ඔයා පරිගණකයක් මිලදී ගන්නේ ඒ මගින් වැඩක් ගන්න නම් එහි Software තිබීමත් අත්‍යවශ්‍යයි. ඉතිං මේ Software දෛනිකව අප විවිධාකාර කටයුතු සදහා භාවිතා කරයි. නමුත් මේ Software වලත් යම් කිසි මිලක් නියම වී තිබෙනවා. ඒ ගැන ඔබ දැන සිටියා ද? අපි පරිගණකයක් පමණක් මිලදී අරන් වැඩක් නෑ ඒ තුල මෙහෙයුම් පද්ධතිය හා අනිත් මෘදුකාංග නැති නම්. ඒවා නොමැති නම් පරිගණකයෙන් අපගේ කටයුතු සිදු කර ගැනීමට නොහැකි වේ. නමුත් බොහෝ විට ලැප්ටොප් පරිගණක / පෙර සකස් කළ පරිගණක මිලදී ගන්නා විට නිෂ්පාදකයින් ඒ සමග මෙහෙයුම් පද්ධතිය හා අනෙක් අත්‍යාවශ්‍ය මෘදුකාංග ස්ථාපනය කර එවීමට නම් අමතක කරන්නේ නෑ.
මෙහෙයුම් පද්ධති හා අනෙක් මෘදුකාංග නොමිලේ ලබා ගන්න බැරිද?

පුළුවන්. මෙම මෘදුකාංග ආකාර කීපයකටකබෙදා දක්වන්න පුළුවන්. සමහර මෘදුකාංග කිසිම මුදලක් නොගෙවා සම්පූර්ණයෙන්ම නොමිලේ පාවිච්චි කරන්න පුළුවන්. සමහරක් මෘදුකාංග නොමිලේ භාවිතා කරන්නේ නම් යම්කිසි සීමාවකට යටත් ව නොමිලේ පාවිච්චි කල හැකිය. තවත් සමහර මෘදුකාංග යම්කිසි trial period එකක් තුල ගෙවීමක් නොකර භාවිතා කරන්න අවස්ථාව ලබාදේ.තවත් සමහරක් මෘදුකාංග භාවිතයට පෙර අනිවාර්යෙන්ම ගෙවීමක් සිදු කර බාගත කර ගැනීමට සිදුවේ.
ඇයි අපි Free software වෙනුවට proprietary software ගන්න අවශ්‍ය?

ආදායමක් උපයන්නෙ නැති, පරිගණකයෙන් සීමිත වැඩ කොටසක් සිදු කරන බොහෝ දෙනාට මේ මෘදුකාංග ගෙවලා භාවිතා කිරීම අවාසිදායක වේ. Free software හා proprietary software සැසදූ විට ඒවායෙ තිබෙන අතුරු මුහුණත අනූව, ලබා දී ඇති විශේෂාංග අනූව, මෘදුකාංගය සදහා සහය ලබා දෙන ආකාරය අනූව විවිධ වාසි අවාසි දක්නට ලැබේ. පරිශීලකයන් ලෙස අපි අපේ ආදායමේ ස්වභාවය අනූව අපිට සිදු කිරීමට ඇති කටයුතු වල ස්වභාවය අනූව අපිට අවශ්‍ය සුදුසුම මෘදුකාංග තෝරා ගැනීම සිදු කල යුතුවේ. පහත දැක්වෙන්නේ අප ගෙවලා ගන්න මෘදුකාංග වෙනුවට නොමිලේ භාවිත කල හැකි ආදේශක මෘදුකාංගයි.

- Windows – Linux
- Photoshop – GIMP, Photopea
- MS Office Suite – LibreOffice, WPS Office, OpenOffice
- Adobe Premiere Pro – DaVinci Resolve, OpenShot, CapCut
- Cinema 4D – Blender
- Adobe Illustrator – Inkscape, Vectr
- Adobe Audition – Audacity
Crack Software / Illegal Software / හොර කොපි කියන්නේ මොනවාද?

Proprietary software ගෙවලා ගන්න වත්කමක් නොමැති, free alternatives ගැන නොදැනුවත් කම හෝ පාවිච්චි කරන්න නුහුරු කම හෝ එයාලාට අවශ්‍ය දෑ එම මෘදුකාංග වලින් සිදු කිරීමට නොහැකි නිසා හෝ බොහෝ පරිගණක පරිශීලකයින් මෙම නීති විරෝධී මෘදුකාංග පාවිච්චි කිරීමට යොමු වී සිටියි. පරිශීලකයින් ද මේවයේ අවධානම පිලිබදව වැඩි සැලකිල්ලක් නොදක්වයි. එපමණක් නොව මුදල් ගෙවා මෙම මෘදුකාංග වලින් වෘත්තීය මට්ටමේ සිදු කරන වැඩ වල මිල ගණන් ද මෙම Crack Software භාවිතා කර වැඩ කටයුතු සිදුකරන අය නිසා පහත වැටීමකට ලක්ව තිබේ. තවද මේවා භාවිතයෙන් ආරක්ෂක හා නීතිමය ගැටලු රැසක් ඇති වීමේ හැකියාව තිබෙනවා. මෙවැනි මෘදුකාංග භාවිතයෙන් පරිගණකයට වෛරස් හා malware පැමිණිය හැකි අතර ඒවා මගින් පරිගණකයේ ඇති පෞද්ගලික , වටිනා දත්ත පවා මෙම නීති විරෝධී මෘදුකාංග සකස් කරන අය විසින් ලබා ගැනීමට බොහෝ විට කටයුතු කරනවා. එපමණක් නොව මේවා මගින් පරිගණකයේ කාර්යක්ෂමතාවයද අඩුවනවා.

ඉතිං ඇයි අපි තවත් තවදුරටත් අවධානමක් තියාගෙන මෙවැනි නීතිවිරෝධී මෘදුකාංග පාවිච්චි කරන්නේ ? මෙවැනි මෘදුකාංග භාවිතයෙන් ආරක්ෂක හා නීතිමය ගැටලු ඇති වීමට බොහෝ සෙයින් ඉඩකඩ තිබෙනවා . මේවා නිසා අපගේ වටිනා පෞද්ගලික හා සංවේදී දත්ත හා Social Media Accounts Hack වීමේ , නැතිවීමේ අවදානමක් ද තිිබෙනවා. මේවා නිසා පරිගණකයේ කාර්යක්ෂමතාවය ද අඩු වෙලා යනවා. ඉතිං අපි free software හෝ proprietary software භාවිතයට හුරුවෙමු . ඒ නැතිනම් , https://www.cdkeyoffer.com වගේ වෙබ් අඩවි වලින් අඩු මිලට OEM product key ලබා ගැනීමට කටයුතු කරමු. (CK20 යන Code එකෙන් 20% දක්වා Discount ලබා ගත හැක).














Leave a comment