Press ESC to close

Huawei Harmony OS එක තියෙන පළමු TV එක

Huawei Harmony OS එක ක්‍රියාත්මක වන පළමු product එක විදිහට Honor Vision Smart TV / Display එක වෙළදපලට නිකුත් කිරීමට නියමිතයි.

පසුගියදා පැවැත්වුනු Huawei Developer Conference එකේදි චීනයේ තාක්ෂණික / සන්නිවේදන දැවැන්තයෙකු වන Huawei සමාගම තමන්ගෙම All in one මෙහෙයුම් පද්ධතිය වන harmony OS එක නිකුත් කිරීම ගැන තොරතුරු හෙලිදරව් කලා.

Get Your Site Up with A2 Hosting

huawei සමාගමේ Honor සන්නාමය (brand) එක යටතේ නිකුත් කරන මෙම Smart Display / TV එක අගල් 55ක 4K තිරයක් සහිතයි. දෙපසින් සහ උඩින් Bezels නැති මෙම Honor Vision TV එක 400 nits දීප්තියක් සහිත සම්පූර්ණ sRGB වර්ණාවලිය පෙන්විය හැකි LED තිරයකින් සමන්විත වෙනවා.

ඒ වගේම අගල් 55ක 4K TV එකක් සාමානයෙන් $1200ක් (ලක්ෂ 2ක්*) පමණ  වන අතර මෙම Honor Vision TV එකේ මිල $679 (1 ලක්ෂ විසිදහසක්*) වැනි ආකර්ෂණීය පරාසයක පවතිනව.

*සදහන් වන මිළ ගණන් ලංකාවේ බදු සහ අනෙකුත් එක් කිරීම් වලින් තොරව සදහන් වේ

Harmony OS

මෙහි විශේෂතම අංගය ලෙස මේ Smart TV එකෙහි ඇති harmony OS එක සදහන් කලහැකි අතර එය අලංකාර ලෙස නිමවූ විශාල සහ පහසු රූප සහිත පරිශීලක අතුරු මුහුණතක් වෙනවා. මේ හරහා දැනට චීනයේ ඇති ජනප්‍රිය Streaming සේවාවන් ක්‍රියාත්මක කල හැකි අතර basic Internet සහ TV Functions ක්‍රියාත්මක කල හැකියි.

POP UP CAMERA

මෙම Honor Vision 4K TV එකෙහි ඇති තවත් විශේෂ අංගයක් වන්නේ අඩංගු කර ඇති Pop Up Cameraවයි. මෙය සාමාන්‍ය Video Calls සහ Selfie සදහා භාවිතා කල හැකි නමුත් harmony OS එක හරහා මේ වන විටත් Cameraව හරහා Motion Capturing වැනි අංග මෙයට එකතු කිරීමට චීන App Developers ල සමත් වී තිබෙනව.

Huawei Developer Conference එකේ පෙන්වපු  විදිහට 6 දෙනෙකුගේ Body Tracking කරන්න මේ හරහා පහසුවෙන් හැකියාව ලැබුන.

මේ අනුව දැනටමත් Huawei සමාගම තමන්ගේ Harmony OS එකෙහි Practical Applications ගැන සහ ඒ හරහා තම මෙහෙයුම් පද්ධතියට ලගාවිය හැකි සීමාවන් හදුනා ගැනීම ආරම්භ කරල. Motion සහ Facial Tracking වලට වගේම App developers ලට තවත් හැකියාවන් විශාල ප්‍රමාණයක් Harmony OS එකට එකතු කිරීමට ඉදිරියේදී හැකි වේවි.

Apple Like Inter Connectivity

Apple සමාගමේ ipod/ iPhone, TV, iPad, iMac වැනි උපාංග ඉතාමත් පහසුවෙන් එකිනෙකට සම්බන්ධ වෙන ආකාරයටම Huawei Harmony OS එක හරහා ක්‍රියාත්මක වන උපාංග එකිනෙකට සම්බන්ධ වීමේ පහසුකම දැනටමත් මේ TV එක හරහා සිදුකරන්න පුලුවන්.

Android Replacement

ඉදිරියේදී යම් ආකාරයකින් huawei සමාගමට Android තහනමක් පැනවුනහොත්, තමන්ගේ Harmony OS එක ඒ සදහා සූදානම් කරමින් පවතින බවත්, එවන් දෙයක් තමන් අපේක්ෂා නොකරන බවත් Huawei සමාගම සදහන් කරනව.

 

Pcguide

Founder of Pcguidelk - Tech writer, Youtuber and Social Media Tech Activist from Sri lanka.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *