Home Tech News Stock Photo වල Watermark මකන Google ලගෙ tool එක
Tech News

Stock Photo වල Watermark මකන Google ලගෙ tool එක

Share
blank
Share

Online Stock photo වල Watermark ක්ෂණිකව මකන්න පුලුවන් Algorithm එකක් හදන්න Google ආයතනය සමත් වෙලා. මේ project එක කරල තියෙන්නෙ දැනට පින්තූර ආරක්ෂා කරන්න භාවිතා කරන උපක්‍රම  බොහොම යල්පැනපු  සහ ලේසියෙන්ම මගහරින්න පුලුවන් කියල පෙන්නන්නයි.

Watermark එකක් කියන එක අපි හැමෝම දන්නව.ගොඩක් වෙලාවට online stock photos මුදල් ගෙවීමකින් තොරව පාවිච්චි කරන එක නවත්තන්න තමයි මේ උපක්‍රමය භාවිතා කරන්නෙ. මේ ගැන අධ්‍යයනය කරපු Google පර්යේෂකයො, ගොඩක් වෙලාවට මේ විදිහට Watermark කරන පින්තූර වල තියෙන්නෙ එකම රටාවක් බවත් මේ රටාව අදුනගෙන ඒ හරහා Watermark ඉවත් කිරීම බොහොම ඉක්මනින් කරන්න පුලුවන් බවත් පෙන්වන්න Software එකක් හදල. මේක App එකක් විදිහට අපි අතරට එන්නෙ නැතිවෙයි. හැබැයි මේ හරහා ඒගොල්ලො පෙන්නල තියෙන්නෙ Photoshop වල කාලය නාස්ති කරනවට වඩා ඉතාමත් ඉක්මනින්ම මේ Watermark මකන්න Software හදන්න පුලුවන්කමක් තියෙනව කියලයි.

මේකෙදි අදාල Software එකෙන් Watermark තියෙන පින්තූර අධයනය කරල ඒ රටාව හදුනාගැනීමක් කරනව. මේ එක්කම ඒකෙ විනිවිදභාවය වගේ දේවලුත් සලකා බැලෙනව. රටාව හදුනගත්තට පස්සෙ තියෙන්නෙ ඒ රටාව ඉවත් කරල හිස්තැන් ගැලපෙන විදිහට පුරවන එකයි.

මේ ක්‍රමය ගැන තොරතුරු නිකුත් කිරීමෙන් පස්සෙ online photo විකුණන Shutterstock සහ තවත් සමාගම් තමන්ගෙ Watermarking උපක්‍රම වෙනස් කරල තියෙනව. පල්ලෙහා තියෙන්නෙ මේක ගැන විස්තර කරන Video එක. ඒ වගේම මේ ගැන ඔයාගෙ අදහස් Comment වල කියන්නත් අමතක කරන්නෙපා…

 

Share
Written by
Priydarshana

Founder of Pcguidelk - Tech writer, Youtuber and Social Media Tech Activist from Sri lanka.

1 Comment

Leave a Reply

Related Articles

2026ට MSI සමාගමෙන් ගේන අලුත්ම උපාංග

Gaming වලින් සහ high-performance AI computing ලෝකයේ ප්‍රධාන නාමයක් වන MSI, 2026...

MSI සමාගමෙන් එන අලුත්ම gaming monitors

MSI සමාගම ඔවුන්ගේ අලුත්ම 32-inch 4K QD-OLED gaming monitor lineup එකට අලුතෙන්...

MSI සමාගමෙන් හදුන්වාදෙන නවතම PRO Max Series එක

2026 ජනවාරි 6 වෙනිදා MSI සමාගම නව PRO MAX Series එක හඳුන්වා...

යකෙක් වගෙ වැඩ ගන්න නවතම GeForce RTX™ 5090 32G LIGHTNING Z

Gaming වල real performance එක experience කරන්න නම් හොදම GPU එකක් තියෙන...