Home Tech News ළගදීම Chat Animation පහසුකම Whatsapp වෙතින්
Tech News

ළගදීම Chat Animation පහසුකම Whatsapp වෙතින්

Share
blank
Share

Whatsapp වෙතින් තවත් අලුත් විශේෂාංගයක් හදුන්වා දෙන්න සූදානම් වෙනවා. ඒ තමයි chat animation පහසුකම. මේ විශේෂාංගය දැනට beta version 2.25.1.10 එකෙ තිබෙනවා. Whatsapp වෙතින් පසුගිය වසරෙදි chat සදහා විවිධ අලුත් විශේෂාංග එක්කරමින් පැමිනියා.

Chat animation විශේෂාංගයෙන් වෙන්නෙ emoji, GIF සහ stickers වල animation හසුරුවන්න හැකිවෙනවා. ඒ කියන්නෙ මෙමගින් පරිශීලකයන්ට emoji සහ stickers animate වෙන්න ඕනෙ කුමන ආකාරයටද යන්න නිර්මානය කරගන්න පුළුවන්.

ඔබ නිර්මානය කර යවන එවැනි emoji ලබන්නා විසින් ප්ලේ කර බලනතෙක් inactive විදියටයි තියෙන්නෙ. Settings වලින් මේ සදහා අලුත් ඔප්ශන් කිහිපයක් දීල තියනවා. එහි emoji, stickers සහ GIF සදහා තියන toggle on කිරීමෙන් ඒවා ස්වයංක්‍රියව animate වීමක් සිදුවෙනවා.

දැනට Android beta සංස්කරණයක් විදියට තියන මේ පහසුකම ඉදිරියෙදි ස්ථාවර සංස්කරණයක් ලෙස ඉදිරියෙදි පැමිනේවි. ඉන්පසු iOS සඳහාත් නිකුත් කිරීම සිදුවනු ඇත.

Share
Written by
Pramuka Ramanayake

Technology is anything that wasn't around when you were born.

Leave a comment

Leave a Reply

Related Articles

2026ට MSI සමාගමෙන් ගේන අලුත්ම උපාංග

Gaming වලින් සහ high-performance AI computing ලෝකයේ ප්‍රධාන නාමයක් වන MSI, 2026...

MSI සමාගමෙන් එන අලුත්ම gaming monitors

MSI සමාගම ඔවුන්ගේ අලුත්ම 32-inch 4K QD-OLED gaming monitor lineup එකට අලුතෙන්...

MSI සමාගමෙන් හදුන්වාදෙන නවතම PRO Max Series එක

2026 ජනවාරි 6 වෙනිදා MSI සමාගම නව PRO MAX Series එක හඳුන්වා...

යකෙක් වගෙ වැඩ ගන්න නවතම GeForce RTX™ 5090 32G LIGHTNING Z

Gaming වල real performance එක experience කරන්න නම් හොදම GPU එකක් තියෙන...