Home Tech News DeepSeek දැන් Huawei දුරකතන වලත්
Tech News

DeepSeek දැන් Huawei දුරකතන වලත්

Share
blank
Share

චීනයේ නිර්මානය කරපු DeepSeek AI මේ දවස් වල  වැඩි කතාබහට ලක්වෙනවා. ඒකට හේතුව තමයි අනිත් AI model වල සමහර මිලදී ගැනීමේ සංස්කරණ වල තියන විශේෂාංග මේ DeepSeek AI නොමිලේ ලබාදෙන සංස්කරණයේ තියනවා.

ඉතින් දැන් Huawei සමාගම නිවේදනයක් නිකුත් කරමින් පවසල තිබුණෙ ඔවුන්ගෙ huawei දුරකතන වල තියන Celia assistant වැඩසටහන සමග DeepSeek R1 model එකත් සම්බන්ධ කර තිබෙන බවයි.

Huawei Harmony OS අලුත්ම සංස්කරණය තිබෙන දුරකතන වල Celia voice assistant වැඩසටහනත් එක්ක DeepSeek බාවිතා කිරීමෙ හැකියාව දැන් පරිශීලකයන්ට තිබෙනවා. මේ Deepseek වැඩසටහන එක්වීමත් එක්ක තවත් අමතර විශේෂාංග කිහිපයක් එක්වෙලා තිබෙනවා.

DeepSeek වැඩසටහන නිසා Celia වෙතින් වඩාත් විස්තරාත්මක පිලිතුරු ලබාගැනීමෙ හැකියාව ලැබෙනවා. මීට අමතරව code ලිවීමට, සමීකරණ විසඳන්න වගේම තවත් සංකීර්ණ කාර්යයන් කිහිපයක්ම කරන්න පුලුවන්.

Harmony OS එක නොමැති Huawei දුරකතන වලට මේ විශේෂාංග ලැබෙන බවට තවමත් නිශ්චිත තොරතුරක් නිකුත් වෙලා නැහැ.

Share
Written by
Pramuka Ramanayake

Technology is anything that wasn't around when you were born.

Leave a comment

Leave a Reply

Related Articles

2026ට MSI සමාගමෙන් ගේන අලුත්ම උපාංග

Gaming වලින් සහ high-performance AI computing ලෝකයේ ප්‍රධාන නාමයක් වන MSI, 2026...

MSI සමාගමෙන් එන අලුත්ම gaming monitors

MSI සමාගම ඔවුන්ගේ අලුත්ම 32-inch 4K QD-OLED gaming monitor lineup එකට අලුතෙන්...

MSI සමාගමෙන් හදුන්වාදෙන නවතම PRO Max Series එක

2026 ජනවාරි 6 වෙනිදා MSI සමාගම නව PRO MAX Series එක හඳුන්වා...

යකෙක් වගෙ වැඩ ගන්න නවතම GeForce RTX™ 5090 32G LIGHTNING Z

Gaming වල real performance එක experience කරන්න නම් හොදම GPU එකක් තියෙන...