Home Tech News මිනිසාට වඩා බුද්ධිමත් AI තාක්ශනය
Tech News

මිනිසාට වඩා බුද්ධිමත් AI තාක්ශනය

Share
blank
Share

දැන් භාවිතා කරන කෘත්‍රිම බුද්ධි තාක්ෂණික යෙඳුම් හුදෙක් තනි කාර්යයක්, ඉතා සියුම්ව ඉටු කිරීම වෙනුවෙන් සැකසූ වැඩසටහන්ය. එසේ නොව, මෙවැනි වැඩසටහන් හෙවත් ඇල්ගොරිදම ගණනාවක් එක් කර, ඒවා එකිනෙක හා සම්බන්ධවෙමින් එකවරම හෙවත් අනුගාමීව ක්‍රියාත්මක වෙන සේ සැකසූ විට, එය මිනිස් බුද්ධිය පරයා යනවා. එම අදහස, ඕපන් ඒඅයි සමාගමේ සම නිර්මාතෘ ඊස්‍රායෙල ජාතික ඉල්යා සට්ස්කෙවර්(Ilya Sutskever). එම අදහස සැබෑවක් බවට පත් කරනු පිණිස, ඔහු පසුගිය ජූනි 19 වැනිදා සේෆ් සුපඉන්ටෙලිජන්ස් යන නමින් සමාගමක් ආරම්භ කලා.

මෙම ව්‍යාපෘතිය හෙවත් සුපර් ඉන්ටෙලිජන්ස් සමාගම වෙනුවෙන් ආයෝජනය කරන්නන් හෝ එයට සම්බන්ධ වී වැඩ කරන තාක්ෂණඥයින් හෝ කවුරුන්ද යන්න එළි නොකළත්, ඉල්යා සට්ස්කෙවර් සිය සමාගමේ ආරම්භක නිවේදනයෙන් දක්වා තිබුණේ කෘත්‍රිම බුද්ධි තාක්ෂණ පර්යේෂණ ක්ෂේත්‍රයේ ප්‍රවීනයින් සමඟ වැඩ කිරීමට හේ සැලසුම් කර ඇති බවයි. මෙම සමාගමේ සම නිර්මාතෘවරුන් තවත් දෙදෙනෙක් සිටිනවා. ඇපල් සමාගමේ කෘත්‍රිම බුද්ධි තාක්ෂණ පිළිබඳව පර්යේෂණ කළ ඩැනියෙල් ග්‍රොස් එක් අයෙක්. ඕපන් ඒ අයි සමාගමේ වැඩ කළ ඩැනියෙල් ලෙවි අනෙකායි.

ඇමෙරිකාවේ ඕපන්ඒඅයි සමාගම, (openai.com) පසුගිය 2022 නොවැම්බර් මස 30 වැනිදා චැට් ජීපීටී (ChatGPT – Chat Generative Pre-trained Transformer) නම් චැට් බොට් වර්ගයේ කෘත්‍රිම බුද්ධි වැඩසටහන නිකුත් කළා. මෙම චැට්ජීපීටි යෙදවුම, තාක්ෂණික වශයෙන් හඳුන්වන්නේ, ස්වයං ප්‍රතිගාමී භාෂා ආකෘතියක් ලෙසයි. එහි භාවිතා කරන මූලික කෘත්‍රිම බුද්ධි ක්‍රමය, ඩීප් ලර්නිං (deep learning) නම් වෙනවා. එනම් මානව භාෂාවකින් ඉදිරිපත් කරන ප්‍රශ්නයක් තේරුම් ගෙන, මානව භාෂාවෙන්ම පිළිතුරු දෙන්නට තොරතුරු සොයා, ඒවා එකලස් කර ගන්නා පරිගණක වැඩසටහනකි. අනෙක් අතට චැට් ජීපීටී යනු, LLM – large language model මාදිලියටද අයත් වෙන කෘත්‍රිම බුද්ධි වැඩසටහනක්.

තවත් කෘත්‍රිම බුද්ධි වැඩ කරන ගමන්ම සාමාන්‍ය ස්වභාවික භාෂා හා සම්බන්ධ කටයුතු එමඟින් කළ හැකිවීම, එහි විශේෂත්වයයි. එනම්, යම් දත්ත ගබඩාවකින් තොරතුරක් සොයනා ගමන්ම වුවත්, ස්වභාවික භාෂාවකින් ලියා ඇති වාක්‍ය ඛණ්ඩ හඳුනා ගත හැකි වීමයි. දත්ත ගබඩාවෙන් සොයාගත් දත්ත උපයෝගී කර ගෙන අලුත් වාක්‍ය ඛණ්ඩ ජනනය කළ හැකිවීමයි.

මෙසේ දැනට ඇති තාක්ෂණ සියල්ලම වාගේ විමසමින් ඊට එහා ගිය කෘත්‍රිම බුද්ධි තාක්ෂණයක් නිර්මාණය කිරීම සේෆ් සුපර් ඉන්ටෙලිජන්ස් සමාගමේ අරමුණයි. මිනිස් බුද්ධිය ඉක්මවා යන තරම් බලසම්පන්නවීම එම ඇල්ගොරිදමයේ තිබිය යුතු අනිවාර්ය ගති ලක්ෂණයක්.

යම් පරිගණක වැඩසටහනක් මිනිස් බුද්ධිය ඉක්මවා යන තැනට දියුණු කළ විට එය පාරා-වලල්ලක් සේ නැවතත් මිනිස් සංහතියට විනාශකාරීව බලපාන්නට පුළුවන්. එහෙත් දැන් සකසන්නට යන වැඩසටහන එසේ නොවෙන ආරක්ෂිත එකක් බවට සේෆ් සුපර් ඉන්ටෙලිජන්ස් සමාගමේ නිර්මාතෘ ඉල්යා සට්ස්කෙවර් සහතික වෙනවා. එම වැඩසටහනත් සේෆ් සුපර්ඉන්ටෙලිජන්ස් යනුවෙන් හඳුන්වන්නේ එබැවිනි. ආරක්ෂිත සුපිරි ඥානය යනු එහි සරල සිංහල අර්ථයයි.

Share
Written by
Pramuka Ramanayake

Technology is anything that wasn't around when you were born.

Leave a comment

Leave a Reply

Related Articles

2026ට MSI සමාගමෙන් ගේන අලුත්ම උපාංග

Gaming වලින් සහ high-performance AI computing ලෝකයේ ප්‍රධාන නාමයක් වන MSI, 2026...

MSI සමාගමෙන් එන අලුත්ම gaming monitors

MSI සමාගම ඔවුන්ගේ අලුත්ම 32-inch 4K QD-OLED gaming monitor lineup එකට අලුතෙන්...

MSI සමාගමෙන් හදුන්වාදෙන නවතම PRO Max Series එක

2026 ජනවාරි 6 වෙනිදා MSI සමාගම නව PRO MAX Series එක හඳුන්වා...

යකෙක් වගෙ වැඩ ගන්න නවතම GeForce RTX™ 5090 32G LIGHTNING Z

Gaming වල real performance එක experience කරන්න නම් හොදම GPU එකක් තියෙන...