Home Tech News Status වලට Like කරන්න පුලුවන් WhatsApp අලුත් අප්ඩේට් එක
Tech News

Status වලට Like කරන්න පුලුවන් WhatsApp අලුත් අප්ඩේට් එක

Share
blank
Share

මෑත කාලයෙදි WhatsApp වෙතින් අලුත් විශේෂාංග රැසක් හදුන්වා දුන්නා. මේ කියන්න සූදානම් වෙන්නෙ ඒ වගෙ ඉදිරියෙදි නිකුත් වෙන්න තියන තවත් අලුත් විශේෂාංග කිහිපයක් ගැනයි. එයින් පලවෙනි එක තමයි status update වලට like කිරීමේ හැකියාව ලබාදීම. අනෙක තමයි private mention පහසුකම. ඉතින් මේ අලුත් විශේෂාංග දෙක ගැන දැන් වැඩිදුර කතාකරමු.

මේ අලුත් like reaction විශේෂාංගය මගින් ඔබට තවත් අයෙකුගේ status update එකකට like කිරීමේ හැකියාව ලැබෙනවා. මෙය සිදුකරන්න පුලුවන් caption bar එක ලගින් අලුතෙන් එක්කර තිබෙන heart icon එක මත ක්ලික් කිරීමෙන්. මේ ආකාරයට සිදුකරන likes වෙනත් කිසිවෙකුට පෙන්වන්නෙ නැහැ. ඒවා ඔබට පමනයි පෙන්වන්නෙ. ඒවගේම මේ ආකාරයට සිදුකරන reaction වලින් පසුව ඔබට notification එකක් මගින් දැනුම් දෙනවා. මේ ආකාරයට ඔබේ status update වලට react කල මිතුරන් කවුද කියල ඔබට viewers list එකෙන් බලාගන්න පුලුවන්.

WhatsApp වෙතින් හදුන්වාදෙන අනෙක් විශේෂාංගය තමයි WhatsApp status වල private mention කිරීමේ හැකියාව. මේක Instagram වල තිබෙන තවත් අයෙකු status වලින් mention කරන විශේෂාංගය හා සමානයි. නමුත් මෙහි ඔබ mention කල පුද්ගලයා විතරයි ඒ ගැන දන්නෙ. මේ ආකාරයට ඔබ විසින් mention කල අයට ඒ status එකම නැවත share කිරීමේ හැකියාව තිබෙනවා.

මේ අලුත් විශේෂාංග සමහර රටවල් වලට මේ වනවිටත් ලබාදීලා තියනවා. ඔබත් WhatsApp public beta සංස්කරණයක් භාවිතා කරනවා නම් බොහෝවිට ලගදීම ඔබටත් මෙම විශේෂාංග භාවිතා කර බලන්න හැකි වේවි.

Share
Written by
Pramuka Ramanayake

Technology is anything that wasn't around when you were born.

Leave a comment

Leave a Reply

Related Articles

2026ට MSI සමාගමෙන් ගේන අලුත්ම උපාංග

Gaming වලින් සහ high-performance AI computing ලෝකයේ ප්‍රධාන නාමයක් වන MSI, 2026...

MSI සමාගමෙන් එන අලුත්ම gaming monitors

MSI සමාගම ඔවුන්ගේ අලුත්ම 32-inch 4K QD-OLED gaming monitor lineup එකට අලුතෙන්...

MSI සමාගමෙන් හදුන්වාදෙන නවතම PRO Max Series එක

2026 ජනවාරි 6 වෙනිදා MSI සමාගම නව PRO MAX Series එක හඳුන්වා...

යකෙක් වගෙ වැඩ ගන්න නවතම GeForce RTX™ 5090 32G LIGHTNING Z

Gaming වල real performance එක experience කරන්න නම් හොදම GPU එකක් තියෙන...