Home Games Downloads බිලියනයක් පසුකල PUBG Mobile
GamesTech News

Downloads බිලියනයක් පසුකල PUBG Mobile

Share
blank
Share

PUBG Mobile developersල වෙන Tencent මේ වෙද්දි නිවේදනය කරල තියනව එයාලගෙ මේ ගේම් එක බාගතකිරීම් බිලියනයේ සීමාව පහු කරල තියනව කියල. මේ ගණනයට චීනය ඇතුලත් වෙලා නෑ. චීනයත් එකතු උනොත් මේ අගය තවත් විශාල වශයෙන් ඉහල යන එක අනිවාර්‍යයි, මොකද චීනයේ PUBGM ඇතුලු Mobile Games අතිශය ප්‍රසිද්ධයි.

2018 දි release උන PUBG Mobile සලකන්නෙ ලෝකයේ ජනප්‍රියම ගේම් එකක් විදිහට.2019 දි මේක ලෝකයේ වැඩිම ආදායමක් ලබන Mobile Game එක බවට පත් වුනා. මේ අතර ලඟදි දවසක Developersල Godzilla vs. Kong චිත්‍රපටයත් සමග partnership එකක් announce කරල තිබුන. මේ partnership එක නිසා චිත්‍රපටය පාදක වෙච්ච in-game events, game mode ඇතුලු අලුත් contents රාශියක් දැකගන්න පුළුවන් වේවි. මේ අතර Mobile playersලට, classic map එකක් වෙච්ච Karakin, අප්‍රෙල් 7 ලබාදෙන්නත් Tencent කටයුතු කරගෙන යනවා.

මේ අතර අලුත්ම PUBG ගේම් එක වෙන PUBG: New State ගේම් එකත් මේ අවුරුද්ද අන්තිම වෙද්දි Android සහ iOS දුරකථන වලට නිකුත් වෙන්නත් නියමිතයි.

Share

Leave a comment

Leave a Reply

Related Articles

2026ට MSI සමාගමෙන් ගේන අලුත්ම උපාංග

Gaming වලින් සහ high-performance AI computing ලෝකයේ ප්‍රධාන නාමයක් වන MSI, 2026...

MSI සමාගමෙන් එන අලුත්ම gaming monitors

MSI සමාගම ඔවුන්ගේ අලුත්ම 32-inch 4K QD-OLED gaming monitor lineup එකට අලුතෙන්...

MSI සමාගමෙන් හදුන්වාදෙන නවතම PRO Max Series එක

2026 ජනවාරි 6 වෙනිදා MSI සමාගම නව PRO MAX Series එක හඳුන්වා...

යකෙක් වගෙ වැඩ ගන්න නවතම GeForce RTX™ 5090 32G LIGHTNING Z

Gaming වල real performance එක experience කරන්න නම් හොදම GPU එකක් තියෙන...