Home Tech News TeamViewer සමාගමත් හැක් වෙයි
Tech News

TeamViewer සමාගමත් හැක් වෙයි

Share
blank
Share

මෑත කාලයේ බොහොමයක් සමාගම් හැකර්කරුවන් අතින් හැක් වීම් වලට ලක් උනා. ඒවගේම එම සමාගම් වලින් විශාල වශයෙන් දත්ත සොරාගැනීමත් සිදුවුනා. මේ ආකාරයට පසුගිය දිනක හැකර් ප්‍රහාරයකට ලක්වුනු සමාගම තමයි TeamViewer.

TeamViewer සොෆ්ට්වෙයා එක රිමෝට් වැඩකටයුතු සදහා විශාල වශයෙන් භාවිතා වෙනවා. ඒවගේම කොරෝනා වසංගත කාලයේදී මෙහි ඉල්ලුම තවත් ඉහළ ගියා. පසුගිය දිනක(26-06-2024) නිවේදනයක් නිකුත් කරමින් එම සමාගම පවසා තිබුනේ ඔවුන්ගේ දත්ත ගබඩා හැක් වීමට ලක් වී ඇති බවයි.

මෙම හැක් කිරීම සිදුකර තිබෙන්නෙ APT29 ලෙස හදුන්වන ඒවගේම Cozy Bear, Midnight Blizzard යන නම් වලින්ද හදුන්වන රුසියානු බුද්ධි අංශයට අයත් හැකර්කරුවන් විසින්. මෙම හැකර් කන්ඩායම ප්‍රධාන සමාගම් සහ රජයේ ආයතන කිහිපයකටම දැවැත්ත හැකර් ප්‍රහාර එල්ල කර තිබෙනව. මොවුන් සංවේදි දත්ත සොරාගැනීම පිලිබදව වැඩි ප්‍රසිද්ධියක් උසුලනවා.

TeamViewer සමාගම ජර්මනියෙ ස්ථාපිත සමාගමක් වන අතර ඔවුන් පවසා තිබෙන්නෙ මේ හැක් කිරීම සිදුකර තිබෙන්නෙ ඔවුන්ගේ සේවකයන්ගෙ දත්ත සොරාගැනීමට බවයි. එහිදී පරිශීලක දත්ත කිසිවක් සොරාගෙන නැති බවද, ඔවුන්ගේ එම දත්ත ගබඩා වෙන වෙනම පිහිටුවා තිබීම මෙයට හේතුව බවයි සමාගම සදහන් කරන්නෙ.

මෙම ප්‍රහාරයෙන් සොරාගෙන ඇති දත්ත පිලිබදව එම සමාගම වැඩිදුර තොරතුරු නිකුත් කර නැහැ. මෙම TeamViewer සොෆ්ට්වෙයා එක බොහොමයක් ප්‍රධාන පෙලේ සමාගම්ද බාවිතා කරනව. ඒ අතර DHL සහ Coca-Cola සමාගම් ප්‍රධාන තැනක් ගන්නව. සමාගම පවසන ආකාරයට ඔවුන්ගේ ප්‍රීමියම් සේවාව ලබාගන්නා පරිශීලකයන් ලොවපුරා 600000 පමන සිටිනව. ඒවගේම උපාංග බිලියන 2.5 පමන මෙම සොෆ්ට්වෙයා එක රන් වෙනවා.

Share
Written by
Pramuka Ramanayake

Technology is anything that wasn't around when you were born.

Leave a comment

Leave a Reply

Related Articles

2026ට MSI සමාගමෙන් ගේන අලුත්ම උපාංග

Gaming වලින් සහ high-performance AI computing ලෝකයේ ප්‍රධාන නාමයක් වන MSI, 2026...

MSI සමාගමෙන් එන අලුත්ම gaming monitors

MSI සමාගම ඔවුන්ගේ අලුත්ම 32-inch 4K QD-OLED gaming monitor lineup එකට අලුතෙන්...

MSI සමාගමෙන් හදුන්වාදෙන නවතම PRO Max Series එක

2026 ජනවාරි 6 වෙනිදා MSI සමාගම නව PRO MAX Series එක හඳුන්වා...

යකෙක් වගෙ වැඩ ගන්න නවතම GeForce RTX™ 5090 32G LIGHTNING Z

Gaming වල real performance එක experience කරන්න නම් හොදම GPU එකක් තියෙන...