නිල වශයෙන් නිකුත් කරල මේ ගෙවුන අවුරුදු 11 වගේ ඇතුලත ලෝකයේ ජනප්‍රියම පරිගණක ක්‍රීඩාවක් බවට පත් වෙන්න Minecraft වලට හැකියාව ලැබිල තියනවා. මේ වෙද්දි මිලියන 140ක පිරිසක් මාසිකව Minecraft ක්‍රීඩා කරනවා. ඇත්තටම නිකුත් කරපු අවුරුද්දෙ ඉඳන් මේ වෙනකන් එක දිගටම මේ වගේ විශාල ජනප්‍රියතාවක් පවත්වාගන්න හැකිවුන පරිගණක ක්‍රීඩාවක් ඉතිහාසයේ නැති තරම්. ඒ වගේම Minecraft YouTube videos හදන සමහර creators ල ලෝකයේ ඉන්න ලොකුම creators ල බවට මේ ජනප්‍රියත්වය හින්ද පත් වෙලා තියනවා. ලෝකයේ වැඩියෙන්ම අලෙවි වන පරිගණක ක්‍රීඩාවක් වෙන Minecraft පසුගියදා අලුත් වාර්තාවක් පිහිටෙව්වා.
පසුගිය දෙසැම්බර් 15 වෙනිදා වෙද්දි Minecraft වීඩියෝස් වලට YouTube මත ට්‍රිලියන වාරයක් නැරඹුම් වාර්තා වෙලා තියනවා. ඉලක්කමෙන් ලීවොත් 1,000,000,000,000 ක views ප්‍රමාණයක්. මේ වගේ අති විශාල views ප්‍රමාණයක් එක පරිගණක ක්‍රීඩාවකට ලැබුන පලමු අවස්ථාව මෙයයි. මේක විශේෂ වෙන්න තවත් හේතුවක් තමයි Minecraft විසින් බිලියන 500ක views ප්‍රමාණය පසු කරේ 2019දි වීම, ඉතිරි views බිලියන 500 ම මේ අවුරුදු දෙකටත් අඩු කාලයෙන් ආපු එකෙන් අපිට හිතාගන්න පුලුවන් Minecraft contents කොච්චර පිරිසක් බලන්න පටන් ඇරන්ද කියන එක.

Minecraft ලංකාවෙනම් වැඩිය ප්‍රසිද්ධ නැති නිසා මේ පරිගණක ක්‍රීඩාව ගැන පොඩි විස්තරයක් බලමු. Minecraft සංවර්ධනය කරේ Sweden වල තියන Mojang කියන studio එක. මේක 2019 දි beta සංස්‍කරණයක් වශයෙන් නිකුත් වෙලා 2011 දි තමයි full release එක සිද්ද වුනේ. මේ වෙද්දි Minecraft ක්‍රීඩාවේ පිටපත් මිලියන 238ක් විතර විකිණිලා තියනවා. මේ වෙද්දි Mojang studio එක Xbox Game Studios එක යටතෙ තමයි තියෙන්නේ. Minecraft කියන්නෙ ඇත්තටම නිසි ඉලක්කයක් නැති sandbox පරිගණක ක්‍රීඩාවක්, ඕනනම් ඔයාට Minecraft වල objectives සම්පූර්ණ කරල ඉවර කරන්න පුලුවන් උනත් මේකෙ fun එක තියෙන්නෙ මේ ක්‍රීඩාවෙ තියන නිදහසෙ. තමන් කැමති තැනක් ගවේෂණය කරන්න, කැමති දෙයක් හදන්න, survive වෙන්න වගේ දේවල් මේ ක්‍රීඩාවේදි ඔයාට පුලුවන්. Minecraft වලට game modes කිහිපයකුත් නිල වශයෙන් නිකුත් වෙලා තියනව වගේම community එක විසින් හදපු game modes විශාල සංඛ්‍යාවක් තියනවා.

ඉහත ප්‍රස්ථාරයෙන් පෙන්වනවා Minecraft වලට මේ අවුරුදු 11 ඇතුලත YouTube views කොහොම ලැබිලද කියන එක. ඒකෙන් පේනවා 2019 වගේ කාලයෙදි Minecraft වල ජනප්‍රියතාව විශාල වශයෙන් ඉහල ගිහින් තියනව වගේම අලුත් modes කිහිපයකුත් ආරම්භ වෙලා තියනව කියලා.
Minecraft කියන්නේ මම play කරපු හොදම game එකක් 1.18 update එක තමා ඔකේ හොදම update එක .
goood work bro😍😍😍😍
Ow aththa thama
Minecraft Content Creator කෙනෙක් විදියට මේ වගේ Article එකක් ලංකාවේ Audience එකකට දාපු එක ගැන සතුටුයි.
Thank You For That.
Hello mc.dsg-esports.com srilanka minecraft server 🇱🇰
he hee i am lakindu yethmin 😋😋
mc.dsg-esports.com 1.8.8 – 1.17.1
Srilanka no 1 minecraft online server come and join 💓
Java and bedrock both can play together
My Love Minecraft And One Day I Will Become A Good Minecraft Creater
මම minecraft ගහන්න පටන්ගත්තෙ 2019 දි🔥❤️
මම ත් minecraft ගහන ව ස්තුතියි මෙහෙම එකක් දැම්මට
මම minecraft ගහන්න පටන් ගත්තේ මම 5 වසරෙදි දැන් 9 වසරේ
mama kamathima game eka
මොන game එක තිබ්බත් මමත් play කරන්නෙ Minecraft ♥️