Home Tech News Leak වෙච්ච iPhone 8 තොරතුරු
Tech News

Leak වෙච්ච iPhone 8 තොරතුරු

Share
i phone x leak
Share

මේ තාක් කාලය තුල Apple සමාගම හදපු වැදගත්ම සහ විශාල අලුත් අංග ප්‍රමාණයක් සහිත iPhone එක වෙන iPhone X එක ගැන තොරතුරු මාධ්‍යයට නිකුත් කරන්න ඉන්නෙ 2017 සැප්තැම්බර් 12 වෙනි අගහරුවාද, හැබැයි ඒ  Event එකට කලින්ම ඒ ගැන තොරතුරු Leak වෙලා. මේ තොරතුරු සමාගම ඇතුලෙම කවුරුහරි හිතාමතාම කරපු දෙයක් කියලයි ආරංචි වෙන්නෙ.

iPhone 8

iphone 8 leaked sizes

මේ තියෙන Design වලින් මැද තියෙන Design එක තමයි අලුත් iPhone X එකට තියෙන්නෙ. මේ ඇපල් සමාගමේ iPhone එකේ දසවැනි සංවත්සරය, ඒ නිසා අලුත් iPhone එක හදුන්වන්නෙ iPhone X කියල තමයි මේ Leak එකේ විදිහට දැනගන්න ලැබෙන්නෙ. iPhone Design එකෙන් Home button එක අයින් වෙලා තියෙනව වගේම මුලු Front panel එකටම විහිදිලා ගිය Display එකකුත් තියෙනව. ඒ වගේම iPhone X එකේ 1125 x 2436 pixel OLED Display එකක් තියෙනව කියලත් ආරංචියි. OLED Display එකක් කියන්නෙ Rich black වගේම අඩු බලයක් යන Display එකක්.


Camera

iPhone X camera එක Hardware වගේම software එකෙනුත්  අලුත් අංග ගොඩක් එකතු වෙච්ච අංගයක්. portrait Lighting mode එකක් වගේම Video recording පැත්තෙන් වලට අලුත් Options එකතු වෙලා තියෙනව.

  • 1080p HD video – 240 fps
  • 4K video – 24 fps
  • 4K video – 60 fps

iOS 11

ios 11 leaked

iPhone X එකේ Fingerprint scanner එකට අමතරව හෝ ඒ වෙනුවට එන අලුත්ම Face recognition  unlocking feature එක තමයි Face ID කියන්නෙ. මේකෙන් කෙනෙකුගෙ මුහුණෙ 3D scan එකක් හරහා ගොඩක් angle වලින් මූණ අදුනගන්න පුලුවන් කමක් තියෙනව වගේ පේනව.

 

මේ තියෙන්නෙ අලුත් Face ID එක Setup කරන්න එන Tutorial එක

 

 

 


Animoji

ඔයාගෙ මූණෙ movement එක වගේම කටහඩත් එකතු කරල Animate කරපු සතෙක්ගෙ Animoji එකක් යවන්න iOS 11 එකේ පුලුවන් කියලයි ආරංචි වෙන්නෙ. මේ වගේ පොඩි පොඩි දේවල් වගේම සම්පූර්ණ Phone Design එකම Leak වෙච්ච පළමු iPhone launch එක වෙන්නෙත් මේක.


Update – iPhone X Video

Share
Written by
Priydarshana

Founder of Pcguidelk - Tech writer, Youtuber and Social Media Tech Activist from Sri lanka.

Leave a comment

Leave a Reply

Related Articles

2026ට MSI සමාගමෙන් ගේන අලුත්ම උපාංග

Gaming වලින් සහ high-performance AI computing ලෝකයේ ප්‍රධාන නාමයක් වන MSI, 2026...

MSI සමාගමෙන් එන අලුත්ම gaming monitors

MSI සමාගම ඔවුන්ගේ අලුත්ම 32-inch 4K QD-OLED gaming monitor lineup එකට අලුතෙන්...

MSI සමාගමෙන් හදුන්වාදෙන නවතම PRO Max Series එක

2026 ජනවාරි 6 වෙනිදා MSI සමාගම නව PRO MAX Series එක හඳුන්වා...

යකෙක් වගෙ වැඩ ගන්න නවතම GeForce RTX™ 5090 32G LIGHTNING Z

Gaming වල real performance එක experience කරන්න නම් හොදම GPU එකක් තියෙන...