Home Tech News Explained Upgrade කර කර පාවිච්චි කරන්න පුළුවන් Fairphone
ExplainedPhonesTech News

Upgrade කර කර පාවිච්චි කරන්න පුළුවන් Fairphone

Share
blank
Share

අපූරු මුලධර්මයක් මත පිහිටුවා වැඩ කර ස්මාට්ෆෝනයක් නිපදවා වෙළඳ පොළට එවන්නට ඕලන්දයේ Fairphone නම් සමාගම සමත්ව සිටිනව. මෙම ස්මාට්ෆෝන් එකෙහි නමද ෆෙයාෆෝන්. ෆෙයාෆෝන් අලුත්ම සංස්කරණය, 2023 ජූලි 07 වැනිදා සිට ඇමෙරිකාවේ විකිණීම අරබා තිබෙනව. කොටස්වලට ගැලවිය හැක්කාක් සේම ඒවා පහසුවෙන් එකලස් කර ගත හැකි ලොව පළමු වානිජ ස්මාට්ෆෝන් එක වන්නේද ෆෙයාෆෝන්. මෙසේ එකලස් කර ගත හැකි කොටස් මොඩියුල් (module) වශයෙන් හැඳින්වෙනව. එනම් ෆෙයාෆෝන් යනු මොඩියුල ස්මාට්ෆෝනයක්. එය, මොඩියුල් හතරකින් සමන්විත වෙනව.

ෆෙයාෆෝන් එකෙහි ප්‍රධාන මොඩියුල් එක එහි පාදක සැකිල්ල සහ මවුපුවරුවෙන් යුක්ත කොටසයි. එහි Qualcomm 750G ප්‍රොසෙසරයක්, 6GB හෝ 8GB රැම් එකක්, මොඩෙමය, ඇන්ටෙනාව, සිම් ස්ලොට්, මයික්‍රො එස්ඩී කාඩ් ස්ලෝට් සහ චලන සංවේදක (motion sensors) රදවා තිබෙනව. ෆෙයාෆෝන් එකෙහි අභ්‍යන්තර මතකය 32GB ක්. එය මයික්‍රොඑස්ඩී කාඩ් මගින් 128GB හෝ 256GB දක්වා වැඩි කර ගන්න පුලුවන්.

Fairphone එකෙහි එල්සීඩී (LCD) ස්ක්‍රීනය සහිත කොටස තවත් මොඩියුල් එකක්. මෙම ඩිස්ප්ලේ තිරය අඟල් 6.3 කින් යුත්, ඉහළ විභේදනය ඇති (1080 X2340 pixels) එකක්.
සෙල්ෆි කැමරාව, ඝෝෂාව මඟ හැරවිය හැකි (noise cancelling) මයික්‍රොෆෝනය, ප්‍රොක්සිමිටි සෙන්සරය සහ notification LED දර්ශකය යනාදිය තවත් මොඩියුල් එකක් සේ සකසා තිබෙනව.

පිටු පස ඇති ප්‍රධාන කැමරාව, වයිබ්‍රේටරය, ස්පීකරය, යූඑස්බී කනෙක්ටරය යනාදිය එක් කර හතර වැනි මොඩියුල් එක තනා තිබෙනව.

මෙම මොඩියුල් සියල්ල එකිනෙක හා සම්බන්ධ කරන්නේ ක්ලිප් යාන්ත්‍රණයක් සහ සාමාන්‍ය ඉස්කුරුප්පු නියනකින් ගැලවිය හැකි ඇණ මඟින්. එනිසා එම මොඩියුල් ගැලවීමටත්, සවි කිරීමටත් විශේෂ උපකරණයක් හෝ කාර්මික දැනුමක් අවශ්‍ය වෙන්නෙ නැහැ. තාක්ෂණය අලුත් වෙන්නට වෙන්නට මෙම මොඩියුල් අලුත් කෙරෙනව.

ෆෙයාෆෝන් එකෙහි භාවිතා කරන්නේ ගූගල් සේවා නැති ඇන්ඩ්‍රොයිඩ් මෙහෙයුම් පද්ධතියක්. එය Murena ලෙස නම් තිබෙන්නක්. open source android core එක භාවිතා කර සකසා ඇති ඊ ඕඑස් පද්ධතිය සමඟ Nextcloud සේවය එක්කර Murena තනා තිබෙනව.

මෙහි ගූගල් ඇප්ස් නැහැ. එනිසා ගූගල් සමාගමේ නිපැයුම් මඟින් කෙරෙන දත්ත ලබා ගැනීම, වෙළෙඳ දැන්වීම් යොමු කිරීම මෙන්ම ගූගල් මැප් ඔස්සේ යන එන තැන් සොයා බැලීම වැනි පෞද්ගලිකත්වයට හානි වෙන කිසිවක්ද නැහැ.

ෆෙයාෆෝන්, සාධාරණ වෙළෙඳ සංකල්ප ගරු කරමින් සකසා තිබෙන්නක්. රන් සහ තඹ ආකරවල සේවකයින්ට මානුෂීය අන්දමින් නොසලකන බැවින් මෙය නිෂ්පාදනයට රන් සහ තඹ යොදා ගන්නෙ නැහැ. ඒ වෙනුවට ටින් සහ ටැන්ටලම් භාවිතා කර තිබෙනව.

පතල් කැණීම මගින් පරිසර දූෂණය සිදුවෙනව. එමනිසා වටිනා ලෝහ ඇති උපාංග භාවිතා කොට ටික කලකින් ඉවත දමා තවත් අලුත් එකකට මාරුවීමද පරිසර දූෂණයට උරදීමක්. ෆෙයාෆෝන් දුරකතනය කාලයක් පාවිච්චි කළ හැකි සේ තනා තිබීම පරිසර සංරක්ෂණ වෑයමක්.

Share
Written by
Pramuka Ramanayake

Technology is anything that wasn't around when you were born.

Leave a comment

Leave a Reply

Related Articles

2026ට MSI සමාගමෙන් ගේන අලුත්ම උපාංග

Gaming වලින් සහ high-performance AI computing ලෝකයේ ප්‍රධාන නාමයක් වන MSI, 2026...

MSI සමාගමෙන් එන අලුත්ම gaming monitors

MSI සමාගම ඔවුන්ගේ අලුත්ම 32-inch 4K QD-OLED gaming monitor lineup එකට අලුතෙන්...

MSI සමාගමෙන් හදුන්වාදෙන නවතම PRO Max Series එක

2026 ජනවාරි 6 වෙනිදා MSI සමාගම නව PRO MAX Series එක හඳුන්වා...

යකෙක් වගෙ වැඩ ගන්න නවතම GeForce RTX™ 5090 32G LIGHTNING Z

Gaming වල real performance එක experience කරන්න නම් හොදම GPU එකක් තියෙන...