Press ESC to close

Far Cry 5 Review

Overview

Joseph Seed නම් උමතු ආගමික උපදේශකයාගේ බලයට පැමිණීමත් සමග ඇමරිකාවේ මනඃකල්පිත ප්‍රාන්තයක් වන Hope County හි ජනතාවට සිදුවන පීඩාත් සමග ඔහුව අත්අඩංගුවට ගැනීමට යන අපගේ චරිතය ඇතුළු නිලධාරීන් කිහිපදෙනෙකුට අනපේක්ෂිත ලෙස මුහුණදීමට සිදුවන සිදුවීම් පාදක කරගෙන මෙම ක්‍රීඩාව නිර්මාණය වී ඇත.

Get Your Site Up with A2 Hosting

Joseph Seed ප්‍රාන්තයේ බලයට පැමිණෙන්නේ “The Collapse” නමින් ඔහු හඳුන්වන ගෝලීය විනාශයකින් Hope County හි වැසියන් ආරක්ෂාකිරීමට දෙවියන් විසින් ඔහුව තෝරාගත් බව පවසමිනි.එම විස්වාසය සිතේ තබාගනිමින් ඔහු Project at Eden’s gate නමින් සංවිධානයක් ආරම්භ කරනලදී.මතුපිටින් මෙය මිනිසුන්ගේ විමුක්තිය උදෙසා කරන ක්‍රියාවක් බව පෙනුනද සත්‍ය නම්, Joseph Seed යනු අන්තවාදී මනෝ ව්‍යාධිකයෙක් වීම සහ ඔහුගේ Eden’s gate සංවිධානයද අන්තවාදී වීමයි.ඔහු ඔහුගේ family එකේ අනිත් සාමාජිකයන් වන John Seed, Jacob Seed සහ Faith Seed ගේද උදව් ඇතිව Hope County හි වැසියන් බියට පත්කරමින් ඔවුන්ව බලෙන් Eden’s gate සංවිධානයට බඳවාගැනීමේ නිරතවෙයි. “The Father” නම් අනවර්ථ නාමයෙන් තමන්ව හඳුන්වාගන්නා Joseph Seed ප්‍රාන්තයේ වැසියන් brainwash කිරීම,ඔහුගේ සංවිධානය ප්‍රතික්ෂේප කළ වැසියන්ට දඬුවම් දීම,ප්‍රාන්තයෙන් පිටට උදව් ඉල්ලා දුරකථන ඇමතුම් ගැනීම තහනම් කිරීම ආදී විවිධ පීඩාකාරී කටයුතු සිදුකරමින් සිටියි.

Plot

2018 වර්ෂයේදී “Rookie” නමින් හඳුන්වන අපගේ ප්‍රධාන චරිතය ඇතුළු නිලධාරීන් 5 දෙනෙකු Joseph Seed ව අත්අඩංගුවට ගැනීම සඳහා ඔහුගේ compound එකට යන්නේ Joseph Seed විසින් මිනීමැරුමක් සිදුකරන video එකක් leak වීමත් සමගය. US Marshal Burke, Sheriff Whitehorse, උප ප්‍රධානීන් වන Joey Hudson සහ Stacy Pratt මෙන්ම junior deputy කෙනෙකු වන Rookie ද මෙම ගමනට එකතුවේ. නිලධාරීන් Joseph Seed ගේ church එකට ඇතුළු වූ පසු Marshal Burke විසින් අත්අඩංගු වරෙන්තුව Joseph ට පෙන්වයි. Church එක තුළ සිටි Joseph ගේ followers ලා ඔහුව ආරක්ෂාකිරීමට එක්රොක් වුවත් Joseph ඔවුන්ව සන්සුන් කර church එකෙන් නික්මෙන ලෙස පවසයි. මෙහිදී ඔබට Joseph ට මාංචු දැමීමට අවස්ථාව ලැබේ.මෙහිදී ඔබට එනම් Rookie ට option 2ක් ලැබේ.ඔබගේ තෝරාගැනීම අනුව ක්‍රීඩාවේ outcome එකද වෙනස් වේ.

 Option 1: – ඔබ Joseph Seed ට මාංචු දැමුවහොත් Far Cry 5 හි main story එක ආරම්භ වේ

 Option 2: – ඔබ Joseph Seed ට මාංචු නොදැමුවහොත් Far Cry 5 හි secret ending එක ආරම්භ වේ (මෙහිදී Whitehorse විසින් Joseph ගේ අත් පහතට දමා පවසන්නේ ඔහුව අත්අඩංගුවට ගතහොත් ඔවුන් 5 දෙනාටම compound එකෙන් පණපිටින් එළියට යා නොහැකි බවය. එම නිසා ඔවුන් Joseph Seed ව අතහැර එතනින් නික්මී යන අතර ක්‍රීඩාව එතනින් අවසන් වේ).

Option 1 අනුව Joseph ව අත්අඩංගුවට ගැනීමේදී ඔහු පවසන්නේ දෙවියන් ඔහුව රැගෙනයාමට ඉඩනොදෙන බවයි. ඔවුන් Joseph ව අත්අඩංගුවට ගෙන හෙලිකොප්ටරයට ගොඩ වූ පසු ඔහුගේ followers ලා හෙලිකොප්ටරය ගුවන්ගත වන අවස්ථාවේ එහි රොටරයට පැන හෙලිකොප්ටරය කඩන්වැටීමට සලස්වයි.විනාශ වූ හෙලිකොප්ටරය තුළ සිටි සියලුදෙනා දිවි ගලවාගන්නා අතර Joseph එම මොහොතේ Rookie ට පවසන්නේ ඔහුව ඔවුන්ට රැගෙනයාමට දෙවියන් ඉඩනොදෙන බවට ඔහු කලින්ම පැවසූ බවයි. Joseph ව ඔහුගේ followers ලා විසින් බේරාගන්නා අතර ඉන්පසු ඔහු නිලධාරීන්ව අල්ලාගන්නා ලෙස followers ලාට අණකරයි. Whitehorse, Hudson සහ Stacy ඔවුන්ට හසුවන අතර අපගේ චරිතය Rookie සහ Marshall Burke පලායයි. Pickup truck රථයකින් පලායන අතරතුර ඔවුන්ව නැවත Joseph ගේ followers ලාට හසුවන අතර truck එක ජලාශයකට පෙරළෙයි. ඉන්පසු Burke වද cultists ලාගේ ග්‍රහණයට හසුවන අතර Rookie ව Dutch නම් Joseph ට විරුද්ධ පුද්ගලයෙක් විසින් ඔහුගේ බංකරයට රැගෙන යයි.එහිදී Dutch විසින් Hope County එකේ වැසියන්ට අත්ව ඇති ඉරණම Rookie ට පැහැදිලිකරයි. Dutch ඔහුගෙන් ඉල්ලාසිටින්නේ Joseph ට විරුද්ධ සටනට එකතුවී Hope County එක බේරාගැනීමට උදව් ලබාදෙන ලෙසය.

ඉතින් එතනින් පසු කුමක් සිදුවේවිද? Rookie, Hope County බේරාගැනීමේ පුරෝගාමියා වෙයිද? මෙම ප්‍රශ්නවලට පිළිතුරු සොයාගැනීම ක්‍රීඩකයා වන ඔබට භාරයි.

Gameplay

  • Dutch ගේ island එක cult එකේ ග්‍රහණයෙන් මුදවාගැනීමෙන් පසු ක්‍රීඩකයාට Hope County හි ඉතිරි regions වලට access එක ලැබේ. Hope County එක regions 3කට බෙදා ඇති අතර එක් එක් region එක පාලනය කරන්නේ Seed family member කෙනෙකු විසිනි. John, Jacob හා Faith යන මෙම family members ලාට මුහුණදීමට නම් ඔබට එක් එක් region එකේ Eden’s gate එකට විරුද්ධව සටන් වදින resistance එකේ missions වලට join වියයුතුය. එක් එක් region එකෙහි final boss ට මුහුණදීමට නම් අදාල resistance points ප්‍රමාණය ලබාගත යුතුය.ඔවුන් 3දෙනාවම defeat කළ පසු ඔබට The Father හා මුහුණට මුහුණ සටන්වැදිය හැකිය.
  • Main missions වලට අමතරව races, secret stash hunts, cult outposts liberate කිරීම, hostage rescue, cult properties විනාශකිරීම වැනි side missions හා activities ද දක්නට ලැබේ.
  • මෙම missions සඳහා ඔබගේ සහයට guns for hire නම් නව menu එකක් Far Cry 5 හිදී හඳුන්වා දී ඇත.මෙහිදී ඔබගේ සහයට මොවුන් පැමිණෙනු ඇත. Snipers, archer, pilot කෙනෙකු මෙන්ම “Boomer” නමැති සුනඛයා, “Cheeseburger” නමැති වලහා වැනි සතුන්ද මෙසේ hire කළ හැක.
  • සුපුරුදු skills section එක මෙන්ම weapons හා throwables ද Far Cry 5 හි දක්නට ලැබේ.එසේම customizable vehicles මෙන්ම Far Cry series එකට අලුතින් එක්වූ character customization එකද දක්නට ලැබේ.
  • මෙම ක්‍රීඩාවේදී ඔබට විවිධ options ද ලැබෙන අතර එම නිසා Far Cry 5 විවිධ endings කිහිපයකින් සමන්විතය.නමුත් එම endings සියල්ලන්ගෙමත් main story එකට අනුව වඩාත්ම ගැලපෙන endings එකක් පමණක් ඇත.

System Requirements

ඔබේ පරිගණකයේ Far Cry 5, play කිරීමට අවශ්‍ය minimum සහ recommended system requirements පහතින් සඳහන් කර ඇත….. 

SystemMinimumRecommended
CPU i5-2400 | AMD FX-6300 @ 3.5 GHz or betteri7-4770 @ 3.4 GHz | AMD Ryzen 5 1600 @ 3.2 GHz or better
GPUGTX 670 | AMD R9 270 (2GB VRAM)GTX 970 or AMD R9 290X (4GB VRAM)
VRAM2GB4GB
RAM8GB8GB
Storage40GB40GB
OS Windows 7 SP1, Windows 8.1, Windows 10 (64-bit only) Windows 7 SP1, Windows 8.1, Windows 10 (64-bit only)

2018 වසරේ නිකුත්වූ open world 1st person shooter පරිගණක ක්‍රීඩාවක් වන Far Cry 5 යනු franchise එකට ආවේණික ලෙස gaming ලෝකයට තවත් iconic villain කෙනෙක් හඳුන්වාදුන් පරිගණක ක්‍රීඩාවකි. 

Eshan Amarasinghe

Eshan Loves Gaming and also writes about them, This will help you understand the game better and have an overall good experience.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *