Contact Information

WhatsApp Us

MSI සමාගමෙන් RTX 4070 Ti එලිදැක්වේ

 - 
English
 - 
en
Sinhala
 - 
si
Tamil
 - 
ta

2023 ජනවාරි 5 වනදා MSI සමාගම ඔවුන්ගේ නවතම RTX 4070 Ti GPU ගැන නිවේදනය කලා. Nvidia RTX 4070Ti GPU එක හරහා පණගැන්වෙන නවතම MSI Card පෙළෙහි MSI RTX 4070Ti – SUPRIM, GAMING TRIO සහ VENTUS ලෙස Series 3ක් යටතේ නිකුත් වෙනව. දැන් මෙම නවතම MSI RTX 4070Ti ලබාගැනීමට හැකියි.

නවීනතම තාක්ෂණයන් සහ Cooling සමගින් Silent, High Performance Output එකක් MSI RTX 4070Ti Cards හරහා Gaming සහ professional Workloads වලට ලබාගත හැකියි.

අපේ Site එක හොදට වැඩකරන රහස A2 Hosting

MSI SUPRIM Series

MSI SUPRIM Graphics Cards නිර්මාණය වන්නේ මනා පෙනුමක් සහිත Design එකක් හා ඉහලම කාර්යක්ෂමතාවයකින් හොදම Performance ලබාදීම යන කරුණු පාදක කරගනිමින්. Tri FROZER 3S යනු MSI හි ඇති හොදම Cooling Solution එකක් වන අතර මේ හරහා තාපය කාර්යක්ෂමව ඉවත් කිරීම TORX FAN 5.0 සහ Nickle Plated – Copper base plate සහ Heat Pipes භාවිතා වෙනව. Dual BIOS පහසුකම හරහා Graphics Card එකේ Silent Mode සහ Gaming Mode එක අතර පහසුවෙන් මාරු වීමේ හැකියාව ඇති නිසා ඔබගේ පහසුව පරිදි එය Switch කල හැකි වෙනව. Brushed Metal Backplate එකක් සහ RGB Mystic Light පහසුකම හරහා ARGB Lighting MSI RTX 4070Ti SUPRIM Card එකට ඇතුලත් කර තිබෙනව.

GAMING TRIO Series

Gaming TRIO Series එක හරහා Performance, Cooling සහ Low Noise අතර සමබර සංකලනයක් ලබාදීමට MSI සමාගම කටයුතු කර තිබෙනව. නව TORX 5.0 Fan Blade Design එක සමගින් TRI FROZER 3 Cooling Solution එක මෙහිදී භාවිතා වෙනව. Heat Pipes 6ක් සහ Nickle plated – Copper base plate එකක් MSI GAMING TRIO Series එකේදී භාවිතා වෙනව. DUAL BIOS පහසුකම හරහා Silent සහ Gaming Modes අතර මාරුවීමේ හැකියාව පවතිනව. Brushed Metal Backplate එකක් සහ ARGB පහසුකම සහිත Mystic Light පහසුකමත් මෙහිදී අඩංගු වෙනව.

VENTUS Series

තරගකාරී මිළකට MSI සමාගමෙන් ඉදිරිපත් වන VENTUS Series එක RTX 4070 Ti සදහා TORX FAN 4.0 3ක් සමගින් විශාල Heat sink එකක් සහ Cooling Solution එකක් සහ Metal Backplate එකක් MSI RTX 4070 Ti Ventus Card එකේ අඩංගු වෙනව.

ඉහත SUPRIM – GAMING TRIO සහ VENTUS යන RTX 4070 Ti මාදිලි සියල්ලේම පහත සදහන් පහසුකම් අඩංගු වෙනව.

MSI RTX 4070Ti Specifications

GPURTX™™ 4070 Ti
InterfacePCI Express® Gen 4
CUDA CORES7680 Units
VRAM12GB GDDR6X
Memory Bus192-bit
POWER285 W
POWER CONNECTOR16-pin x1
DIRECT X12
OUTPUTSDisplayPort x 3(v1.4a) HDMI™ x 1 
MAXIMUM RESOLUTION4K 120Hz HDR and 8K 60Hz HDR
(7680 x 4320)

Share:

Leave a Reply

Your email address will not be published. Required fields are marked *