Press ESC to close

FarCry 6 ගැන හැමදේම (Part 2)

Weapons and mods

Classic Weapons

FarCry series එකටම ආවේණික වූ weapons වන Submachine guns (SMG), Light machine guns (LMG), Rifles, Snipers, Bows සහ Launchers මෙහිදී අපට දැකගත හැකිය. මෙම සියලුම weapons සඳහා අපට mods සහ perks විශාල ප්‍රමාණයක් දැකිය හැකි අතර mods install කිරීම සඳහා අවශ්‍ය අමුද්‍රව්‍ය සොයාගැනීම මගින් ඒවා weapon එකට install කරගත හැකිය.

Get Your Site Up with A2 Hosting

මෙහිදී අපට suppressor mod එක මගින් weapon noise එක අඩුකරගත හැකිය.එය stealth gameplay ප්‍රියකරන ක්‍රීඩකයන්ට ඉතා වැදගත්ය. Laser pointer mod එක මගින් ක්‍රීඩකයාට aim එක ලබාගැනීම පහසුකරයි. එසේම FarCry 6 හිදී අපට weapon mod ලෙස ammo type වෙනස්කිරීමටද හැකියාව ඇත.

Resolver Weapons

FarCry series එකට මුල්ම වතාවට හඳුන්වාදෙන special weapon වර්ගයකි. ඉවතලන අමුද්‍රව්‍ය හා භාවිතයට නොගන්නා වාහන කොටස් වැනි දේවල්වලින් මේවා නිර්මාණය කරගත හැකිය.

මෙම resolver weapons අතර FarCry new dawn හි දක්නට ලැබුන saw launcher එක වැනි එම mechanism එකටම අනුව සෑදූ CD launcher එකක් දක්නට ලැබේ.එසේම La clavadora නමැති crossbow එක, Tostador නමැති flamethrower එක, El susurro නමැති ඇණ විදින gun එක සහ යතුරුපැදි engine එකක් භාවිතයෙන් සාදාගත් minigun එක වැනි weapons රාශියක් අපට craft කර භාවිතයට ගතහැකිය. Classic weapons වලට මෙන්ම මෙම resolver weapons සඳහාද mods රාශියක් install කළහැකිය.

Supremo Backpacks

Supremo backpacks යනු විශේෂිත වූ ability එකක් සහිත තැනින් තැනට රැගෙන යා හැකි weapons වර්ගයකි. මේවා වර්ග 6ක් FarCry 6 තුළ අපට දැකිය හැකිය.එයින් කිහිපයක් පිළිබඳව පහතින් සඳහන් කරන්නම්,

  1. Volta: – මෙමගින් EMP blast එකක් නිකුත්කරන අතර එමගින් සතුරන් stun කිරීම, ආරක්ෂිත පද්ධති       ක්‍රියා විරහිත කිරීම, වාහන hijack කිරීමට අවස්ථාව ලබාදීම ආදී ප්‍රයෝජන ලබාගත හැකිය.
  1. Furioso: – මෙමගින් ගිනි වළල්ලක් නිර්මාණය කළහැකි අතර උඩපැනීම මගින් එම වළල්ල විශාල ප්‍රදේශයක් පුරා පැතිරවිය හැකිය.
  1. Exterminador :- මෙය තැනින් තැනට රැගෙන යා හැකි rocket launcher එකක් සහිත backpack එකකි.
  1. Medico: – මෙමගින් අප ක්‍රීඩකයාට ස්වයං heal වීමට, revive වීමට සහ අපගේ මිතුරන්ද heal කිරීම සිදුකළ හැකිය. 

Supremo backpacks සඳහාද gadget mods සහ mods ලෙස customization ගණනාවක් FarCry 6 තුළ දක්නට ලැබේ. Gadget mods මගින් grenades, molotovs, knives වැනි items backpacks තුළ store කළහැකිවන අතර mods මගින් backpack එකේ damage එක වැඩිකිරීම ආදී විවිධ දේ රාශියක් කළහැකිය.

Weapons විශාල ගණනක එකතුවකින් සමන්විත FarCry 6 හිදී ක්‍රීඩකයාට එක වරකට Primary weapons 2 ක්, එක් Resolver weapon එකක්, Sidearm එකක්, Supremo backpack එකක් සහ grenades වැනි විවිධ throwable items රැගෙන යා හැකිය.

Workbenches

පෙර සඳහන් කළ weapons mod කිරීම හා supremo backpack mods install කිරීම ආදිය ක්‍රීඩකයාට සිදුකළ හැක්කේ මෙහිදීය.

Armor

FarCry 6 හි ක්‍රීඩකයාගේ armor එකටද ප්‍රධාන ස්ථානයක් දී ඇත. Head, chest, wrist, legs සහ foot ලෙස gear වර්ග 5කින් අපට සන්නද්ධ විය හැක. මෙම එක් එක් gear equip කිරීමෙන් එහි අඩංගු විවිධ abilities ද ක්‍රීඩකයාට ලැබේ.

Vehicles and mods

Weapons සඳහා මෙන්ම වාහන සඳහාද FarCry 6 හිදී mods එක්කළ හැකිය. Machine guns වැනි ප්‍රහාරාත්මක weapons, ආරක්ෂක යුධ සන්නාහ සහ ramming weapons මෙලෙස වාහන සඳහා mods ලෙස යොදාගත හැකිය.

Construction Desk

අපගේ මිතුරු කඳවුර සඳහා විවිධ පහසුකම් ලබාදෙමින් upgrade කිරීම මෙමගින් සිදුකළ හැකිය.මෙලෙස දැකිය හැකි පහසුකම් කිහිපයකි,

  1. Hideout network: – Yara පුරා විසිරුණු ගරිල්ලා hideouts පිලිබඳ වූ රහස් ජාලයකි. මෙම පහසුකම ගොඩනගාගැනීමෙන් ක්‍රීඩකයාට wingsuit එක සහ hideouts වලට fast travel කිරීමේ හැකියාව ලැබේ.
  2. Guerrilla garrison: – අපගේ මිතුරු ගරිල්ලා සටන්කරුවන් සඳහා පුහුණුවීම් සහ වැඩි දියුණුකළ ආයුධ මෙමගින් සපයයි.
  3. Fishing hut: – Yara හි ජලාශවල සිටින විවිධ මත්ස්‍යයන් ගැන අධ්‍යනය කළ හැකි අතර fishing activities ද සිදුකළ හැකිය. 
  4. Hunter’s lodge: – Yara හි වෙසෙන විවිධ සතුන් දඩයම් කිරීමේ activities මෙමගින් සිදුකළ හැකි අතර එම එක් එක් සත්ත්වයන් දඩයම් කිරීම වෙනුවෙන් විවිධ වූ rewards මෙහිදී ලබාගත හැකිය.
  5. Bandidos barracks: – අපගේ මිතුරු ගරිල්ලා සටන්කරුවන් මෙමගින් වැඩිකරගත හැකි අතර විවිධ මෙහෙයුම් ඔවුන්ට භාරදිය හැක.
  6. La cantina: – මෙහිදී අප දඩයම් කරන සතුන් වෙනුවට තාවකාලික boosts සහිත ආහාර trade කිරීම සිදුකළ හැකිය.

 Enemies

FarCry new dawn හි දක්නට ලැබුන enemy health bars මෙහිදිද දැකගත හැකිය. අපගේ phone එක භාවිතකර දුර තියාම සතුරන්ව scout කර ඔවුන්ගේ strengths හා weaknesses හඳුනාගත හැක.

Antagonists

Farcry 6 තුළ අපට ප්‍රධාන සතුරා වන Anton Castillo ට අමතරව ඔහුගේ යටතේ සිටින වෙනත් සතුරන් 4 දෙනෙකු හා සටන්වැදිය යුතුය.

  1. Benitez: – FND නාවික අණදෙන්නා වන මැය සතුව Yara හි නාවික බලය පවතී.
  2. Jose Castillo :- Anton Castillo ගේ බෑණා වන මොහු FND ජෙනරාල්වරයෙකි.
  3. Maria Marquessa: – Yara හි ඉහළ පැලැන්තියේ තැනැත්තියක් වන මැය Yara හි සංස්කෘතික අමාත්‍ය ධූරය දරයි.
  4. Sean Mckay: – අධිරාජ්‍යවාදියෙකු වන මොහු Viviro නමැති drug එක ආනයනය හා අපනයනය භාරව කටයුතු කරයි.

Other side activities

  1. Fishing and Hunting: – විනෝදාස්වාදය සඳහාත් මනස සැහැල්ලු කරගැනීම සඳහාත් මසුන් ඇල්ලීම, සතුන් දඩයම් කිරීම FarCry 6 තුළදී අපට කළ හැක. මෙසේ දඩයම්කරන සතුන් අපට අවශ්‍ය ද්‍රව්‍ය සඳහා trade කිරීමද කළහැක.
  2. Gran Premio races :- මෙහිදී ඔබට random car එකක් ලැබෙන අතර මෙම races සාර්ථකව නිමකිරීමෙන් පසු rewards ලෙස අපගේ වාහන සඳහා ආරක්ෂක ආවරණ, විවිධ වූ ආයුධ ආදිය ලබාගත හැකිය.
  3. Treasure Hunts: – අපැහැදිලි අත් අකුරු සහිත ලේඛණයක් සොයාගැනිම මගින් ආරම්භ වන අතර විවිධ වූ puzzles විසඳීමෙන් treasure එක ලබාගත හැකිය. සමහර treasure hunts අවසන්කිරීමට pelican කුරුල්ලෙකු පසුපස ගොස් treasure එක ලබාගත යුතුය.
  4. Collectible Hunts: – මෙහිදී Yara හි අමුතුම ස්ථානවල ඇති honour idols එකතුකිරීම කළහැක. ප්‍රධාන කතාවට සම්බන්ධයක් නැති micro story එකක් පිළිබඳව මෙම collectible hunts මගින් දැනගත හැකිය.
  5. Dominos: – අපගේ මිතුරු කඳවුරේදී Dominos නමැති ක්‍රීඩාවට අපට මුදලට ඔට්ටු ඇල්ලිය හැකිය. Yara හි භාවිතවන මුදල් ඒකකය වන්නේ Yaran Pesos නමැති මුදල් ඒකකයයි.

System Requirements

FarCry 6 play කිරීමට අවශ්‍ය minimum සහ recommended requirements පහතින් සඳහන් කරන්නම්,

SystemMinimum PC requirements: 1080p, 30FPS (no raytracing)  Recommended PC settings: 1080p, 60FPS (no raytracing)  
CPUAMD Ryzen 3 1200 – 3.1 GHZ or Intel i5-4460 – 3.2 GHZAMD Ryzen 5 3600X – 3.8 GHZ or Intel i7-7700 – 3.6 GHZ
GPUAMD RX 460 – 4 GB or NVIDIA GTX 960 – 4 GBAMD RX VEGA64 – 8 GB or NVIDIA GTX 1080 – 8 GB
VRAM4GB8GB
RAM8GB16GB
Storage60GB60GB
OsWindows 10(64 bit)Windows 10(64 bit)

Eshan Amarasinghe

Eshan Loves Gaming and also writes about them, This will help you understand the game better and have an overall good experience.

Comments (2)

Leave a Reply

Your email address will not be published. Required fields are marked *