Home Tech News ඉබේම Restart වෙන iPhone 16 bug එක
Tech News

ඉබේම Restart වෙන iPhone 16 bug එක

Share
blank
Share

Apple සමාගම විසින් පසුගිය දිනක ඔවුන්ගේ අලුත්ම iPhone 16 series එක එලිදැක්වූවා. එහිදී ඔවුන් දුරකතන මාදිලි 4ක් හදුන්වා දුන්නා. මේ අතරින් iPhone 16 pro සහ 16 pro max භාවිතා කරන පරිශීලකයන්ට ඔවුන්ගේ දුරකතන වල විවිධ ගැටලු මතුවෙලා තියන බව වාර්තා වෙනවා.

මේ ආකාරයට ගැටලු ඇතිවුනු පරිශීලකයන් විසින් මේ පිලිබදව තමන්ගේ අත්දැකීම Reddit වල සහ Apple support community වල විස්තර කර තිබුනා. ඒවගේම Apple සමාගමටත් පැමිනිලි කර තිබුනා. මේක හැම Apple pro දුරකතන වලටම ඇති වෙලා තිබෙන ගැටලුවක් නොවේ. සමහර මාදිලි සදහා පමනක් සිදුවෙලා තියන ගැටලුවක්. මේ ගැටලු වාර්තා කර තිබෙන පරිශීලකයන්ට අනුව ඔවුන්ගේ දුරකතන එක්වරම freeze වීමකට හෝ restart වීමකට ලක්වෙලා තිබෙනවා. එක්වරම දුරකතනය freeze උනු අවස්තාවල ඔවුන් විසින්ම දුරකතනය restart කිරීමෙන් අනතුරුව මෙම ගැටලුව එම අවස්තාවට විසදුනු බව එම පරිශීලකයන් වැඩිදුරටත් පවසා තිබෙනවා.

සැප්තැම්බර් මාසයේ දුරකතනය නිකුත් වී කිහිපදිනකින්ම මෙම ගැටලු මතු වී තිබෙන අතර මේ වනවිට iPhone දුරකතන සැලකිය යුතු සංඛ්‍යාවක මෙය සිදුවෙල තිබෙනවා. තවත් සමහර පරිශීලකයන් පවසන්නෙ ඔවුන්ගේ දුරකතන දවසකට 10ත් 20ත් අතර අවස්තා ගණනක් ඉබේම restart වීමක් වෙන බවයි. ඒවගෙම සමහර සාමාන්‍ය වැඩ වන scrolling, ඇප් ඩිලීට් කිරීම වැනි අවස්තාවලත් දුරකතනය lag වීමකට ලක් වෙන බවයි.

බොහොමයක් පරිශීලකයන් මේ ගැටලු පිලිබදව Apple සමාගමට වාර්තා කර ඔවුන්ගේ දුරකතන replace කරගෙන තිබෙනවා. Apple සමාගමෙන් මේ වනවිට iOS 18.0.1 සහ iOS 18.1 updates දෙකම නිකුත් කර තිබුනත් මේ අප්ඩේට් වලින් මෙම ගැටලු නිරාකරණය කර නැහැ. අලුත් අප්ඩේට් බාගත කරගැනීමෙන් පසුවත් මෙම ගැටලු ඒ ආකාරයෙන්ම තිබුනු බව පරිශීලකයන් පවසා තිබෙනවා.

කොහොමවුනත් මෙය සියලුම iPhone 16 pro දුරකතන මාදිලි වල ඇති වෙල තිබෙන ගැටලුවක් නොවෙ. සමහර දුරකතන වල කිසිම ගැටලුවක් නැතුව ක්‍රියාත්මක වෙනවා. මෙය සිදුවන්නෙ කුමන රටවල් වලට නිකුත් කල කුමන මාදිලි වලද කියල තවමත් සොයාගෙන නැහැ.

Share
Written by
Pramuka Ramanayake

Technology is anything that wasn't around when you were born.

Leave a comment

Leave a Reply

Related Articles

2026ට MSI සමාගමෙන් ගේන අලුත්ම උපාංග

Gaming වලින් සහ high-performance AI computing ලෝකයේ ප්‍රධාන නාමයක් වන MSI, 2026...

MSI සමාගමෙන් එන අලුත්ම gaming monitors

MSI සමාගම ඔවුන්ගේ අලුත්ම 32-inch 4K QD-OLED gaming monitor lineup එකට අලුතෙන්...

MSI සමාගමෙන් හදුන්වාදෙන නවතම PRO Max Series එක

2026 ජනවාරි 6 වෙනිදා MSI සමාගම නව PRO MAX Series එක හඳුන්වා...

යකෙක් වගෙ වැඩ ගන්න නවතම GeForce RTX™ 5090 32G LIGHTNING Z

Gaming වල real performance එක experience කරන්න නම් හොදම GPU එකක් තියෙන...