Press ESC to close

ගොඩක් වටින Facebook

2021-06-21 සඳුදා දිනයේ Facebook ආයතනයේ වෙළඳපොල වටිනාකම ඇමරිකානු ඩොලර් ට්‍රිලියනයක් පසු කරා, හරියටම ට්‍රිලියන 1.008ක් වාර්තා කරමින්. මේ විදිහට ඇමරිකානු ඩොලර් ට්‍රිලියනයක වෙලඳපොළ වටිනාකමක් පසුකරපු පස්වෙනි සමාගම තමා Facebook. මීට කලින් Apple, Microsoft, Amazon, සහ Alphabet කියන සමාගම් හතරට මේක කරන්න පුළුවන් වෙලා තියනවා.

Facebook ආයතනයේ මෑතකදි කොටස් වල මිල සැලකිය යුතු විදිහට ඉහල ගියා, ඒකට හේතු උනේ ඇමරිකානු Federal Trade Commission එක Facebook එකට විරුද්ධව ගොනු කරල තිබ්බ ඒකාධිකාරය පිලිබඳ නඩුව සාක්ශි අවම වීම නිසා අධිකරණය විසින් ඉවත් කිරීමයි.

Get Your Site Up with A2 Hosting

Facebook ආයතනය මේ වෙද්දි විවිධ වෙනත් business වලටත් අවධානය යොමු කරල තියනවා. Instagram, Messenger, WhatsApp සහ Oculus ඒවගෙන සමහරක්. මේ විදිහට ඩොලර් ට්‍රිලියන‍යේ වටිනාකම පහු කරපු සමාගම් 5 අතරෙ Facebook ආයතනය තමයි 2000 ආරභයේදි පටන් ගත්තු එකම ආයතනය, අනිත් ආ‍යතන 4ම ඊට කලින් ආරම්භ කරපුවා.

Facebook ආයතනයට අමතරව Google ආයතනය අයිති වෙන Alphabet සමාගම ඩොලර් ට්‍රිලියන 1.67ක වටිනාකමකුත්, Amazon ආයතනය ඩොලර් ට්‍රිලියන 1.74කුත්, Microsoft ආයතනය ඩොලර් ට්‍රිලියන 2.02ක් සහ Apple සමාගම ඩොල‍ර් ට්‍රිලියන 2.25ක වටිනාකමකිනුත් සම්න්විත වෙනවා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *