Home Games ඩොලර් මිලියන 32ක් දිනන්න පුළුවන් DOTA 2 International 9 – 2019
GamesTech News

ඩොලර් මිලියන 32ක් දිනන්න පුළුවන් DOTA 2 International 9 – 2019

Share
blank
Share

ලෝකයේ මෑතකදි ජනප්‍රිය වෙන්න පටන් ගත්ත e Sports තරග සමග 2019 DOTA Tournament එක මෙතෙක් ඉතිහාසයේ e Sports title එකක් වෙනුවෙන් ප්‍රධානය කරන වැඩිම තරග මුදල විදිහට වාර්ථා වලට එක්වෙන්න විශාල හැකියාවක් තියෙනව.

ලෝකෙ ලොකුම ත්‍යග මුදලක් දෙන E sport Tournament එක ගැන තමයි මේ කියන්න යන්නෙ, පසු ගිය වසරෙ මේ විශාලතම e sports තරග මුදලට හිමිකම් කිව්වෙ League of Legends International Tournament එකයි. 2019 වසරේ e sports Tournament එකකදි ලබාදෙන විශාලතම ත්‍යාග මුදල අපි කවුරුත් දන්න Dota 2 කියන පරිගණක ක්‍රීඩාව තමයි ලබාදෙන්න යන්නෙ. ඒ විතරක් නෙමෙයි මේ Tournament එකෙන් ලෝකයේ සෑම රටකින්ම තෝරාගැනීමෙ තරග ඔවුන් සංවිදානය කරනව Online ඒ ඒ රටවල් සදහා එමගින් තෝරගන්න කන්ඩායම් 18ක් අවසානයේ ත්‍යාග මුදල සහ සම්මානය ලබාගැනීමට තරග වදිනව.

වර්තමානය වනවිට ලෝකයෙ පවත්වන සෑම E sports තරගයකින්ම (ලංකාවද ඇතුලත්ව) දිනන කන්ඩායමට හෝ දිනන පුද්ගලයාට ඉතා වටිනා මුදල් ත්‍යාග පරිගණක උපාංග ආදී දේවල් පිරිනමනව. ඉතින් මේ ත්‍යාග වටිනාකම් එකින් එකට වෙනස් වෙනව කන්ඩායම් වශයෙන් නම් ඒ ඒ game එකෙන් game එකට ඒ වගේම Game Mode එක්ට game එකේ තියෙන අමාරු හෝ ලේසි තත්වය අනුව, සමහර E sports tournament තියෙනව මේ Tournament සංවිදායකයො කරන්නෙ මේ Tournament එකේ ජයග්‍රහකයන් සදහා ත්‍යාග්‍ මුදල් තීරනය කරන්නෙ තීරනය වෙන්නෙ ඒ ඒ Tournament එක බලන්න එන අය අනුව එහෙමත් නැත්නම් ඒ E sport එක සෙල්ලම් කරන අය අනුව.

ඉතින් මේ Tournament එකෙ දිනන හා සහභාගි වන අවසන් කන්ඩායම් 18 සදහා ලැබෙන සම්පූර්න්‍ ත්‍යාග මුදල මෙම වසරේදී එනම 2019 දී පැවැත්වෙන තරගාවලියේදී ලබෙන මුදල වශයෙන් දැනට සදහන් කර ඇත්තෙ ඇමරිකානු ඩොලර් මිලියන් 32+ ( $32M) වශයෙන්. මෙය තවත් ඉහල යා හැකි බවට තරගය සංවිදානය කරන Valve සමාගම අදහස් පලකරනව. ඒ වගේම මෙවර මේ තරගාවලිය පැවැත් වෙන්නෙ චීනයේ ශැන්හයි නුවර Mercedes-Benz Arena හිදි, ඒ වගේම මේ අවසන් 18 දෙනාට තේරෙන කන්ඩායම් සදහා සියලු පහසුකම් සහිතව චීනය බලා ගමන් කිරිමට අවස්වථාක් ලැබෙන අතර එහිදි විශාල වේදිකාවක ප්‍රතිවාදී කන්ඩායම් සමග තරග වැදීමට අවස්තාව හිමි වෙනව, මේ කන්ඩායම් සදහා සහයෝගය පලකිරීමට ලෝකයේ නන්දෙසින් පැමිනෙන ක්‍රීඩා ලෝලීන් දහස් ගනනක් මේ ස්තානය වෙත එක්‍ රොක් වෙනව,මෙවර 2019 අගෝස්තු මස 20 දින් සිට 2019 අගෝස්තු මස 25 දක්වා  දින 5ක් පුරාවට මෙම තරගාවලිය පැවැත් වෙන අතර ඒ සදහා සමාරම්භක උලෙලක් සහ සමාප්ති උළෙලක්ද ඇතුලත්‍ වෙනව.

තරගාවලිය ගැන තවත් විස්තර ටිකක් මන් කෙටියෙන් කියන්නම්. ජයග්‍රහනය කරන කන්ඩායම් සදහා ත්‍යාග මුදල බෙදීයන ආකාරය මන් පහතින් සදහන් කරන්නම්.

මේ තරගාවලියේ සියලුම  තරග චීනයේ ඉන්දුනීසියාවෙ පිලිපීනයේ යුක්‍රේනයේ , රුසියාවෙ යුරෝපයේ සහ ඇමෙරිකාවෙ මාද්‍ය නාලිකාවල දවස පුරා විකාශනය කෙරෙනව ඊට අමතරව අන්තර්ජාලයෙ Youtube, Facebook , Twitch , Instagram යන් වෙබ් අඩවි වල සජීවීව විකාශනය කිරීමට Valve සමාගම කටයුතු යොදා තිබෙනව.

Share
Written by
Lakshan-PCguide.lk

තාක්ෂණික ලිපිවලින් දායකත්වය ලබාදෙන ලක්ෂාන්, Gaming ගැන හොද අත්දැකීම් සහ දැනීමක් තිබෙන සාමාජිකයෙක්.

Leave a comment

Leave a Reply

Related Articles

2026ට MSI සමාගමෙන් ගේන අලුත්ම උපාංග

Gaming වලින් සහ high-performance AI computing ලෝකයේ ප්‍රධාන නාමයක් වන MSI, 2026...

MSI සමාගමෙන් එන අලුත්ම gaming monitors

MSI සමාගම ඔවුන්ගේ අලුත්ම 32-inch 4K QD-OLED gaming monitor lineup එකට අලුතෙන්...

MSI සමාගමෙන් හදුන්වාදෙන නවතම PRO Max Series එක

2026 ජනවාරි 6 වෙනිදා MSI සමාගම නව PRO MAX Series එක හඳුන්වා...

යකෙක් වගෙ වැඩ ගන්න නවතම GeForce RTX™ 5090 32G LIGHTNING Z

Gaming වල real performance එක experience කරන්න නම් හොදම GPU එකක් තියෙන...