Home Tech News Phones Mobile Gaming වලට iPhone 17 Pro
PhonesTech News

Mobile Gaming වලට iPhone 17 Pro

Share
blank
Share

Apple රසිකයන්ට අලුත්ම පුවතක් තියනවා. ඒ තමයි iPhone 17 Pro දැන් හොඳම gamers-friendly phone එකක් වෙලා. Apple සමාගමෙන් හදුන්වාදීලා තියෙන අලුත් විශේෂාංග නිසා, මේ 17 Pro model එකේ gaming experience එක ගොඩක් ඉහල ගිහින් තියනවා.

මේකේ කැපීපෙනෙන දේ තමයි “Active Thermal Cooling System” කියන එක. සරලව කිව්වොත්, phone එකෙන් වැඩි වාර ගණනක් gaming sessions වල යෙදෙනකොට හෝ heavy graphics apps run කරනකොට, phone එක හුඟාක් රත් වෙලා lag එකක් දැනෙනවා නේද? ඒක මේ Apple cooling system එකෙන් හරිගස්සනවා. iPhone 17 Pro දුරකතනයට දැන් ලොකු gaming sessions වලදීත් තත්පර කිහිපයකින් කූල් කරලා හොද performance එකක් දෙන්න පුළුවන්.

මොබයිල් ක්‍රීඩකයන් දැනටමත් කියනවා, “මේක iPhone එකක් නෙවෙයි, හොඳ portable gaming console එකක්” කියලා. High-refresh-rate display එක, A19 Bionic chip එක, දැන් cooling system එකත් එක්ක එකතු වෙලා, PUBG, Genshin Impact, COD Mobile වගේ heavy games ඉතාමත් හොදින් වැඩකරනවා.

Apple මේකෙන් ඉලක්ක කරගෙන තියෙන්නෙ gaming community එක. මොකද Android side එකේ ASUS ROG, Red-Magic වගේ gaming phones දැනටමත් ඒ අංශයෙන් ඉදිරියෙන් ඉන්නවා. දැන් iPhone 17 Pro ඒ පරිශීලකයන්ට තවත් තෝරාගැනීමක් ලබාදෙනවා.

Share
Written by
Pramuka Ramanayake

Technology is anything that wasn't around when you were born.

Leave a comment

Leave a Reply

Related Articles

2026ට MSI සමාගමෙන් ගේන අලුත්ම උපාංග

Gaming වලින් සහ high-performance AI computing ලෝකයේ ප්‍රධාන නාමයක් වන MSI, 2026...

MSI සමාගමෙන් එන අලුත්ම gaming monitors

MSI සමාගම ඔවුන්ගේ අලුත්ම 32-inch 4K QD-OLED gaming monitor lineup එකට අලුතෙන්...

MSI සමාගමෙන් හදුන්වාදෙන නවතම PRO Max Series එක

2026 ජනවාරි 6 වෙනිදා MSI සමාගම නව PRO MAX Series එක හඳුන්වා...

යකෙක් වගෙ වැඩ ගන්න නවතම GeForce RTX™ 5090 32G LIGHTNING Z

Gaming වල real performance එක experience කරන්න නම් හොදම GPU එකක් තියෙන...