Home Tech News Explained චීනයේ ලෝක ව්‍යාප්ත Beidou – Sattelite Navigateion Network එක
ExplainedInternetTech News

චීනයේ ලෝක ව්‍යාප්ත Beidou – Sattelite Navigateion Network එක

Share
blank
Share

චීනය විසින් ඔවුන්ගේම සැටලයිට් නැවිගේශන් පද්ධතියක් තැනීම ආරම්බ කලේ 2000 වර්ශයේ ඉදන්. එහිදී ඔවුන් චන්ද්‍රිකා තුනක් කක්ෂගත කරා. ඉන්පසු වසර 20 තිස්සෙ දියුනු කරගෙන පැමිනි ඔවුන්ගේ සැටලයිට් ජාලයේ 35 වන හෙවත් අවසන් චන්ද්‍රිකාව 2020දි කක්ශගත කරා. එතැන් පටන් දියුනු කරපු මෙය දැන් එහි තාක්ශනය අතින් උපරිම තැනට පැමින සිටිනව.

මෙය BeiDou satellite navigation system ලෙසයි හදුන්වන්නෙ. මෙම පද්ධතිය යුදමය කටයුතු සහ පාරවල් සොයාගැනීම වැනි සිවිල් කටයුතු සදහා යොදාගන්නව. එසේම එම සේවය ඔවුන් වෙනත් රටවල් වලට මුදලට විකුනනව. නවතම වාර්තා වලට අනුව ඔවුන්ගේ සේවය දැනට බිලියනයකට අධික පිරිසක් බාවිතා කරනව.

මේ වගේ හොදින්ම ක්‍රියාත්මක වෙන තවත් සැටලයිට් පද්ධති තුනක් ලොව තිබෙනව. ඒ තමයි ඇමරිකාවෙ GPS, රුසියාවේ GLONASS සහ යුරෝපා සංගමයට අයත් Galeilio. ඇමරිකාවේ GPS චන්ද්‍රිකා ජාලයෙ දැනට චන්ද්‍රිකා 31 තිබෙනව. ඉන් 24 සෑම විටම ක්‍රියාත්මකව පවතිනව. ඉතුරු 7 ඇත්තෙ ක්‍රියාත්මක වන චන්ද්‍රිකාවක් දෝශ සහිත වුනොත් ඒ සදහා යෙදවීමටයි.

ඒවගේම රුසියාවේ ග්ලොස්නොස් සේවයේත් චන්ද්‍රිකා 31 ඇති අතර එහිද 24 නිතර ක්‍රියාත්මක වෙන අතර 4ක් අමතර ඒවා ලෙසත් 2ක් නඩත්තු සදහාත් වෙන් කර තිබෙනව. ගැලිලියෝ ජාලයේත් මේ ආකාරයෙන්ම චන්ද්‍රිකා තිබෙනව.

චීනයෙන් පවසන ආකාරයට ඔවුන්ගේ චන්ද්‍රිකා පද්ධතිය මගින් පොලොව මත ඕනෑම තැනක සිටින පුද්ගලයෙකුගේ පිහිටීම සෙන්ටිමීටර් 10 දක්වා නිවැරදිව පවසන්න පුලුවන්.

මෙවැනි සැටලයිට් නැවිගේශන් පද්ධති අතරින් පලමුවැනි සහ වඩාත් ජනප්‍රිය සේවය ලෙස සැලකෙන්නෙ මුලු ලොවටම නොමිලේ බාවිතා කලහැකි ලෙස තිබෙන GPS ජාලයයි. මෙවැනි කුමන හෝ සැටලයිට් පද්ධතියක් සැකසෙන්නෙ පොලොවට ඉහලින් නිශ්චිත කක්ශයක පොලොව වටා ගමන් ගන්නා චන්ද්‍රිකා සමූහයක් මගින්. එම චන්ද්‍රිකා වලින් ලබාගන්න රූප පොළොවේ ඇති පාලන මධ්‍යස්තාන වලට එවන අතර එහිදි මහජනතාවට නිකුත් කරන ඒවාගෙන් රහස් තොරතුරු වෙන්කර ඉදිරිපත් කරනු ලබනව.

Share
Written by
Pramuka Ramanayake

Technology is anything that wasn't around when you were born.

Leave a comment

Leave a Reply

Related Articles

2026ට MSI සමාගමෙන් ගේන අලුත්ම උපාංග

Gaming වලින් සහ high-performance AI computing ලෝකයේ ප්‍රධාන නාමයක් වන MSI, 2026...

MSI සමාගමෙන් එන අලුත්ම gaming monitors

MSI සමාගම ඔවුන්ගේ අලුත්ම 32-inch 4K QD-OLED gaming monitor lineup එකට අලුතෙන්...

MSI සමාගමෙන් හදුන්වාදෙන නවතම PRO Max Series එක

2026 ජනවාරි 6 වෙනිදා MSI සමාගම නව PRO MAX Series එක හඳුන්වා...

යකෙක් වගෙ වැඩ ගන්න නවතම GeForce RTX™ 5090 32G LIGHTNING Z

Gaming වල real performance එක experience කරන්න නම් හොදම GPU එකක් තියෙන...