Home Tech News DeepSeek දැන් Huawei දුරකතන වලත්
Tech News

DeepSeek දැන් Huawei දුරකතන වලත්

Share
blank
Share

චීනයේ නිර්මානය කරපු DeepSeek AI මේ දවස් වල  වැඩි කතාබහට ලක්වෙනවා. ඒකට හේතුව තමයි අනිත් AI model වල සමහර මිලදී ගැනීමේ සංස්කරණ වල තියන විශේෂාංග මේ DeepSeek AI නොමිලේ ලබාදෙන සංස්කරණයේ තියනවා.

ඉතින් දැන් Huawei සමාගම නිවේදනයක් නිකුත් කරමින් පවසල තිබුණෙ ඔවුන්ගෙ huawei දුරකතන වල තියන Celia assistant වැඩසටහන සමග DeepSeek R1 model එකත් සම්බන්ධ කර තිබෙන බවයි.

Huawei Harmony OS අලුත්ම සංස්කරණය තිබෙන දුරකතන වල Celia voice assistant වැඩසටහනත් එක්ක DeepSeek බාවිතා කිරීමෙ හැකියාව දැන් පරිශීලකයන්ට තිබෙනවා. මේ Deepseek වැඩසටහන එක්වීමත් එක්ක තවත් අමතර විශේෂාංග කිහිපයක් එක්වෙලා තිබෙනවා.

DeepSeek වැඩසටහන නිසා Celia වෙතින් වඩාත් විස්තරාත්මක පිලිතුරු ලබාගැනීමෙ හැකියාව ලැබෙනවා. මීට අමතරව code ලිවීමට, සමීකරණ විසඳන්න වගේම තවත් සංකීර්ණ කාර්යයන් කිහිපයක්ම කරන්න පුලුවන්.

Harmony OS එක නොමැති Huawei දුරකතන වලට මේ විශේෂාංග ලැබෙන බවට තවමත් නිශ්චිත තොරතුරක් නිකුත් වෙලා නැහැ.

Share
Written by
Pramuka Ramanayake

Technology is anything that wasn't around when you were born.

Leave a comment

Leave a Reply

Related Articles

Google Gboard නවීන AI විශේෂාංග

Google සමාගම Gboard keyboard එක සඳහා AI පදනම්වූ ලිවීමේ features කිහිපයක් නිල...

Samsung දුරකථනයෙන් ඇල්සයිමර් හඳුනාගැනීමට උපකාරයක්

Samsung සමාගම මෑතකදී නිවේදනය කළේ, ඉදිරියේදී එන Samsung දුරකථන සහ Galaxy Watch...

PC Manager එක්ක Storage Manage කරන්න දැන් ලේසි

ඔයාගේ PC එකේ storage එක Manage කරන්න දැන් ලේසිම ක්‍රමයක් තමයි PC...

Broadcom සහ OpenAI අතර AI චිප් ගනුදෙනුවක්

Broadcom සමාගම සහ OpenAI සමාගම අතර 2025 සැප්තැම්බර් මාසයේදී ආරම්භ කරන ලද...