Home Tech News Epic Games සමාගමෙන් iOS වලට App Store එකක්
Tech News

Epic Games සමාගමෙන් iOS වලට App Store එකක්

Share
blank
Share

Epic Games සමාගම ඔවුන්ගේම app store එකක් දැන් නිකුත් කර තිබෙනවා. ඒ Apple සමාගමේ iOS app store එකට තරගයක් දීම සදහායි.European Union එක තුල Apple සමාගමේ සහ Epic Games සමාගමෙ ගැටුම බොහෝ කලක් පැවතුනා. Epic Games සමාගම Apple සමාගමෙ app store policies වලට එකග නොවන බව ප්‍රකාශ කිරීමත් සමග මෙම තත්වය පැනනැගුනා.

Epic Games store එකට පිවිසෙන්න Android පරිශීලකයන්ටත් පුලුවන්. මෙම store එක ඔවුන් දියත් කරන්නෙ ප්‍රධාන වශයෙන් ඔවුන්ගේ ක්‍රීඩා වන Fortnite, Rocket League Sideswipe සහ Fall Guys ඇතුලත්වයි. ඒ වගේම වෙනත් ක්‍රීඩා මෙයට එක්කිරීමට ඔවුන් දැන් වෙනත් පරිගණක ක්‍රීඩා සංවර්ධකයන් සමග එක්ව කටයුතු කරමින් සිටින බව වාර්තා වෙනවා.

ඒවගේම පසුකාලීන Epic Games සමාගමේ ක්‍රීඩා iOS වලට තිබෙන Aptoide app store එකටත් Android සදහා තිබෙන ONE Store එකටත් එක්කරන බව සදහන් කර තිබෙනවා.

European Union එකේ Digital Market Act. නම් නීතී සංග්‍රහය නිසා Apple සමාගමට වෙනත් තරගකාරී සංවර්ධකයන්ට නැගී සිටීමට අවස්තාවක් දීමට සිදුවෙනවා. ඒ හේතුව නිසා වසර හතරකට පසුව Fortnite ක්‍රීඩාව නැවතත් app store එකට එක්කර තිබෙනවා. මෙය Epic Games සමාගම මීටපෙර ඉවත් කරගනු ලැබුවේ සමාගම් දෙක අතර තිබුනු නීතිමය ගැටලු නිසයි.

මේ වනවිට Epic Games සමාගම Epic Games store එක iOS සහ Android දුරකතන වලට install කරගන්න ආකාරය දැක්වෙන guide වීඩියො දැන් නිකුත් කර තිබෙනවා.

Share
Written by
Pramuka Ramanayake

Technology is anything that wasn't around when you were born.

Leave a comment

Leave a Reply

Related Articles

2026ට MSI සමාගමෙන් ගේන අලුත්ම උපාංග

Gaming වලින් සහ high-performance AI computing ලෝකයේ ප්‍රධාන නාමයක් වන MSI, 2026...

MSI සමාගමෙන් එන අලුත්ම gaming monitors

MSI සමාගම ඔවුන්ගේ අලුත්ම 32-inch 4K QD-OLED gaming monitor lineup එකට අලුතෙන්...

MSI සමාගමෙන් හදුන්වාදෙන නවතම PRO Max Series එක

2026 ජනවාරි 6 වෙනිදා MSI සමාගම නව PRO MAX Series එක හඳුන්වා...

යකෙක් වගෙ වැඩ ගන්න නවතම GeForce RTX™ 5090 32G LIGHTNING Z

Gaming වල real performance එක experience කරන්න නම් හොදම GPU එකක් තියෙන...