Contact Information

WhatsApp Us

Phone Usage එකෙන් හොයාගන්න පුළුවන් Depression

 - 
English
 - 
en
Sinhala
 - 
si
Tamil
 - 
ta

යම් පුද්ගලයෙකුගේ ස්මාට්ෆෝන් එක පරීක්ශා කර එම පුද්ගලයාට විශාදය එහෙමත් නැත්නම් ඩිප්‍රෙශන් වැළදී ඇත්දැයි සොයාගන්න පුලුවන්. මෙම ක්‍රමය සොයාගෙන තිබෙන්නෙ ඇමරිකාවේ Northwestern විශ්වවිද්‍යාලයේ පර්යේශකයන් කන්ඩායමක් විසින්.

ඔවුන් පවසන විදියට මෙම ක්‍රමයෙන් 87% පමන නිර්වද්‍යතාවයකින් රෝගය විනිශ්චය කරන්න පුලුවන්. සාමාන්‍යයෙන් Depression ඇති පුද්ගලයන් සමාජ ආශ්‍රය අඩු, වැඩියෙන් එකතැනක සිටින අයයි. ඒ වගේම ඔවුන් ඉක්මනින් කෝප වෙන අතර යහලු මිත්‍රයන් නුරුස්සන පිරිසකි. ඉතින් යම් අයෙක් මෙම හැසිරීම් පෙන්වන්නෙදැයි ජංගම දුරකතනය මගින් සොයාගන්න පුලුවන් විදියක් තමයි මෙම පර්යේශන කන්ඩායම විසින් සොයාගෙන තිබෙන්නෙ.

මෙහිදී ජංගම දුරකතනයෙන් සොයා බලන්නෙ එම පුද්ගලයාගෙ ගමන් විස්තර එනම්, ලොකේශන් ඩේටා සහ එම පුද්ගලයාගෙ social network හරහා කර තිබෙන වැඩ පිලිබදවයි. දුරකතනයෙ මැප් ඩේටා විමසා බැලීමෙන් එම දුරකතනය රැගෙන ගොස් ඇති තැන් පිලිබදව විස්තර දැනගන්න පුලුවන්. මැප් ඩේටා මගින් අසාමාන්‍ය ලෙස එක්තැන් වී සිටින අයෙකුගේ දත්ත රටාව හදුනාගැනීමට මෙම පර්යේශකයන් සමත් වෙලා තිබෙනව.

ඒවගේම සාමාන්‍ය දුරකතන බාවිතා කරන අයෙකුට වඩා විශාදය ඇති පුද්ගලයෙකු විශාල කාලයක් අලසව තම දුරකතනය බාවිතා කරන බව ඔවුන් සොයාගෙන තිබෙනව. සාමාන්‍යෙයෙන් විශාදය හදුනාගන්නෙ ප්‍රශ්නාවලියක් ඉදිරිපත් කිරීමෙන්. එම ප්‍රශ්න වලට එවෙලේම හෝ පසුව සිතබලා උත්තර දෙන්න පුලුවන්. නමුත් මෙම ක්‍රමයට බොහොමයක් දෙනා අකමැතියි. ඒ ඔවුන් ඔවුන්ට විශාදය වැළදී ඇතැයි පිළිගැනීමට අකමැති වීමයි. ඒ නිසා ඔවුන් බොහෝවිට වැරදි පිලිතුරු ඒ සදහා ලබාදෙනව. නමුත් මේ ක්‍රමය සදහා එම පුද්ගලයාගෙ සහබාගීත්වය අවශ්‍ය වෙන්නෙ නැහැ. ඒ වෙනුවට අවශ්‍ය වෙන්නෙ එම පුද්ගල‍යාගෙ ජංගම දුරකතනය පමනයි.

මේ සදහා ඇප් එකක් තැනීමටත් එම පර්යේශකයන් කන්ඩායම සූදානම් වී සිටිනව.

Share:

2 Comments

  • ගිමන් ජයසංක, July 17, 2023 @ 4:29 pm Reply

    ලංකාවේ ගොඩක් උන් විහින් විශාදය හදාගන්නව. අම්මල එලියට යන්න දෙන්නෙ නෑ. ගෙදරටම වෙලා ඉන්න ගියාම කොහොමත් හැදෙනව.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *