Home Tech News Explained OnePlus සමාගමෙ පළමු foldable දුරකතනය
ExplainedPhonesTech News

OnePlus සමාගමෙ පළමු foldable දුරකතනය

Share
blank
Share

Foldable දුරකතන නිපදවීමේ තරගයට එක්වෙන්න සූදානම් වෙන මීලග සමාගම තමයි OnePlus සමාගමයි. ඉදිරියෙදි නිකුත් වෙන්න තිබෙන ඔවුන්ගෙ foldable දුරකතනය පිලිබදව තොරතුරු දැන් නිලනොවන ලෙස වාර්තා වී තිබෙනව.

මෙය OnePlus V Fold ලෙස නම් කර තිබෙනව. වාර්තා වෙන විදියට මෙම දුරකතනයෙ ෆ්ලැග්ශිප් performance තිබෙනව. මෙහි folding ඩිස්ප්ලේ එක අගල් 7.8ක 2K ස්ක්‍රීන් එකක් වන අතර external display එක අගල් 6.3කින් යුක්ත වෙනව. මෙම ස්ක්‍රීන් දෙකම 120Hz සදහා සහය දක්වනව.

ඒවගේම මෙහි අඩංගු වෙන්නෙ Snapdragon 8 Gen 2 chip එකයි. මෙය 16GB RAM එකකින් සහ 256GB storage ධාරිතාවකින් යුක්ත වෙනව. මෙහි කැමරාවෙ 48-megapixel ultra-wide ලෙන්ස් එකක් සහ 64MP telephoto sensor එකක් තිබෙනව. ඒවගේම external screen එකෙ 32MP front cam එකක් සහ 20MP selfie කැමරාවක් දුරකතනය දිගහැර තිබෙන විට බාවිතා කිරීමට තිබෙනව.

මෙහි බැටරියෙ 4,800mAh අගයක් තිබෙනව. එය 67W fast wired charging සදහා සහය දක්වනව.

මෙම දුරකතනය මේ වසරේ අගෝස්තු මාසයෙදි වෙළදපොලට නිකුත් වනු ඇතැයි වාර්තා වෙනව. ඒ බොහෝවිට Samsung සමාගම ඔවුන්ගේ Galaxy Z Fold 5 සහ Galaxy Z Flip 5 දුරකතන නිකුත් කිරීමෙන් පසුවයි.

මෙම දුරකතනයෙ මිල පිලිබදව තවමත් කිසිම සදහනක් නැති වුනත් මෙය මිල අධික දුරකතනයක් වනු ඇත. කෙසේනමුත් මේ විදියට එක් එක් සමාගම් මෙම foldable දුරකතන නිපදවීමේ තරගයට එක්වීම නිසා පාරිබෝගිකයන්ට තරගකාරී මිල ගණන් යටතේ මෙම දුරකතන මිලදී ගැනීමේ හැකියාව ලැබෙනව.

Share
Written by
Pramuka Ramanayake

Technology is anything that wasn't around when you were born.

Leave a comment

Leave a Reply

Related Articles

2026ට MSI සමාගමෙන් ගේන අලුත්ම උපාංග

Gaming වලින් සහ high-performance AI computing ලෝකයේ ප්‍රධාන නාමයක් වන MSI, 2026...

MSI සමාගමෙන් එන අලුත්ම gaming monitors

MSI සමාගම ඔවුන්ගේ අලුත්ම 32-inch 4K QD-OLED gaming monitor lineup එකට අලුතෙන්...

MSI සමාගමෙන් හදුන්වාදෙන නවතම PRO Max Series එක

2026 ජනවාරි 6 වෙනිදා MSI සමාගම නව PRO MAX Series එක හඳුන්වා...

යකෙක් වගෙ වැඩ ගන්න නවතම GeForce RTX™ 5090 32G LIGHTNING Z

Gaming වල real performance එක experience කරන්න නම් හොදම GPU එකක් තියෙන...