Home Games Forspoken – an upcoming game review
GamesTech News

Forspoken – an upcoming game review

Share
blank
Share

Overview

Project Athia ලෙස මුලින් හැඳින්වූ Forspoken පරිගණක ක්‍රීඩාව ඉදිරියේදී පැමිණීමට නියමිත open world 3rd-person action role playing ගණයට අයත් ක්‍රීඩාවකි.මෙය Luminous productions මගින් develop කරන Square Enix මගින් publish කරන ක්‍රීඩාවකි.2020 ජුනි මාසයේ මුල්වරට reveal කෙරුණු මෙම ක්‍රීඩාවේ main story එකට දායකවන පුද්ගලයන් අතර Rogue one: A star wars story film එකේ තිරරචක Gary Whitta, Uncharted game series එකේ පිටපත් රචක Amy Hennig, God of war game එකේ සංගීත රචක Bear McCreary වැදගත් තැනක් ගනී.ක්‍රීඩාවේ ප්‍රධාන චරිතය වන Frey ට පණ පොවන්නේ බ්‍රිතාන්‍ය ජාතික නිලියක් වන Ella Ballnska විසිනි.

Frey Holland යනු New York නගරයේ වෙසෙන 21වියැති ගැහැණු ළමයෙකි. එක් දිනක හදිසියේම ඇයව Athia නම් වෙනම ලෝකයකට transport වෙයි( Athia යනු පෘථිවියේදී fantasies හා nightmares ලෙස හැඳින්වූ සියලු දේ සැබෑවටම සිදුවන ලෝකයකි).මෙහිදී ඇයට magic powers හිමිවන අතර ඇගේ ප්‍රධාන අරමුණ වන්නේ නැවත පෘථිවියට යෑමයි.එය එසේ සිදුකිරීමට නම් Tantas නම් Athia හි අමානුෂික පාලකයන්ට එරෙහිව නැගී සිටීමටත්, Athia හි මිනිසුන් එම පාලනයෙන් මුදවාගැනීමටත්, Athia හි dangers වලට මුහුණදීමටත්  සිදුවන අතර නැවත පෘථිවියට පැමිණීමේ අරමුණින් ඇය මෙම අත්භූත ලෝකයට මුහුණදෙයි.

Forspoken Introduction trailer

Gameplay and special features

  • Athia හිදී Frey ට magical powers ලැබෙන්නේ ඇගේ අතේ ඇති “Cuff” නමැති magical bracelet එකක් මගිනි. මෙයට කතාකිරීමට පවා හැකිය. Cuff විසින් Frey ට Athia ලෝකයට guide කෙනෙකු ලෙස ක්‍රියාකරයි.
  • Athia වැනි magical world එකක survive වීමට නම් magic යනු අත්‍යවශ්‍ය දෙයකි. ක්‍රීඩාවේදී Frey ට විවිධ magic spells වර්ග භාවිතකළ හැකිය.එසේම අපට gears ලෙස ලැබෙන විවිධ magic ලෝගු වර්ග සහ මාල වර්ග පැළඳීමෙන් magic powers හි boost කිරීමක්, magic recharging speed එක වැඩිකිරීමක්, damage resistance වැනි දේ ලබාගත හැකිය.එසේම Frey ට ඇගේ නියපොතුවල විවිධ patterns ආලේප කරගැනීම මගින්ද විවිධ magic boosts ලබාගත හැකිය.
  • Athia explore කිරීමේදී Frey ට ඇගේ magical parkour භාවිතකළ හැකිය. මෙමගින් ඉතා පහසුවෙන් තැනකින් තැනකට ඉක්මණින් යාමටත් ඇයට හැකිය.
  • ක්‍රීඩාවේ map එක 3D map එකක් ලෙස ලබාදී ඇත.මෙහිදී අවශ්‍ය ස්ථානයට යාමට හා treasures වැනි දේ locate කිරීමට destination markers යොදාගත හැකිය.
  • Athia ලෝකය “Break” නම් අත්භූත විෂ වායුවෙන් corrupt වී ඇත. මෙම වායුවට නිරාවරණය වන පුද්ගලයන් මියගියහ, එසේ නොවුණි නම් විරූපී මෘගයන් බවට පත්වූහ.අපගේ චරිතය Frey පමණක් මෙම වායුවට immune වන අතර එම නිසා Athia හි සමහර වැසියන් Frey ව ඔවුන්ගේ අවසන් බලාපොරොත්තුව ලෙසටත් , ඇතැම් වැසියන් ඇයව demon කෙනෙකු ලෙසටද සලකයි.
  • Enemies ගැන සැලකුවහොත් ප්‍රධාන වශයෙන් Athia හි දූෂිත පාලකයන් වන Tantas ය. මොවුන්ගේ ප්‍රධානියා වන්නේ Tanta Sila නම් මායාකාරියයි.මීට අමතරව break වායුව මගින් monsters බවට පත්වූ humans මෙන්ම animals ද enemies ලෙස හමුවේ.එසේම ක්‍රීඩාවේ ඇතැම් අවස්ථාවල break වායුව නිසා සිදුවන breakstorms නිසා Athia හි සිටින ශක්තිමත්ම enemies ලාට මුහුණදීමට සිදුවේ.තවද විවිධ fantasy creatures එනම් යෝධයන්,මකරුන් වැනි ජීවීන්ද enemies ලෙස හමුවේ.

Release date and platforms

Forspoken පරිගණක ක්‍රීඩාව 2022 වසරේ මැයි 24 වනදා PC හා PlayStation 5 යන platforms සඳහා release වන බව 2021 game awards හිදී පසුගිය 10 වනදා announce කෙරුණි. සෙසු consoles සඳහා Forspoken, release වීම කල්යනු ඇත.

Forspoken පරිගණක ක්‍රීඩාව සඳහා system requirements තවමත් reveal කර නැති අතර Forspoken යනු gaming community එක 2022 වසරේ නිකුත්වනතුරු බලාසිටින පරිගණක ක්‍රීඩාවකි. 

Share
Written by
Eshan Amarasinghe

Eshan Loves Gaming and also writes about them, This will help you understand the game better and have an overall good experience.

Leave a comment

Leave a Reply

Related Articles

නවතම Galaxy XR Headset එක ගැන දැනගමු

Samsung සමාගම විසින් ඔවුන්ගේ නවතම Galaxy XR headset එක එලි දැක්වුවා. දැනටමත්...

Windows 10 ඇත්තටම ඉවරද, ඊලගට මොකද කරන්නෙ…?

ලොව පුරා මිලියන ගණනක් පරිශීලකයන් විසින් භාවිතා කරන ලද Windows 10 මෙහෙයුම්...

ලොව පළමු Robot Smartphone එක Honor වෙතින්

ජංගම දුරකථන ඉතිහාසයේ නව හැරවුම් ලක්ෂයක් එක් කරමින් Honor සමාගම නවතම සංකල්පයක්...

අලුතෙන් Redesign උනු YouTube

Google විසින් YouTube video player එකට අලුත්ම redesign එකක් නිකුත් කරලා තියෙනවා....