Home Tech News Ai AI සමග අලුත්වුනු Opera One
AiInternetsoftwareTech News

AI සමග අලුත්වුනු Opera One

Share
blank
Share

ලොව තිබෙන වෙබ් බ්‍රව්සර් අතරින් තවත් එක් ජනප්‍රිය බ්‍රව්සර් එකක් තමයි Opera කියන්නෙ. ඉතින් නවීකරණය කර අලුත් විශේෂාංග එක්කල නවතම Opera බ්‍රව්සර් එක සියලුම පරිශීලකයන් සදහා මේ වසරේ අවසානයෙදි නිකුත් වෙනව. මෙය Opera One ලෙසයි ඔවුන් හදුන්වා දෙන්නෙ.

මෙය නවතම AI විශේෂාංග සහ extensions ඇතුලුව සිත්ගන්නාසුලු පෙනුමක් ලබාදී නිර්මානය කර තිබෙනව. මෙයට එක්කර තිබෙන නවතම multithreaded compositor සමග නව විශේෂාංගයක් වන tab islands හදුන්වා දී තිබෙනව. මෙම බ්‍රව්සර් එකට ස්වයංක්‍රීයව පරිශීලකයා බාවිතා කරන වෙබ් අඩවි වර්ගීකරනය කර ඒවා තනි ටැබ් එකක් ලෙස සකසන්න පුලුවන්.

උදාහරනයක් ලෙස ඔබ Google Docs සහිත ටැබ් කිහිපයක් විවෘත කරගෙන සිටිනව නම් ඒ සියල්ල තනි ටැබ් එකක් ලෙස පෙන්වනව. මෙය බොහොකලක ඉදන් පරිශීලකයන්ට තිබුනු ගැටලුවකට විසදුමක් ලෙස සලකන්න පුලුවන්. ටැබ්ස් විශාල ප්‍රමානයක් විවෘත කරගෙන සිටින විට බ්‍රව්සර් එක බාවිතා කිරීමට අපහසු වෙන අතර මෙමගින් පරිශීලකයන්ට ඉක්මනින් ටාස්ක් අතර මාරු වීමේ හැකියාව ලැබෙනව.

බ්‍රව්සර් එක මගින් ටැබ්ස් ස්වයංක්‍රීයව කාන්ඩ කරනව වගේම පරිශීලකයන්ටත් ඔවුන්ට අවශ්‍ය පරිදි ටැබ්ස් කාන්ඩ වෙන්කර බාවිතා කරන්න පුලුවන්. මෙය කිරීමට අවශ්‍ය ටැබ් එක මත right click කර එහි create a tab island ඔප්ශන් එක මත click කිරීමෙන් සිදුකරගන්න පුලුවන්.

මෙම Opera One තුල AI chatbot එකකුත් අඩංගු කර තිබෙනව. ඔවුන්ගේ වෙබ් අඩවියෙන් මෙම නව විශේෂාංග සහිත Opera One බාගත කරගැනීමේ හැකියාව පවතිනව.

Share
Written by
Pramuka Ramanayake

Technology is anything that wasn't around when you were born.

Leave a comment

Leave a Reply

Related Articles

2026ට MSI සමාගමෙන් ගේන අලුත්ම උපාංග

Gaming වලින් සහ high-performance AI computing ලෝකයේ ප්‍රධාන නාමයක් වන MSI, 2026...

MSI සමාගමෙන් එන අලුත්ම gaming monitors

MSI සමාගම ඔවුන්ගේ අලුත්ම 32-inch 4K QD-OLED gaming monitor lineup එකට අලුතෙන්...

MSI සමාගමෙන් හදුන්වාදෙන නවතම PRO Max Series එක

2026 ජනවාරි 6 වෙනිදා MSI සමාගම නව PRO MAX Series එක හඳුන්වා...

යකෙක් වගෙ වැඩ ගන්න නවතම GeForce RTX™ 5090 32G LIGHTNING Z

Gaming වල real performance එක experience කරන්න නම් හොදම GPU එකක් තියෙන...