Home Tech News social media වේගයෙන් පරිශීලකයන් අඩුවී යන Koo app එක
social mediaTech News

වේගයෙන් පරිශීලකයන් අඩුවී යන Koo app එක

Share
blank
Share

ඉන්දියානුවන් විසින් දියත් කරන ලැබ පවත්වා ගෙන යනු ලබන කූ ඇප් (kooapp.com) microblogging සේවයේ සක්‍රිය සාමාජිකයින් ගණන දැන් වේගයෙන් අඩු වෙමින් තිබෙන බව, ඉන්දියාවේ Moneycontrol නම් ව්‍යාපාරික පුවත් සේවය පසුගිය දිනෙක වාර්තා කර තිබෙනව.

එම වාර්තාවට අනුව, 2023 ජනවාරි මාසයේදී මිලියන 4.1ක් ට්විටර් සේවයට තරගකාරීම වූ සක්‍රිය සාමාජිකයින් ගණන, පෙබරවාරි මාසයේදී මිලියන 3.5 දක්වා අඩුවී මාර්තු මාසයේදී මිලියන 3.2ක් දක්වා අඩුවී ගිහින්. එය දිගින් දිගටම පැවැත අප්‍රේල් මාසයේදී මිලියන 3.1 දක්වා අඩු වී තිබෙනව.

මීට වසරකට කලින් 2022 ජූලි මාසයේදී Koo app සේවයේ මාසික සක්‍රිය සාමාජිකයින් ගණන මිලියන 9.4 ක් වීමෙන්ම නිරන්තර අඩුවීම, බිඳ වැටීමක් බව පෙනෙනව. නිරන්තරයෙන් නවාංග එක් කරමින් දියුණු කරන්නක් නිසා, Koo app සේවයේ මෙම බිඳවැටීමට හේතු වෙන කාරණා මොනවාදැයි තවමත් පැහැදිලි නැහැ.

ට්විටර් සේවයට තරගකාරීම microblogging ඇප් එක වශයෙන් තවමත් සලකන්නේ ඉන්දියාවේ Koo app එකයි.  දැන් රටවල් 60 කට වඩා ක්‍රියාකාරීව සිටින නිසා, Koo app එක ලෝකයේ දෙවැනියට ජනප්‍රිය microblogging සේවයයි. එය දෙවැනි වෙන්නේ ට්විටර් සේවයට පමණයි. ගෙටර් (gettr.com), ටෲත් සෝෂල් (truthsocial.com), මැස්ටඩොන් (mastodon.social), යනාදී අනෙක් ලෝක ප්‍රකට සේවා තිබෙන්නේ කූඇප් සේවයට පසු පසින්.

Koo app එක, ක්‍රියාකාරීත්වය අතින් හරියටම ට්විටර් වගේමයි. එහි අයිඕඑස්, ඇන්ඩ්‍රොයිඩ් මෙන්ම ඩෙස්ක්ටොප් සංස්කරණද තිබෙනව. හිමිදිරියේ කුකුළා හඬලන කු කූ කු යන නාදය සිහි ගන්වමින් එලෙස උච්චාරණය කළ හැකි සේ, මෙම ඇප් එක Ku Koo Ku ලෙස මුලින්ම දියත් කළේ 2020 අගෝස්තු මාසයේදීයි.

එහි නිර්මාතෘවරුන් වෙන බැංගලෝරයේ Aprameya Radhakrishna සහ Mayank Bidawatka විසින් මෙය ඉන්දීය නව තාක්ෂණික නිමැවුම් තරගයකට ඉදිරිපත් කරන තිබෙනව. ඉන් ජය ලැබීමත් සමඟ ඇප් එක ප්‍රකටවීම ඇරඹී තිබෙනව. ඉන්පසුව ආයෝජකයින්ගේ උදව්වෙන් කූ සේවය දියුණු කරල තියනව. ඒ Bombinate Technologies නම් සමාගම පිහිටුවමින්. ඉන්දියාවේ කර්ණාටක ප්‍රාන්තයේ බැංගලුරු නුවර එහි මූලස්ථානය පිහිටුවා තිබෙනව. දැන් එම සමාගමේ වටිනාකම ඇමෙරිකානු ඩොලර් මිලියන 275ක්. මුලින්ම කන්නඩ බසින් පමණක් ක්‍රියාත්මකවූ මෙම ඇප් එක දැන් ඉංග්‍රීසි ද ඇතුළුව භාෂා සියයකින් ලොව පුරා ක්‍රියාත්මක කෙරෙනව.

පිට රටක සිට ක්‍රියාත්මක වෙන ට්විටර් සේවය වැනි සේවා ඔස්සේ සිය රට කටයුතුවලට අනවශ්‍ය බලපෑම් එල්ල වෙන බව ඉන්දීය ආණ්ඩුවට පක්ෂ දේශපාලනඥයින්ගේ අදහසයි. එබැවින් ඉන්දියාවේ සිට ක්‍රියාත්මක වෙන ස්වදේශීය මයික්‍රොබ්ලොගිං ඇප් එකක් ප්‍රකට කළ යුතු බවට තීන්දු කර තිබෙනව. දැන් ඉන්දීය රජයේ අනුග්‍රහය ලබා දෙමින් කූ ඇප් සේවය ප්‍රකට කරන්නේ එනිසා. එරට රජයේ ආයතන සියල්ලේදීම ට්විටර් වෙනුවට කූ ඇප් එක භාවිතා කරන ලෙස උපදෙස් දී තිබෙනව. එසේම ඉන්දීය දේශපාලනඥයින් ගණනාවක්ම ට්විටර් අත හැර කූ ඇප් එක ඔස්සේ සිය දේශපාලන වපාපාර මෙහෙයවනව.

Share
Written by
Pramuka Ramanayake

Technology is anything that wasn't around when you were born.

1 Comment

Leave a Reply

Related Articles

2026ට MSI සමාගමෙන් ගේන අලුත්ම උපාංග

Gaming වලින් සහ high-performance AI computing ලෝකයේ ප්‍රධාන නාමයක් වන MSI, 2026...

MSI සමාගමෙන් එන අලුත්ම gaming monitors

MSI සමාගම ඔවුන්ගේ අලුත්ම 32-inch 4K QD-OLED gaming monitor lineup එකට අලුතෙන්...

MSI සමාගමෙන් හදුන්වාදෙන නවතම PRO Max Series එක

2026 ජනවාරි 6 වෙනිදා MSI සමාගම නව PRO MAX Series එක හඳුන්වා...

යකෙක් වගෙ වැඩ ගන්න නවතම GeForce RTX™ 5090 32G LIGHTNING Z

Gaming වල real performance එක experience කරන්න නම් හොදම GPU එකක් තියෙන...