Samsung S25 දුරකතනය නිකුත් වීමත් එක්ක දැනගන්න ලැබෙන තවත් තොරතුරක් තමයි Google සමාගමෙන් Android 15 එක්ක ඔවුන්ගෙ Pixel දුරකතන වලට නිකුත් කරපු Identity check විශේෂාංගය Samsung දුරකතන වලටත් ලබාදෙන බවයි.
Identity check කියන්නෙ ජංගම දුරකතනයෙ ආරක්ශාවට තියන තවත් එක විශේෂාංගයක්. මේකෙන් වෙන්නෙ අපෙ දුරකතනය නැති උනොත් හරි වෙනත් අයෙක් සොරකම් කලොත් හරි අපේ දත්ත ආරක්ෂා කරගන්න පුලුවන් වෙනවා. මේ සඳහා biometric භාවිතා කරනවා වගේම අපෙ අනන්‍යතාව තහවුරු කරනකන් දුරකතනයෙ තියන දත්ත කිසිවක් භාවිතා කරන්න දෙන්නෙ නැහැ.
Google සමාගමෙන් මේ identity check විශේෂාංගය One UI 7 සමග පැමිනෙනවා කියල තහවුරු කර තිබෙනවා. දැනට S25 දුරකතන වලට මෙය ලබාදීලා තියනවා. ඒවගේම ඉදිරියෙදි S24 දුරකතන වලටත් මේ අප්ඩේට් එක ලැබෙනවා. ඒත් අනික් Samsung දුරකතන මාදිළි ගැන Google සමාගමෙන් විස්තර එලිදක්වලා නැහැ.
Samsung සමාගම පවසන විදියට One UI 7 මේ වනවිට S25 දුරකතන වල වගේම ඉක්මනින්ම S24 දුරකතන වලටත් ලබාදෙනවා. ඒවගේම මාර්තු අවසාන වෙනකොට සියලුම S series එකෙ දුරකතන වලට One UI 7 අප්ඩේට් එක ලබාදෙනවා. ඒ අතරෙදි අනෙක් මොඩ්ල්ස් වන Flip, Foldable, A, M සහ F series වල දුරකතන වලට අප්ඩේට් එක ලැබේවි.














Leave a comment