Home Tech News ඉක්මනින් චිත්‍ර අදින්න උදව් කරන Google AutoDraw
Tech News

ඉක්මනින් චිත්‍ර අදින්න උදව් කරන Google AutoDraw

Share
Share

චිත්‍ර අදින්න අපි හැමෝටම බැහැ. දැන් ඒ ගැන දුක්වෙන්න ඕන නැහැ. අවශය කරන හැඩතල ටික කුරුටු ගාගන්න පුලුවන්නම් ඔයාටත් ලේසියෙන්ම හොදම තත්වයෙ චිත්‍ර අදින්න දැන් පුලුවන්.

පොඩිකාලෙ ලස්සනට චිත්‍ර අදින්න බැරුව අයියලට අක්කලට කියල චිත්‍ර ඇදගත්ත අයට වගේම සරල Birthday cards, project drawing වගේ දේවල් දැන් ඔයාලටම අදින්න පුලුවන් කරවන ලේසි ක්‍රමයක් Google සමාගම හදුන්වල දීල තියෙනව. මේ AutoDraw program එක මත අදින හැඩතල Machine Learning තාක්ෂණය උපයෝගී කරගෙන හදුනාගෙන ඊට සමාන විධිමත් රූප, icon පෙලක්ම පෙන්නනව. දැන් කරන්න තියෙන්නෙ මේකෙන් වඩාත්ම ගැලපෙන රූපය තෝරගන්න එකයි.

මේකෙන් හැම වෙලේම අපට අවශ්‍ය දෙය එන්නෙ නැහැ. ඒත් ඉක්මනට සරල චිත්‍රයක් ඇදගන්න වගේම ඒක පිළවෙලකට ලස්සනට කරන්නත් මේකෙන පුලුවන්.  Phone එකේ Tab එකේ වගේම PC එකෙත් පාවිච්චි කරන්න මේ Google AutoDraw tool එක ඔයත් පාවිච්චි කරල බලන්න.

මේක කියවන දෙමව්පියො වගේම ලොකු අයියල අක්කලටත් පණිවිඩයක් කියන්න තියෙනව. ඒ තමයි පුංචි ළමයි අදින දේවල් නිවැරදි කරන්න, සංසන්දනය කරන්න යන්නෙපා. එයාල දකින දේවල් ඒ විදිහටම අදින්න, වරද්දන්න ඉඩ දෙන්න. Computer print out අරන් පොතේ අලවන පොඩ්ඩොන්ට වඩා නිර්මාණශීලී වෙනස් විදිහට හිතන ළමයි ගොඩක් වටිනව.

මේ ගැන හිතෙන දේ Comment කරන්නත් අමතක කරන්නෙපා

Share
Written by
Priydarshana

Founder of Pcguidelk - Tech writer, Youtuber and Social Media Tech Activist from Sri lanka.

1 Comment

Leave a Reply to Thilan AbeysuriyaCancel reply

Related Articles

2026ට MSI සමාගමෙන් ගේන අලුත්ම උපාංග

Gaming වලින් සහ high-performance AI computing ලෝකයේ ප්‍රධාන නාමයක් වන MSI, 2026...

MSI සමාගමෙන් එන අලුත්ම gaming monitors

MSI සමාගම ඔවුන්ගේ අලුත්ම 32-inch 4K QD-OLED gaming monitor lineup එකට අලුතෙන්...

MSI සමාගමෙන් හදුන්වාදෙන නවතම PRO Max Series එක

2026 ජනවාරි 6 වෙනිදා MSI සමාගම නව PRO MAX Series එක හඳුන්වා...

යකෙක් වගෙ වැඩ ගන්න නවතම GeForce RTX™ 5090 32G LIGHTNING Z

Gaming වල real performance එක experience කරන්න නම් හොදම GPU එකක් තියෙන...