
බ්‍රසීල රජය X සදහා පනවා ඇති තහනම ඉවත් කිරීමට අදාළ දඩ මුදල ක්‍රමයෙන් වැඩිවෙමින් පවතී ඒ අනුව එම දඩ මුදල තවත් ඩොලර් මිලියන 1.9 කින් පමණ වැඩී වී තිබෙන බව Reuters වාර්තා කරයි.විනිසුරු ඇලෙක්සැන්ඩ්‍රේ ඩී මොරායස් පවසන්නේ බ්‍රසීලයේ ප්‍රජාතන්ත්‍රවාදයට හානිවන වැරදි තොරතුරු පලකළ ගිණුම් අවහිර කිරීමට අපොහොසත්වීම සහ නීතියෙන් නියම කර ඇති පරිදි රටතුළ නීතිමය නියෝජිතයෙකු පත් නොකිරීම හෙතුවෙන් මෙලෙස X තහනම් කල බවයි.
තවද බ්‍රසීලියානු රජයේ නීතිවලට X එකග වූවද පසුව,අනෙකුත් ලතින් ඇමරිකානු පරිශීලකයින්ට සේවය කිරීම සදහා Cloudflare හි සේවාදායකයින්ට මාරුවීමට ගත් තීරණයත්, තහනම අතරතුර සමහර බ්‍රසීලියානු පරිශීලකයින්ට නොදැනුවත්වම ප්‍රවේශය යථාතත්වයට පත් කිරීමත් යන කරුණු හේතුනිසා මෙම තහනම එරට ශ්‍රේෂ්ඨාධිකරණයේ වැඩිදුර විමර්ශනයට තුඩු දී තිබේ.

Leave a Reply