Home Tech News Ai Google සමාගමේ AI Photo editing tool එක
AiTech News

Google සමාගමේ AI Photo editing tool එක

Share
blank
Share

Google වෙතින් අලුතෙන්  හදුන්වාදෙන විශේෂාංගයක් වන්නෙ අපගේ ඡායාරූප පේන්ටින්ග් එකක් ලෙස පෙනෙන ආකාරයට නිර්මානය කලහැකි AI tool එකයි. මෙ‍ය Google Arts & Culture ඇප් එකෙ තිබෙන අතර Art Selfie 2 ලෙස එය හදුන්වනව.

මෙම Art Selfie 2 ඇප් එක 2018දි හදුන්වාදුන් Art Selfie tool එකෙ දෙවෙනි සංස්කරණයයි. මෙහි නව සංස්කරණය වන 2024 සංස්කරණය මගින් විවිධ ස්ටයිල්ස් 27කට අනුව ඡායාරූප සංස්කරණය කරන්න පුලුවන්. මෙමගින් stylized ඡායාරූපයක් ඔබ තෝරන ලද ස්ටයිල් එක අනුව නිර්මානය කරගන්න පුලුවන්. මීටපෙර බාවිතා වුනු මෙවැනි ඇප් වල මෙන්ම මෙහිද වෙනස් වන්නෙ hair, head, coverings, jewelry, සහ වෙනත් apparel පමනයි.

මෙම මෙවලම භාවිතා කිරීමට, ඔබගේ Android හෝ iOS උපාංගයේ Google Arts & Culture යෙදුම ඩවුන්ලෝඩ් කරගත යුතුයි. ඉන්පසු පහළ නැවිගේශන් තීරුවෙන් Play ටැබය වෙත ගොස් එය භාවිතා කිරීම ආරම්භ කිරීමට Art Selfie 2 මත ක්ලික් කරන්න. තවත් සෙල්ෆියක් ගැනීමට Retake මත ක්ලික් කරන්න, ඔබ ප්‍රතිඵලය ගැන සෑහීමකට පත් නොවන්නේ නම්, ඔබට ‍රීෆ්‍රෙශ් මත ක්ලික් කළ හැක. ඔබ රූපයට කැමති නම්, ඔබට පින්තූරය බෙදා ගැනීමට හෝ බාගත කිරීමට ඉදිරියට යා හැක.

පුද්ගලිකත්වය සම්බන්ධයෙන් ගත්විට, ඔබගේ සෙල්ෆිය Google සමඟ පවතින අතර ඔබ හෝ ඔබ ඒවා බෙදාගෙන ඇති පුද්ගලයින් සමග පමණයි මෙම ඡායාරූප තිබෙන්නෙ. මෙය ඉතිහාසය මෙන්ම අනෙකුත් සංස්කෘතීන් ගැන පරිශීලකයින්ට ඉගැන්වීමට සමාගම ගත් සිත්ගන්නා උත්සාහයක් ලෙස දක්වන්න පුලුවන්.

Share
Written by
Pramuka Ramanayake

Technology is anything that wasn't around when you were born.

Leave a comment

Leave a Reply

Related Articles

2026ට MSI සමාගමෙන් ගේන අලුත්ම උපාංග

Gaming වලින් සහ high-performance AI computing ලෝකයේ ප්‍රධාන නාමයක් වන MSI, 2026...

MSI සමාගමෙන් එන අලුත්ම gaming monitors

MSI සමාගම ඔවුන්ගේ අලුත්ම 32-inch 4K QD-OLED gaming monitor lineup එකට අලුතෙන්...

MSI සමාගමෙන් හදුන්වාදෙන නවතම PRO Max Series එක

2026 ජනවාරි 6 වෙනිදා MSI සමාගම නව PRO MAX Series එක හඳුන්වා...

යකෙක් වගෙ වැඩ ගන්න නවතම GeForce RTX™ 5090 32G LIGHTNING Z

Gaming වල real performance එක experience කරන්න නම් හොදම GPU එකක් තියෙන...