
Whatsapp වෙතින් තවත් අලුත් විශේෂාංගයක් හදුන්වා දෙන්න සූදානම් වෙනවා. ඒ තමයි chat animation පහසුකම. මේ විශේෂාංගය දැනට beta version 2.25.1.10 එකෙ තිබෙනවා. Whatsapp වෙතින් පසුගිය වසරෙදි chat සදහා විවිධ අලුත් විශේෂාංග එක්කරමින් පැමිනියා.
Chat animation විශේෂාංගයෙන් වෙන්නෙ emoji, GIF සහ stickers වල animation හසුරුවන්න හැකිවෙනවා. ඒ කියන්නෙ මෙමගින් පරිශීලකයන්ට emoji සහ stickers animate වෙන්න ඕනෙ කුමන ආකාරයටද යන්න නිර්මානය කරගන්න පුළුවන්.
ඔබ නිර්මානය කර යවන එවැනි emoji ලබන්නා විසින් ප්ලේ කර බලනතෙක් inactive විදියටයි තියෙන්නෙ. Settings වලින් මේ සදහා අලුත් ඔප්ශන් කිහිපයක් දීල තියනවා. එහි emoji, stickers සහ GIF සදහා තියන toggle on කිරීමෙන් ඒවා ස්වයංක්‍රියව animate වීමක් සිදුවෙනවා.
දැනට Android beta සංස්කරණයක් විදියට තියන මේ පහසුකම ඉදිරියෙදි ස්ථාවර සංස්කරණයක් ලෙස ඉදිරියෙදි පැමිනේවි. ඉන්පසු iOS සඳහාත් නිකුත් කිරීම සිදුවනු ඇත.

Leave a Reply