Home Tech News Explained Phone Usage එකෙන් හොයාගන්න පුළුවන් Depression
ExplainedPhonesTech News

Phone Usage එකෙන් හොයාගන්න පුළුවන් Depression

Share
blank
Share

යම් පුද්ගලයෙකුගේ ස්මාට්ෆෝන් එක පරීක්ශා කර එම පුද්ගලයාට විශාදය එහෙමත් නැත්නම් ඩිප්‍රෙශන් වැළදී ඇත්දැයි සොයාගන්න පුලුවන්. මෙම ක්‍රමය සොයාගෙන තිබෙන්නෙ ඇමරිකාවේ Northwestern විශ්වවිද්‍යාලයේ පර්යේශකයන් කන්ඩායමක් විසින්.

ඔවුන් පවසන විදියට මෙම ක්‍රමයෙන් 87% පමන නිර්වද්‍යතාවයකින් රෝගය විනිශ්චය කරන්න පුලුවන්. සාමාන්‍යයෙන් Depression ඇති පුද්ගලයන් සමාජ ආශ්‍රය අඩු, වැඩියෙන් එකතැනක සිටින අයයි. ඒ වගේම ඔවුන් ඉක්මනින් කෝප වෙන අතර යහලු මිත්‍රයන් නුරුස්සන පිරිසකි. ඉතින් යම් අයෙක් මෙම හැසිරීම් පෙන්වන්නෙදැයි ජංගම දුරකතනය මගින් සොයාගන්න පුලුවන් විදියක් තමයි මෙම පර්යේශන කන්ඩායම විසින් සොයාගෙන තිබෙන්නෙ.

මෙහිදී ජංගම දුරකතනයෙන් සොයා බලන්නෙ එම පුද්ගලයාගෙ ගමන් විස්තර එනම්, ලොකේශන් ඩේටා සහ එම පුද්ගලයාගෙ social network හරහා කර තිබෙන වැඩ පිලිබදවයි. දුරකතනයෙ මැප් ඩේටා විමසා බැලීමෙන් එම දුරකතනය රැගෙන ගොස් ඇති තැන් පිලිබදව විස්තර දැනගන්න පුලුවන්. මැප් ඩේටා මගින් අසාමාන්‍ය ලෙස එක්තැන් වී සිටින අයෙකුගේ දත්ත රටාව හදුනාගැනීමට මෙම පර්යේශකයන් සමත් වෙලා තිබෙනව.

ඒවගේම සාමාන්‍ය දුරකතන බාවිතා කරන අයෙකුට වඩා විශාදය ඇති පුද්ගලයෙකු විශාල කාලයක් අලසව තම දුරකතනය බාවිතා කරන බව ඔවුන් සොයාගෙන තිබෙනව. සාමාන්‍යෙයෙන් විශාදය හදුනාගන්නෙ ප්‍රශ්නාවලියක් ඉදිරිපත් කිරීමෙන්. එම ප්‍රශ්න වලට එවෙලේම හෝ පසුව සිතබලා උත්තර දෙන්න පුලුවන්. නමුත් මෙම ක්‍රමයට බොහොමයක් දෙනා අකමැතියි. ඒ ඔවුන් ඔවුන්ට විශාදය වැළදී ඇතැයි පිළිගැනීමට අකමැති වීමයි. ඒ නිසා ඔවුන් බොහෝවිට වැරදි පිලිතුරු ඒ සදහා ලබාදෙනව. නමුත් මේ ක්‍රමය සදහා එම පුද්ගලයාගෙ සහබාගීත්වය අවශ්‍ය වෙන්නෙ නැහැ. ඒ වෙනුවට අවශ්‍ය වෙන්නෙ එම පුද්ගල‍යාගෙ ජංගම දුරකතනය පමනයි.

මේ සදහා ඇප් එකක් තැනීමටත් එම පර්යේශකයන් කන්ඩායම සූදානම් වී සිටිනව.

Share
Written by
Pramuka Ramanayake

Technology is anything that wasn't around when you were born.

2 Comments

  • ලංකාවේ ගොඩක් උන් විහින් විශාදය හදාගන්නව. අම්මල එලියට යන්න දෙන්නෙ නෑ. ගෙදරටම වෙලා ඉන්න ගියාම කොහොමත් හැදෙනව.

Leave a Reply

Related Articles

2026ට MSI සමාගමෙන් ගේන අලුත්ම උපාංග

Gaming වලින් සහ high-performance AI computing ලෝකයේ ප්‍රධාන නාමයක් වන MSI, 2026...

MSI සමාගමෙන් එන අලුත්ම gaming monitors

MSI සමාගම ඔවුන්ගේ අලුත්ම 32-inch 4K QD-OLED gaming monitor lineup එකට අලුතෙන්...

MSI සමාගමෙන් හදුන්වාදෙන නවතම PRO Max Series එක

2026 ජනවාරි 6 වෙනිදා MSI සමාගම නව PRO MAX Series එක හඳුන්වා...

යකෙක් වගෙ වැඩ ගන්න නවතම GeForce RTX™ 5090 32G LIGHTNING Z

Gaming වල real performance එක experience කරන්න නම් හොදම GPU එකක් තියෙන...