Press ESC to close

Downloads බිලියනයක් පසුකල PUBG Mobile

PUBG Mobile developersල වෙන Tencent මේ වෙද්දි නිවේදනය කරල තියනව එයාලගෙ මේ ගේම් එක බාගතකිරීම් බිලියනයේ සීමාව පහු කරල තියනව කියල. මේ ගණනයට චීනය ඇතුලත් වෙලා නෑ. චීනයත් එකතු උනොත් මේ අගය තවත් විශාල වශයෙන් ඉහල යන එක අනිවාර්‍යයි, මොකද චීනයේ PUBGM ඇතුලු Mobile Games අතිශය ප්‍රසිද්ධයි.

2018 දි release උන PUBG Mobile සලකන්නෙ ලෝකයේ ජනප්‍රියම ගේම් එකක් විදිහට.2019 දි මේක ලෝකයේ වැඩිම ආදායමක් ලබන Mobile Game එක බවට පත් වුනා. මේ අතර ලඟදි දවසක Developersල Godzilla vs. Kong චිත්‍රපටයත් සමග partnership එකක් announce කරල තිබුන. මේ partnership එක නිසා චිත්‍රපටය පාදක වෙච්ච in-game events, game mode ඇතුලු අලුත් contents රාශියක් දැකගන්න පුළුවන් වේවි. මේ අතර Mobile playersලට, classic map එකක් වෙච්ච Karakin, අප්‍රෙල් 7 ලබාදෙන්නත් Tencent කටයුතු කරගෙන යනවා.

Get Your Site Up with A2 Hosting

මේ අතර අලුත්ම PUBG ගේම් එක වෙන PUBG: New State ගේම් එකත් මේ අවුරුද්ද අන්තිම වෙද්දි Android සහ iOS දුරකථන වලට නිකුත් වෙන්නත් නියමිතයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *