Home Tech News Google Gboard නවීන AI විශේෂාංග
Tech News

Google Gboard නවීන AI විශේෂාංග

Share
blank
Share

Google සමාගම Gboard keyboard එක සඳහා AI පදනම්වූ ලිවීමේ features කිහිපයක් නිල වශයෙන් නිකුත් කර ඇත. මෙම AI Writing Tools භාවිතයෙන් පරිශීලකයන්ට ඔවුන් යවන පණිවිඩ නිවැරදි කිරීමට හෝ වෙනස් ආකාරයකින් ලිවීමට උදව් කරයි. මෙම විශේෂාංගය මුලින් Pixel දුරකථනවලට පමණක් සීමා වූ නමුත්, දැන් එය Pixel නොවන Android සියලු දුරකථනවලටද ලබා දෙමින් සිටී. පරිශීලකයන්ට Gboard හි Writing Tools buttonඑක ස්පර්ශ කිරීමෙන් කුඩා download එකක් සිදුකර මෙම සේවාව activate කර ගත හැකිය.

Google Gboard beta version එකෙ “flick to symbol” හෝ “flick keys” නමින් නව විශේෂාංගයක් පරීක්ෂා කරමින් සිටී. මෙම විශේෂාංගය සක්‍රීය කළ විට, පරිශීලකයන්ට keyඑකක් ස්පර්ශ කර පහළට ඇදීමෙන් එහි ඉඟි කරන ලද සංකේතයට ප්‍රවේශ වීමට හැකි වේ, මෙය iPad වල තිබෙන keyboard එකට සමාන වේ. එම භාව‍ිතය අනුව, “A” key එක මත flick කිරීමෙන් “@” සංකේතය ලබා ගත හැකි අතර, මෙය ඊමේල් හෝ password ඇතුළත් කිරීම් වල ඇති අවහිරතා අඩු කරයි. flick gesture භාවිතයට තරමක් කාලය ගත වන නමුත් පුරුදු වූ පසු එය ඉතා ප්‍රයෝජනවත් වේ.

මෙම flick keys විශේෂාංගය දැනට Gboard beta version එකෙ පමණක් දක්නට ලැබෙන අතර, beta version එකෙ “Password number row” වැනි වෙනත් විශේෂාංග ද ඇතුළත් වී ඇත, එහි දී password ඇතුළත් කරන වේලාවට පමණක් අංක keyboard එක ගතිකව පෙන්වීමට හැකිය. Beta පරිශීලකයින්ගෙ feedback මත පදනම්ව, Google විසින් මෙම විශේෂාංග වඩාත් ප්‍රයෝජනවත් සේවාවක් ලෙස ඉදිරි කාලයේදී සියලු පරිශීලකයන්ට ලබා දෙනු ඇතැයි අපේක්ෂා කිරීමට පුලුවනි.

Share
Written by
Nadun nethmalaka herath

I am an ICT student (after A/L) and a small YouTuber. I enjoy video editing and graphic designing. I have some knowledge about modern technology, and I know tips and tricks for laptops, desktops, and mobile phones. I hope to help you with my knowledge.

Leave a comment

Leave a Reply

Related Articles

2026ට MSI සමාගමෙන් ගේන අලුත්ම උපාංග

Gaming වලින් සහ high-performance AI computing ලෝකයේ ප්‍රධාන නාමයක් වන MSI, 2026...

MSI සමාගමෙන් එන අලුත්ම gaming monitors

MSI සමාගම ඔවුන්ගේ අලුත්ම 32-inch 4K QD-OLED gaming monitor lineup එකට අලුතෙන්...

MSI සමාගමෙන් හදුන්වාදෙන නවතම PRO Max Series එක

2026 ජනවාරි 6 වෙනිදා MSI සමාගම නව PRO MAX Series එක හඳුන්වා...

යකෙක් වගෙ වැඩ ගන්න නවතම GeForce RTX™ 5090 32G LIGHTNING Z

Gaming වල real performance එක experience කරන්න නම් හොදම GPU එකක් තියෙන...