකරණ ඇතුලෙ Linux තමයි තියෙන්නෙ. Android කියන්නෙත් Linux වෙනස් කරල හදපු mobile OS එකක්. ඒ වගේම cameras, wearables වගේම තවත් විශාල උපකරණ ප්‍රමාණයක් බලගැන්වෙන්නෙ Linux මගින්. සමහර වාහන වල තියෙන මෙහෙයුම් පද්ධතිය පවා develop වෙලා තියෙන්නෙ Linux මූලික කරගෙනයි.

Linux අයිති කාටද?

Open Source licence එක නිසා Linux ඕන කෙනෙක්ට නිදහසේ පාවිච්චි කරන්න පුලුවන්. ඒ වුනත් “Linux” කියන නමේ අයිතිය තියෙන්නෙ Linux නිර්මාපකයා වෙන Linus Torvalds සතුවයි. Linux source code එකට, ඒක සංවර්ධනයට දායක වුන විවිධ පුද්ගලයන්ගෙ නම් යටතේ කත්ෲ හිමිකම් දීලයි තියෙන්නෙ, ඒ GPLv2 බලපත්‍රය යටතේයි.

අපි ලේසියට “Linux” කියල කියන්නෙ ඇත්තටම Linux Kernel එකටයි. හුඟක් පුද්ගලයින් Linux කියල හඳුන්වන්නෙ මේ මුලු OS එකට සහ ඒත් එක්ක එන විවිධ programs, tools, සහ services වලටයි. ඒත් මේක සම්පූර්ණයෙන්ම හරි නෑ. සමහර Free Software Foundation එකේ සාමාජිකයො මේක හඳුන්වන්නෙ GNU/Linux විදිහටයි. මොකද Linux වල තියෙන සමහර අත්‍යවශ්‍ය දේවල් GNU කොටස් වීමයි. එහෙම උනත් සියලුම Linux මෙහෙයුම් පද්ධති වල GNU කොටස් නෑ. උදාහරණයක් විදිහට Android මූලික වෙලා තියෙන්නෙත් Linux kernel එක මත වුනත් GNU tools පාවිච්චි කරල තියෙන්නෙ ඉතාමත් අඩුවෙන්.

“Unix” සහ “Linux” අතර වෙනස?

Unix කියන්නෙ Bell Labs මගින් 70 දශකයේදී සංවර්ධනය කරපු තවත් මෙහෙයුම් පද්ධතියක්, ඒ Ken Thompson, Dennis Ritchie සහ තවත් පිරිසක් මගින්. Unix සහ Linux බොහෝ දුරට එක සමානයි. ඇත්තටම මුල් කාලයේ Linux සංවර්ධනය කරෙත් Unix වලට සමානවමයි. ඒ දෙකේම තිබුනෙ එක සමාන system interface එකක් ඒ වගේම අනිත් programming tools, file system පවා සමානයි. ඒ වුනත් Linux වගේ සියලුම Unix පද්ධති free and open source උනේ නෑ.

අවුරුදු ගාණක් තිස්සෙ එක එක මෙහෙයුම් පද්ධති උත්සහ ගත්තා Unix මෙහෙයුම් පද්ධතියට සමානකමක් දක්වන්න. ඒත් ඒ අතරින් Linux විතරයි සාර්ථක වුනේ, ඒ තමන්ට කලින් තිබුන Unix පවා අභිබවමින්.

Linux සෑදුනේ කොහොමද?

Linux මුලින්ම නිර්මාණය කරේ 1991 දි Linus Torvalds විසින්. ෆින්ලන්ත ජාතිකයෙක් වෙන ඔහු Linux නිර්මාණය කරන කාලයේ Helsinki විශ්වවිද්‍යාලයේ ශිෂ්‍යයෙක්. Linus විසින් Linux සංවර්ධනය කරේ Unix clone එකක් වෙන Minix වලට නිදහස් කේත ආදේශකයක් විදිහටයි. ඔහු මුලින්ම මේක නම් කරේ “Freax” කියන නාමයෙන්, ඒත් පස්සෙ ඔහුගෙ මුල් නමේ කොටසකුත් Unix කියන නමේ කොටසකුත් එක් කරල ඒ මෙහෙයුම් පද්ධතිය “Linux” ලෙස නම් කරා.

Linux පාවිච්චි කරන්න පටන් ගන්නෙ කොහොමද?

කලින් සඳහන් කරා වගේ ඔයා දැනටමත් අනිවාර්‍යෙන් Linux දැන හෝ නොදැන පාවිච්චි කරනවා. තවත් ඉස්සරහට ගිහින් Linux distribution එකක් තමන් පාවිච්චි කරන desktop PC එකට හෝ laptop එකට install කරගන්න ඕනනම් ඒකට හොඳම දේ තමා ප්‍රසිද්ධ Linux distribution එකක් තෝරගන්න එක. ප්‍රසිද්ධ distribution එකක් තෝරගන්න එක හොඳ තීරණයක් වෙන්නෙ beginner කෙනෙක් විදිහට එන ප්‍රශ්න හා ගැටලු ලේසියෙන්ම විසඳගන්න පුළුවන්, මොකද ඒ distribution එක පාවිච්චි කරන ලොකු community එකක් ඉන්න නිසා. ඒ විදිහට තෝරගන්න හොඳ Linux distribution කිහිපයක් තමා Ubuntu, Pop!_OS, Elementary OS, Fedora සහ Mint. මේ කිහිපය විතරක් නෙවේ තවත් distributions රාශියක් තියනවා. මේ ඕනම distribution එකක් ලේසියෙන්ම Windows තියන පරිගණකයක dual boot කරන්න පුලුවන්. ඒක මේ distributions තමන්ට ගැලපෙනවද කියල test කරන්න හොඳ දෙයක්. Linux වල තියෙන විශේෂ දේ තමයි මේ distributions ඕන එකක් පාවිච්චි කරල තමන්ගෙ workflow එකට ගැලපෙන distribution එක තෝරගන්න හැකිවීම. සල්ලි ගෙවන්න ඕන නැති crack කරන්න ඕන නැති මේ free and open source ලෝකෙට ආවම දැනෙන්නෙ පුදුම නිදහසක්.

Linux වලට දායකත්වය දක්වන්නෙ කොහොමද?

Linux kernel එකේ හුඟක් කොටස් කියල තියෙන්නෙ C ක්‍රමලේඛන භාෂාවෙන්. ඒ අතර Assembly ඇතුලු වෙනත් භාෂාත් යොදාගෙන තියෙනවා. ඔයාටත් මේ භාෂා ගැන හොඳ දැනුමක් තියනවනම් මේ link එකෙන් Linux kernel එකේ repository එකට ගිහින් ඒක download කරගෙන test කරන්න පුලුවන්.

Linux කියන්නෙ kernel develops ල විතරක් නෙවෙයි. මේකට programmers ලට අමතරව තවත් විශාල පිරිසක්ගෙ දායකත්වය ලැබෙනව වගේම ඉස්සරහටත් ඕන කරනවා.

  • Testers ල අවශ්‍ය කරනව kernel, distributions සහ වෙනත් tools පරික්ශා කරන්න සහ ඒවගෙ bugs හඳුනගන්න.
  • Designers ල අවශ්‍යයි එක් එක් applications වලට user interfaces සහ graphics නිර්මාණය කරන්න.
  • documentations, how-tos සහ වෙනත් ලිපි ලියන පිරිස්.
  • භාෂා පරිවර්තකයින් විසින් විව්ධ documentations සහ programs තමන්ගෙ මව් භාෂාවට පරිවර්තනය කරල ලෝකය පුරා ඉන්න ඒ භාෂාව පාවිච්චි කරන පිරිස් වලට සේවය සපයනවා.
  • Packagers ල අවශ්‍යයි software වල විවිධ කොටස් එකතු කරල package කරල එක් එක් distributions වලට වැඩ කරන විදිහට සකස් කරන්න.
  • ඒ වගේම Linux වලට ආදරය කරන අවශ්‍යයි Linux සහ නිදහස් කේත ගැන පණිවිඩය පතුරවන්න.
  • ඒ වගේම අනිවාර්‍යයෙන් developers ල අවශ්‍යයි software සංවර්ධනයට.

Pasindu Ruwandeniya

An internet kid who loves open-source software and new technologies.

Comments (1)

Leave a Reply

Your email address will not be published. Required fields are marked *