Contact Information

WhatsApp Us

සීගිරි මාළිගාව කලාත්මක ඇසින් හදමු

 - 
English
 - 
en
Sinhala
 - 
si
Tamil
 - 
ta

මේ Tutorial එකට අවශ්‍ය File ටික මෙතනින් Download කරගන්න.

අපේ Site එක හොදට වැඩකරන රහස A2 Hosting

[wpdm_package id=’1881′]

  1. 1 රූපය එක සිලෙක්ට් කිරීම

  1. ඉහත පින්තුරය පොටෝෂොප් තුළ විවෘත කර ගන්න. File > Open දැන් 1රූපයේ දැක්වෙන පරිදි පෙන් ටූල් (Pen Tool) හෝ ඔබට පහසු සිලෙක්ෂන් ටූලයක් ආධාරයෙන් 1 රූපයෙහි හි ඇති මාලිගාව හා පහළ කොටස සිලෙක්ට් කර ගන්න.[Image 01]
    1. සිලෙක්ෂන් එක දැමීම සඳහා පෙන් ටූලය (Pen Tool) භාවිත කළේ නම් එහි ඇඳෙන්නේ පාත් එකකි (Path). එම පාත් එක සිලෙක්ෂන් එකක් බවට කිරීම සඳහා පෙන් ටූලය සක්‍රීයව තිබිය දී Right Click කරන්න. මතු වන මෙනුවේ Make Selection… යන්න තෝරන්න. ඉන්පසු මතුවන සංවාද කොටුවේ Feather Radius යටතේ 0 ක් ලබා දෙන්න. එමගින් දාරය සුමට වේ. ඉන්පසු ලේයර් පැලටයේ පහළ ඇති Add Mask බටන් එක ක්ලික් කරන්න.

    1. කැන්වසය විශාල කිරීම

    Crop Tool ගෙන උඩින් හා පහලින් අවශ්‍ය ප්‍රමාණයට ක්ලික් කර අදින්න.

    1. 2 රූපය ලේයර් එක සිලෙක්ට් කිරීම

    2 රූපය පොටෝෂොප් තුළ විවෘත කර ගන්න. File > Place… මෙහි අපට අවශ්‍ය වන්නේ සිගිරිය ගල කොටස හා පහළින් ඇති කොටසයි. එම නිසා අහස දැක්වෙන කොටස කපා ඉවත් කිරීම ඉතා පහසු කටයුත්තකි. ඒ සඳහා Quick Selection Tool (W) සක්‍රිය කරගන්න.

    1. දැන් බ්‍රෂ් සයිස් එක 50 පමණ ගෙන අහස කොටස සිලෙක්ට් කරන්න.

    1. ඉන් පසු Layer > Layer Mask > Hide Selection හෝ ලේයර් පැලට් එකේ ඇති Add Vector Mask ක්ලික් කරන්න.

    1. Layer > Layer Mask > Hide Selection විධානය ලබා දීම මගින් සිලෙක්ට් කර ගත් අහස කොටස පමණක් මැකී යයි. නමුත් Add Vector Mask මගින් මැකී යන්නේ අහස නොව ඊට පහළ කොටසයි.

    1. මෙහි අහස මකා දැමීම සඳහා මෙහි ප්‍රතිවිරුද්ධ අගය ලබා දිය යුතුයි. ඒ සඳහා Image > Adjustment > Inverts යන විධානය ලබා දෙන්න. දැන් අහස කොටස මැකී යනු ඇත. දැන් එය ලේයර් පැලට් එකේ පහළටම ගෙන එන්න. ඉන්පසු අවශ්‍ය ප්‍රමාණයට විශාල කර ගන්න.

    1. 3 රූපය සැඟවීම

    3 රූපය පොටෝෂොප් තුළට විවෘත කර ගන්න. File > Place… එම රූපය ලේයර් පලටයේ ඉහළටම ගෙන අවශ්‍ය ප්‍රමාණයට විශාල කර ගන්න.

    1. දැන් Gradient Tool (G) සක්‍රීය කර ගන්න. ලේයර් පැලට් වෙත යන්න එහි පහළ ඇති Add Vector Mask මත ක්ලික් කරන්න (1). මතක ඇතුව 3 රුපය ලේයර් පැලට් මත සිලෙක්ට් කර ඇද්දැයි බලන්න (2).

    1. Background Color සුදු පාටත් Foreground Color කළු පාටත් ලෙස සකසා ගන්න. නැතිනම් යතුරු පුවරුවේ (Keyboard) D අකුර ඔබන්න (Press කරන්න).දැන් Background Color කළු පාටත් Foreground Color සුදු පාටත් ලෙස වෙනස් වේ. ඉන් පසු යතුරු පුවරුවේ X අකුර එබීමෙන් Background Color හා Foreground Color මාරු කර ගත හැකිය. නැතිනම් Switch to Foreground and Background Color මත ක්ලික් කරන්න.

    1. දැන් 3 රූපයට මාස්ක් එක එකතු වී ඇත. මාස්ක් එක මත ක්ලික් කර 3 රූපය මත ඉහළ සිට පහළට Gradient එක දමන්න. එය කිහිප වරක් එක් කරමින් අවශ්‍ය ප්‍රමාණයට Gradient එක එක් කරන්න. දැන් 3 රූපය ඉහළ සිට පහළට ක්‍රමයෙන් නොපෙනී ගොස් අවශ්‍ය ප්‍රමාණය පමණක් ඉතිරි වේ.

    1. අනවශ්‍ය කොටස් මැකීම සඳහා Brush Tool සක්‍රීය කර දාරය සුමට බ්‍රෂ් එකක් සාදා ගෙන අනවශ්‍ය කොටස් මත බ්‍රෂ් කරන්න. මතක ඇතුව ඉහත සඳහන් කළ ආකාරයට Background Color හා Foreground Color පිහිටිය යුතුය. මෙසේ බ්‍රෂ් කරන විට අවශ්‍ය කොටස් මැකී ගියේ නම් Background Color හා Foreground Color වෙනස් කර ඒ මත නැවත බ්‍රෂ් කරන්න.

    (ලේයර් මාස්ක් වල කළු පාටින් මැකීමත් සුදු පාටින් පිරවීමත් සිදු වේ.). බ්‍රෂ් එක ලොකු කුඩා කරගනිමින් ඒ මත බ්‍රෂ් කරන්නට ඔබට කිසිම තහනමක් නැත.

    1. පියවර (අහස එක් කිරීම)

    4 වන රූපය පොටෝෂොප් තුළට විවෘත කර ගන්න (1). File > Place… එය අවශ්‍ය ප්‍රමාණයට විශාල කර ලේයර් පැලට් එකේ යටින්ම තබා ගන්න (2).

    1. පියවර (දිය ඇලි එක් කිරීම)

    5 වන රූපය පොටෝෂොප් මත විවෘත කර ගන්න. ඒ සඳහා File > Open විධානය භාවිත කරන්න. එවිට එය විවෘත වන්නේ වෙනමම කැන්වස් එකකයි. ඔබට කැමති  Lasso Tool එකක් භාවිතා කරමින් දිය ඇල්ල සිලෙක්ට් කර ගන්න.

    1. දැන් Edit > Copy විධානය මගින් එය කොපි කර ගන්න. නැවත පෙර කන්වසයට පැමිණ Edit > Paste විධානය මගින් එය පිටපත් කරන්න. දැන් එයට ලේයර් මාස්ක් එකක් එකතු කරන්න. ඒ සඳහා ලේයර් පැලට් හි ඇති Add Vector Mask බටන් එක ක්ලික් කරන්න.

    1. දාරය සුමට වූ බ්‍රෂ් එකක් සකස් කර ගන්න.Background Color සුදු පාටත් Foreground Color කළු පාටත් ලෙස සකසා දිය ඇල්ලේ දාරය මත බ්‍රෂ් කරන්න. දැන් Edit > Free Transform හෝ Ctrl + T මගින් ට්‍රාන්ස්ෆෝම් ඉනේබල් කරගෙන දිය ඇල්ල අවශ්‍ය ප්‍රමාණයට සකසා 2 රුපයේ (සීගිරියේ) මත සුදුසු ස්ථානයක් මත තබා ගන්න.

    1. බ්‍රෂ් ටූලය සක්‍රිය කර ඉහත අවස්ථාවේ පරිදි දිය ඇල්ලේ පහල අනවශ්‍ය කොටස් මකා දමන්න.

    1. දැන් එම දිය ඇල්ලේ පිටපතක් ලේයර් පැලට් එක මත ලබා ගන්න. ඒ සඳහා 5 රූපය මත Right Click > Duplicate Layer… මතුවන සංවාද කොටුව ok කරන්න. නැතිනම් Ctrl + J මගින් ඉක්මනින් ලේයර් එකේ පිටපතක් ලබා ගත හැකිය.

    1. නැවත ට්‍රාන්ස්ෆෝම් ඉනේබල් කර (Ctrl + T) එය වෙනත් ස්ථානයකට ගෙන ගොස් එය අවශ්‍ය ආකාරයට ලොකු හෝ කුඩා කර අනවශ්‍ය කොටස් මකා දමන්න.

    1. මිදුම එකතු කිරීම – දිය ඇල්ලක් කඩා හැලෙන ස්ථානයක මිදුම ඉහළට ගමන් කරනු දැකිය හැකිය. දැන් එය සාදා ගමු. ලේයර් පැලට් වෙත ගොස් නව ලේයර් එකක් සාදා ගන්න. ඒ සඳහා Create a New Layer (1) එක මත ක්ලික් කරන්න. සාදාගත් ලේයර් එක මත ක්ලික් කරන්න. Brush Tool ගෙන දාරය තරමක් සුමුදු බ්‍රෂ් එකක් දාගෙන සුදු පාටින් මිදුම පවතින ස්ථාන යැයි අනුමාන කරන තැන් වල බ්‍රෂ් කරන්න (2).

    1. ඉන් පුසු එම ලේයර් එකේ Opacity 28 දක්වා පමණ අඩු කර ගන්න.

     

    1. දැන් Erase Tool ගෙන එහි දාරය සුමුදු බ්‍රෂ් එකක් ගෙන Opacity අගය 20 දක්වා අඩු කරගෙන මිදුමේ දාරය යාන්තමින් බ්‍රෂ් කරන්න.

    1. වර්ණ සකසා ගැනීම.

    දැන් ඔබට පේනවා ඇති මෙහි ඇති පින්තුර වල ඇත්තේ එකිනෙකට වෙනස් වූ වර්ණ බව. ඒ සඳහා වර්ණ සකස් කර ගත යුතු වෙනවා. ඔබට කැමති ආකාරයකට වර්ණ සකසා ගන්නට පුළුවන්. නමුත් මෙහි වර්ණ සකස් කර ගත් ආකාරය දක්වන්නම්.

    පළමුවෙන්ම 4 වන රුපයේ (අහසේ) වර්ණ සකස් කර ගත යුතුයි. මන්ද අහසේ ඇති වර්ණය වෙනස් වීම් නිසා පොළව මත ඇති වස්තූන් මත ඇති වර්ණයන් ද වෙනස් වෙනවා.

    ලේයර් පැලට් හි 4 රුපය මත ක්ලික් කර පහළින් ඇති Create New Fill Or Adjustment Layer මත ක්ලික් කරන්න. මතු වන මෙනුවේ Color Balance විධානය ලබා දෙන්න. මතුවන Properties පැනල් තුල අදාළ අගයන් ලබා දෙන්න. (1) Midtones යටතේ Red 91 / Green 61 / Blue -100 ද, (2) Shadow යටතේ Red 23 / Green 26 / Blue -97 ද, (3) Highlight යටතේ Red 100 / Green 45 / Blue -100 ද ලබා දී Close කරන්න.

    1. 2 වන රුපයටද Color Balance Adjustment Layer එකක් එක් කරන්න (1). මෙහි ඇති අගය අහසට ද එක් වේ.

    එය සැඟවීම සඳහා This Adjustment After All Layer Bellow (Click To Clip To Layer) බටන් එක මත ක්ලික් කරන්න. එහි  (1) Midtones යටතේ Red -23 / Green 0 / Blue -63 ද, (2) Shadow යටතේ Red 20 / Green 15 / Blue -40 ද, (3) Highlight යටතේ Red 23 / Green 7 / Blue -20 ද ලබා දී Close කරන්න.

    1. සිගිරිය ගලහි අඳුරුවන පැත්ත පෙන්නුම් කිරීම සඳහා අලුත් ලේයර් එකක් ලබා ගෙන දාරය සුමුදු බ්‍රෂ් එකකින් කළු පාටින් වර්ණ ගන්වන්න. එහි Opacity අගය 35 පමණ අගයක් ලබා දෙන්න. එම ලේයර් එකේ Blending Mode එක ලෙස Overlay ලබා දී Opacity අගය 60 ලබා දෙන්න. ඉන් පසු සීගිරි ගලෙහි පිටතින් අහසේ වර්ණ ගැන්වෙන කොටස සැඟවීම සඳහා එම ලේයර් එක මත Right Click කර මතුවන මෙනුවෙන් Create Clipping mask යන්න ලබා දෙන්න. එය පෙන්වීම සඳහා ලේයෙර් එකට ඉදිරියෙන් පහලට නැමුණු ඊතලයකින් පෙන්නුම් කරයි.

    1. අඳුරු කල පැත්තට විරුද්ධ දිශාවෙන් ආලෝකය පතිතවීම දැක්වීමට නව ලේයර් එකක් ලබාගෙන අහසේ ඇති පාටින් ඒ මත වර්ණ ගන්වන්න. අහසේ ඇති වර්ණයේ සාම්පලයක් ලබා ගැනීම සඳහා බ්‍රෂ් ටූලය සක්‍රියව තිබියදී Alt යතුර තද කරන්න.
    2. දැන් බ්‍රෂ් ටූලය අයිඩ්‍රොපර් ටූලය බවට වෙනස් වේ. දැන් කැමති තැනක් ක්ලික් කර වර්ණය ලබා ගන්න. Foreground Color එක ඒ අනුව වෙනස් වේ. Brush Tool Opacity අගය 35 පමණ ලබා දී තරමක් විශාල බ්‍රෂ් එකකින් ඒ මත වර්ණ ගන්වන්න. මේ සඳහා දාරය සුමුදු බ්‍රෂ් එකක් භාවිත කරන්න. එම ලේයර් එක Right Click > Create Clipping Mask විධානය ලබා දෙන්න. එහි Blending Mode එක Overlay ලෙසත් Opacity අගය 50 වෙනස් කරන්න.

    1. 1 රූපයට ද Color Balance Adjustment Layer එකක් එක් කරන්න (1) . එහි (2) Midtones යටතේ Red 41/ Green 26 / Blue -45 ද, (3) Shadow යටතේ Red 17 / Green -2 / Blue 1 ද, (4) Highlight යටතේ Red -18 / Green 7 / Blue -29 ද ලබා දී Close කරන්න.

    1. 3 රූපයට ද Color Balance Adjustment Layer එකක් එක් කරන්න. එහි Midtones යටතේ Red 5/ Green 68 / Blue 43 ද, Shadow යටතේ Red -20 / Green -6 / Blue -57 ද, Highlight යටතේ Red 29/ Green -6 / Blue +29 ද ලබා දී Close කරන්න.

    1. නැවත 3 රූපය සිලෙක්ට් කර Filter > Render > Lighting Effect… විධානය ලබා දෙන්න. දැන් රූපයට වෘත්තයක් එකතු වේ. එහි හතර පැත්තේ ඇති කුඩා වෘත්ත වලින් ඇද පහත දැක්වෙන පරිදි වෙනස්කම් සිදුකර Ok කරන්න.

    1. දැන් ලේයර් පැලට් එකේ ඉහලම ඇති ලේයරය සිලෙක්ට් කරන්න. Gradient Fill Adjustment Layer එකක් එක් කරන්න. එහි පහත පරිදි සැකසුම් වෙනස් කර ගන්න.

    1. නැවත Brightness/Contrast Adjustment Layer එකක් එක් කරන්න. එහි ද පහත පරිදි අගයන් වෙනස් කර ගන්න.

    1. නව ලේයර් එකක් එක කර ගන්න. Brush Tool සක්‍රීය කර පහත දැක්වෙන පරිදි බ්‍රෂ් එකක් සාදා ගන්න.

    1. ඉන්පසු සුදු පාටින් පින්තූරය මැද එක් වරක් ක්ලික් කරනන.

    1. ලේයර් පැලට් හි ඇති Add Layer Style ක්ලික් කර Color Overlay විධානය ලබා දෙන්න.

    1. පහත දැක්වෙන පරිදි වෙනස්කම් සිදු කර Ok කරන්න.

    1. දැන් එහි ට්‍රාන්ස්ෆෝම් එනේබල් කර (Ctrl+T) පින්තූරයේ දැක්වෙන පරිදි විශාල කරගෙන සුදුසු ස්ථානක තබන්න. එහි Opacity අගය 80 දක්වා අඩු කර ගන්න.

    1. වලාකුළු සාදා ගැනීම

    අලුතින් කන්වසයක් සාදා (600*400) ගන්න. එහි රෙසොලුෂන් අගය 72 පමණ ලබා දෙන්න. දැන් එයට කළු පාට පුරවා ගන්න.

    1. නව ලේයර් එකක් ගෙන බ්‍රෂ් ටූලය ගෙන තරමක් විශාල කර ගෙන හරි මැදින් හරස් අතට සුදු පාටින් ඉරක් ඇඳ ගන්න.

    Smudge Tool ගෙන ඇඳගත් සුදු පාට ඉර මත එහා මෙහා ගෙන යමින් වළාකුලක හැඩය සිටින සේ සකසා ගන්න.

    1. Select > All විධානය ලබා දෙන්න. අනතුරුව Edit > Copy විධානය ලබා දී සිගිරිය සහිත කැන්වසයට Paste කරගන්න. Edit > Paste.

    මෙසේ වලාකුළු කිහිපයක් සාදා ගෙන කැන්වසය මතට ගෙන එන්න. අනතුරුව ලේයර් පැලට් හි ඇති Add Layer Style ක්ලික් කර Color Overlay විධානය ලබාදී ගැලපෙන වර්ණයක් ලබා දෙන්න. (ddb303) ඉන්පසුව Ok කරන්න.

     

    Download PDF File

Share:

Leave a Reply

Your email address will not be published. Required fields are marked *