Home Tech News Ai Live View AR විශේෂාංගය සමග අලුත්වෙන Google Maps
AiTech NewsUpdates

Live View AR විශේෂාංගය සමග අලුත්වෙන Google Maps

Share
blank
Share

Google සමාගම විසින් Google Maps වෙත නව විශේෂාංගයක් හදුන්වා දී තිබෙනව. ඒ augmented reality මගින් Live View එකක් Maps තුල ලබාගැනීමේ හැකියාව සහිත නව update එකයි. මෙය දැනට London, Los Angeles, New York, Paris වැනි නගර කිහිපයක් සදහා පමනක් Android සහ iOS දුරකතන වලට නිකුත් කර තිබෙනව. ඉදිරියේදී සියලුම රටවල් සදහා මෙය නිකුත් කරන බව Google සමාගම පවසා තිබෙනව.

මෙමගින් සිදුවන්නේ පරිශීලකයා දුරකතනය අල්ලාගෙන අවට ලෝකය දෙසට යොමු කලවිට විශේෂ ස්තාන එනම් ATM, කෝපිහල් හෝ වෙනත් ප්‍රසිද්ධ ස්තාන මෙමගින් real time පෙන්වනව. ඔබ සිටින්නේ Live View සමඟින් සෙවීම ලබා ගත හැකි නගරයක නම් Google Maps search bar එක තුල ඇති camera button එක මත tap කිරීමෙන් පසුව දුරකතනයේ කැමරාව අවට ඇති ගොඩනැගිලි සහ ස්ථාන වෙත යොමු කලවිට pop up එකක් මගින් එම landmarks පිලිබදව විස්තර දක්වනව. එහි ඇති තිත් මත ක්ලික් කිරීමෙන් එම ස්තාන පිලිබදව වැඩිදුර තොරතුරු දැනගත හැක.

මෙහි තවත් update කිහිපයක් එක්කර තිබෙනව. ඒ අතර EV charging station පිලිබදව සෙවීමක් කලවිට වඩාත් ඉක්මනින් බැටරිය ආරෝපණයක කරගත හැකි ස්තාන filter කර පෙන්වීම දැක්විය හැකියි.

එසේ එක්කල තවත් විශේෂාංගයක් වන්නෙ accessible places එකයි. එමගින් සෙවීමක් කරන ලද ගමනාන්තයේ wheelchair-accessible තිබේදැයි පෙන්වයි. මෙම update එක දැනට ලොවපුරා නිකුත් කර තිබෙනව.

තවත් විශේෂාංගයක් වන්නෙ පරිශීලකයාට නිශ්චිත ආහාර වේලක් පිලිබදව සෙවුමක් කලවිට එම ආහාර වේල ලබාගත හැකි පරිශීලකයාට ආසන්නේ ඇති අවන්හල් පිලිබදව විස්තර පෙන්වීමයි.

එසේම Multi search ක්‍රමය මගින් දැන් image සහ text යොදාගෙන වඩාත් නිවැරදි සෙවුමක් කරගැනීමේ හැකියාව තිබෙනව. තවත් නව විශේෂාංග කිහිපයක් හදුන්වා දෙන බව Google සමාගම පවසා තිබුනත් ඒ පිලිබදව තවමත් නිසි තොරතුරක් නිවේදනය කර නැත.

Share
Written by
Pramuka Ramanayake

Technology is anything that wasn't around when you were born.

Leave a comment

Leave a Reply

Related Articles

2026ට MSI සමාගමෙන් ගේන අලුත්ම උපාංග

Gaming වලින් සහ high-performance AI computing ලෝකයේ ප්‍රධාන නාමයක් වන MSI, 2026...

MSI සමාගමෙන් එන අලුත්ම gaming monitors

MSI සමාගම ඔවුන්ගේ අලුත්ම 32-inch 4K QD-OLED gaming monitor lineup එකට අලුතෙන්...

MSI සමාගමෙන් හදුන්වාදෙන නවතම PRO Max Series එක

2026 ජනවාරි 6 වෙනිදා MSI සමාගම නව PRO MAX Series එක හඳුන්වා...

යකෙක් වගෙ වැඩ ගන්න නවතම GeForce RTX™ 5090 32G LIGHTNING Z

Gaming වල real performance එක experience කරන්න නම් හොදම GPU එකක් තියෙන...