Home Tech News Explained Windows phone අතීතය
ExplainedPhonesTech News

Windows phone අතීතය

Share
Share

Windows mobile operating system මුලින්ම එලිදැක්වෙන්නෙ වර්ෂ 2000 දි pocketPC 2000 (Windows CE) විදිහට. ආයෙත් 2003 දි Windows mobile විදිහට නම වෙනස් වෙන මේ mobile OS එක තමයි 2007 වෙනකොට ඇමරිකාවෙ ජනප්‍රියම smartphone OS එක
වෙන්නෙ. හැබැයි 2007න් පස්සෙ Android සහ iOS mobile OS වල ජනප්‍රියතාවයත් එක්ක පහළට යන Windows mobile 2010 දි මේ තරගයට මූණ දෙන්න Windows phone විදිහට නව මුහුනුවරකින් ආරම්භ වෙනව.

Windows phone 7 විදිහට නිකුත් වෙච්ච මේ OS එකත් එක්ක අලුත් අංග එකතු උනත් මේ අලුත් reboot එක තිබුනෙ අවුරුදු 2ක් විතරයි. 20012 දි ආයෙමත් microsoft සමාගම Windows phone 8 නිකුත් කරා. මේක Windows phone 7 වලට upgrade එකක් විදිහට ලැබුනෙ නැත්තෙ අලුත් OS එකේ features වලට අලුත් phone hardware ඕන වෙන නිසා කියලයි Microsoft සමාගම කිව්වෙ.

Windows phone 8 එකට තවත් අංග ගනනාවක්ම එකතු වෙලා windows phone 8.1 update එකකුත් නිකුත් උනා. Windows hone 8.1 එකේදි තමයි cortana / internet explorer / notification center වගේ අංග එකතු උනේ.

හැබැයි windows mobile 8 එකටත් වැඩි කාලයක් පවතින්න ලැබුනෙ නැහැ. ඒ Windows 10 OS එකත් එක්ක microsoft සමාගම තමන්ගෙ Windows මෙහෙයුම් පද්ධතියෙ හැම version එකක්ම එකම windows core technologies පාවිච්චි කරන විදිහට හදන්න පටන් ගත්ත නිසා. මේ නිසා Windows 10 mobile OS එක අලුතින් නිකුත් උනා.

මේ විදිහට Windows mobile OS එක කෙටි කාල ඇතුලත විශාල වෙනස් කම් වෙච්ච නිසා වගේම Android සහ iOS එක්ක සංසන්දනය කරද්දි Windows mobile පාවිච්චි කරන්නෙ ඉතා සුලු පිරිසක් වීමත් තමයි මේ App අඩු වෙන්න ප්‍රධාන හේතුව.

Windows 10 Mobile එකත් එක්ක නිකුත් කරපු Continuum කියන අංගය හරහා smart phone එක monitor සහ keyboard එක්ක සම්බන්ධ කරල PC එකක් විදිහට පාවිච්චි කරන්න පුලුවන් වීම වගේ ඉතාමත් වැදගත් අංග තිබුනත් microsoft සමාගම මේ හැම අවස්තාවක්ම මගහැරගත්ත කියලයි මත පලවෙන්නෙ.

 

Share
Written by
Priydarshana

Founder of Pcguidelk - Tech writer, Youtuber and Social Media Tech Activist from Sri lanka.

1 Comment

  • ඒ කියන්නෙ මුල ඉදන්ම හරියට පවත්වගෙන ඇවිල්ල නැහැ. කාලෙන් කාලෙට මාරු වෙවී ගිහින් තියෙන්නෙ. අපේ රටේ රජය වගේද මන්ද…

Leave a Reply to Dilshan nawarathneCancel reply

Related Articles

2026ට MSI සමාගමෙන් ගේන අලුත්ම උපාංග

Gaming වලින් සහ high-performance AI computing ලෝකයේ ප්‍රධාන නාමයක් වන MSI, 2026...

MSI සමාගමෙන් එන අලුත්ම gaming monitors

MSI සමාගම ඔවුන්ගේ අලුත්ම 32-inch 4K QD-OLED gaming monitor lineup එකට අලුතෙන්...

MSI සමාගමෙන් හදුන්වාදෙන නවතම PRO Max Series එක

2026 ජනවාරි 6 වෙනිදා MSI සමාගම නව PRO MAX Series එක හඳුන්වා...

යකෙක් වගෙ වැඩ ගන්න නවතම GeForce RTX™ 5090 32G LIGHTNING Z

Gaming වල real performance එක experience කරන්න නම් හොදම GPU එකක් තියෙන...