ඔන්න මේ සති අන්තයේදී හැමෝටම Apple TV+ නොමිලේ නරබන්න හැකියාව ලැබෙනවා. Apple සමාගම විසින් මේ වෙනකොට මෙය ස්තිර කර තිබෙනවා. මෙමගින් ජනවාරි 3 වෙනිදා සිට ජනවාරි 5 වෙනිදා දක්වා සති අන්තය තුල Apple TV subscription එකක් නැතුව සියලුම චිත්‍රපටි සහ Tv Shows බලන්න හැකියාව ලැබෙනවා.
මේ අලුත් promotion එක Apple සමාගමෙන් සිදුකරන්නෙ තව තවත් පරිශීලකයන් ඔවුන්ගේ සේවාව වෙත ආකර්ෂණය කරගැනීමටයි. මෙය භාවිතා කරන්න ඔබට අවශ්‍ය වන්නෙ ඔබේ Apple ID එක පමනයි.
මේ subscription එක භාවිතයෙන් ඔබට මෑතකදි නිකුත් උනු Silo, Slow Horses වැනි ටෙලි කතාංග විශාල ප්‍රමානයක් නරබන්න හැකියාව ලැබෙනවා.














Leave a comment