Home Tech News Events MSI සමාගමේ CEO හදිසි අනතුරකින් මියයයි
EventsTech News

MSI සමාගමේ CEO හදිසි අනතුරකින් මියයයි

Share
blank
Share

MSI – Micro Star International සමාගමේ CEO ලෙස කටයුතු කල ෂෙන්ග්-චැන්ග් චියන්ග් මහතා (Sheng-Chang Chiang) ගොඩනැගිල්ලක 7වන තට්ටුවෙන් වැටීමෙන් මිය ගොස් තිබෙනවා.

1999 Vice President – Engineering ලෙස MSI පවුලට එකතු වන චියන්ග් 2010 දී MSI Desktop Platform Business Division හි General Manager ලෙස පත්වෙනවා.

ඉන්පසු Head of Desktop Computing නිලයේ හිදිමින් MSI සමාගම – Motherboard සහ Graphic Cards වලින්ද ජනප්‍රිය Brand එකක් ලෙස ඉදිරියට ගෙන ඒමට කල කටයුතු වල ප්‍රතිඵලයක් ලෙස 2019 ජනවාරියේ MSI CEO (ප්‍රධාන විධායක නිලධාරී) ලෙස පත්වීමට චියන්ග් මහතාට හැකිවෙනවා.

වසර 20කට අධික කාලයක් MSI සමාගමේ විවිධ තනතුරු දරමින් MSI සමාගමට අති දැවැන්ත සේවාවක් ඉටු කල ඔහු මිය යනවිට 56 වැනි වියේ පසුවුනා.

විස්තර වල ආකාරයට චියන්ග් මහතා තායිවානයේ – තායිපේහි Zhonge District හි පිහිටා ඇති MSI ප්‍රධාන ගොඩනැගිල්ලේ (Head Quarters Building) 7වන මහලෙන් ඇද වැටීම නිසා සිදුවූ අනතුර හේතුවෙන් මියගොස් තිබෙන්නෙ.

 

Share
Written by
Priydarshana

Founder of Pcguidelk - Tech writer, Youtuber and Social Media Tech Activist from Sri lanka.

Leave a comment

Leave a Reply

Related Articles

2026ට MSI සමාගමෙන් ගේන අලුත්ම උපාංග

Gaming වලින් සහ high-performance AI computing ලෝකයේ ප්‍රධාන නාමයක් වන MSI, 2026...

MSI සමාගමෙන් එන අලුත්ම gaming monitors

MSI සමාගම ඔවුන්ගේ අලුත්ම 32-inch 4K QD-OLED gaming monitor lineup එකට අලුතෙන්...

MSI සමාගමෙන් හදුන්වාදෙන නවතම PRO Max Series එක

2026 ජනවාරි 6 වෙනිදා MSI සමාගම නව PRO MAX Series එක හඳුන්වා...

යකෙක් වගෙ වැඩ ගන්න නවතම GeForce RTX™ 5090 32G LIGHTNING Z

Gaming වල real performance එක experience කරන්න නම් හොදම GPU එකක් තියෙන...