Home Tech News 5G මෙන් 20X වේගවත් 6G
Tech News

5G මෙන් 20X වේගවත් 6G

Share
blank
Share

DOCOMO, NTT, NEC සහ Fujitsu යන ජපන් සමාගම් සමුහයක එකතුවක් විසින් ලොව ප්‍රථම අධිවේගී 6G මූලාකෘති උපාංගය(prototype device) මෑතකදී එළිදක්වන ලදී.මේ තුළින් තත්පරයට ගිගාබිට් 100ක (100 Gbps = 12.5 GB/s) වේගයකින් අඩි 300කට වඩා වැඩි දුරකට දත්ත සම්ප්‍රේෂණය කළ හැක. එය වත්මන් 5G තාක්ෂණයට වඩා 20 ගුණයකින් පමණ වේගවත් ය.

100 GHz කලාපය(band) භාවිතයෙන් ගෘහස්ථව සහ 300 GHz කලාපය(band) භාවිතයෙන් එළිමහනේ දී මූලාකෘති(prototype) උපාංගයට 100 Gbps පමණ වේගයක් ලබා ගත හැකි බව සමාගම් විසින් අනාවරණය කරන ලද පර්යේශණ ප්‍රතිඵලය අප්‍රේල් 11 වන දින ප්‍රකාශයට පත් කරන ලදී.

සමූහ නියෝජිතයින් ප්‍රකාශ කළ පරිදි මෙම පරීක්ෂණ අඩි 328 (මීටර් 100) දුර පරතරයකින් සිදු කරන ඇත.
ලබා ගත් වේගය ඉතා ආකර්ෂණීය වුවද, තවමත් මෙහි විවිධ අවාසිදායක තත්ත්වයන් දක්නට ලැබේ.

5G, සම්බන්ධතාවයේ වර්තමාන න්‍යායාත්මක උපරිම වේගය 10 Gbps පමණ වේ. කෙසේ වෙතත්, සැබැවින් ම
එක්සත් ජනපදයේ T-Mobile භාවිතා කරන්නන් සඳහා සාමාන්‍යයෙන් තත්පරයට මෙගාබිට් 200 (Mbps) පමණ වන ලෝකය තුළ ප්‍රායෝගික ව අත්විඳිය හැකි සාමාන්‍ය වේගය බෙහෙවින් අඩුය. එවන් අඩු වේගයක් සඳහා එක් හේතුවක් වන්නේ 5G භාවිතා කරන ඉහළ සංඛ්‍යාත කලාපයි. ඉහළ සංඛ්‍යාතවල වේගවත්භාවය වැඩි වුව ද සංඥාවට ගමන් කළ හැකි දුර ඉතා ම අඩු ය.

6G මෙයින් තවත් පියවරක් ඉදිරියට ගෙන ගොස් 5Gට වඩා ඉහළ සංඛ්‍යාත කලාප භාවිතා කරයි. එබැවින් 6Gවල වාසි මෙන් ම අවාසි ද දක්නට ලැබේ. මේ අනුව බිත්ති වැනි බාධක සහ වර්ෂාව වැනි සාධක මත 6G සංඥාවලට විවිධ බාධක ඇතිවිය හැකි ය.

6Gහි ආගමනය සමඟ වැඩිවන වේගය සමඟින්  real-time holographic communication සහ virtual and mixed-reality experiences වැනි තාක්ෂණයන් සඳහා තවත් පහසුවක් වනු ඇත.

කෙසේ වෙතත්, 6Gහි විශේෂාංගයන් භුක්ති විඳීමට අපට තරමක කාලයක් ගතවනු ඇත. සන්නිවේදන කුළුණු 6G උපාංගයන්ගෙන් බලගන්වන තුරු හා ඊට සහය දක්වන උපාංග සහිත ජංගම දුරකථන සංවර්ධනය වන තෙක් අප බලා සිටිය යුතු ය.

Source

Share

Leave a comment

Leave a Reply

Related Articles

2026ට MSI සමාගමෙන් ගේන අලුත්ම උපාංග

Gaming වලින් සහ high-performance AI computing ලෝකයේ ප්‍රධාන නාමයක් වන MSI, 2026...

MSI සමාගමෙන් එන අලුත්ම gaming monitors

MSI සමාගම ඔවුන්ගේ අලුත්ම 32-inch 4K QD-OLED gaming monitor lineup එකට අලුතෙන්...

MSI සමාගමෙන් හදුන්වාදෙන නවතම PRO Max Series එක

2026 ජනවාරි 6 වෙනිදා MSI සමාගම නව PRO MAX Series එක හඳුන්වා...

යකෙක් වගෙ වැඩ ගන්න නවතම GeForce RTX™ 5090 32G LIGHTNING Z

Gaming වල real performance එක experience කරන්න නම් හොදම GPU එකක් තියෙන...