Press ESC to close

MSI සමාගමේ CEO හදිසි අනතුරකින් මියයයි

MSI – Micro Star International සමාගමේ CEO ලෙස කටයුතු කල ෂෙන්ග්-චැන්ග් චියන්ග් මහතා (Sheng-Chang Chiang) ගොඩනැගිල්ලක 7වන තට්ටුවෙන් වැටීමෙන් මිය ගොස් තිබෙනවා.

Get Your Site Up with A2 Hosting

1999 Vice President – Engineering ලෙස MSI පවුලට එකතු වන චියන්ග් 2010 දී MSI Desktop Platform Business Division හි General Manager ලෙස පත්වෙනවා.

ඉන්පසු Head of Desktop Computing නිලයේ හිදිමින් MSI සමාගම – Motherboard සහ Graphic Cards වලින්ද ජනප්‍රිය Brand එකක් ලෙස ඉදිරියට ගෙන ඒමට කල කටයුතු වල ප්‍රතිඵලයක් ලෙස 2019 ජනවාරියේ MSI CEO (ප්‍රධාන විධායක නිලධාරී) ලෙස පත්වීමට චියන්ග් මහතාට හැකිවෙනවා.

වසර 20කට අධික කාලයක් MSI සමාගමේ විවිධ තනතුරු දරමින් MSI සමාගමට අති දැවැන්ත සේවාවක් ඉටු කල ඔහු මිය යනවිට 56 වැනි වියේ පසුවුනා.

විස්තර වල ආකාරයට චියන්ග් මහතා තායිවානයේ – තායිපේහි Zhonge District හි පිහිටා ඇති MSI ප්‍රධාන ගොඩනැගිල්ලේ (Head Quarters Building) 7වන මහලෙන් ඇද වැටීම නිසා සිදුවූ අනතුර හේතුවෙන් මියගොස් තිබෙන්නෙ.

 

Pcguide

Founder of Pcguidelk - Tech writer, Youtuber and Social Media Tech Activist from Sri lanka.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *