Home Tech News විනාඩි 5න් ෆෝන් චාජ් කරන Realme 320W Supercharge
Tech News

විනාඩි 5න් ෆෝන් චාජ් කරන Realme 320W Supercharge

Share
realme-supersonic-charger
Share

ලොව වේගවත් ම smartphone බැටරි ආරෝපණ තාක්ෂණය ලෙස Realme සමාගම විසින් 320W supercharge ආරෝපණ තාක්ෂණය හඳුන්වා දී තිබෙනවා.

Realme සමාගම පවසන්නේ මෙම 320W SuperSonic Charge තාක්‍ෂණය හරහා ස්මාර්ට් ජංගම දුරකතනයේ බැටරිය මිනිත්තු 4 යි තත්පර 30 කින් සම්පූර්ණයෙන්ම ආරෝපණය කරන බවයි.
එය විනාඩියකින් 26%ක්, මිනිත්තු දෙකකට අඩු කාලයක දී 50% ට වඩා ආරෝපණය කිරීමට සමත් වේ.මෙය සංසන්දනාත්මක ව දැක්වීමේ දී Realme හි 320W ආරෝපණ තාක්‍ෂණය Redmi හි 300W තාක්‍ෂණයට වඩා තරමක් වේගවත් වන අතර Redmi 300W ආරෝපණ තාක්ෂණය මඟින් විනාඩි 4 යි තත්පර 55 කින් 4,000 mAh බැටරියක් සම්පූර්ණයෙන්ම ආරෝපණය කළ හැකි අතර Realme හි තාක්‍ෂණය මිනිත්තු 5 ට අඩු කාලයකදී 4,400 mAh ධාරිතාවෙන් යුක්ත බැටරියක් සම්පූර්ණයෙන් ආරෝපණය කිරීමට සමත් වේ.


Realme සමාගම මෙම 320W බල ඇඩැප්ටරය “Pocket Cannon” ලෙස හඳුන්වනු ලබයි. Realme කියා සිටියේ Power Cannon, UFCS (320W දක්වා), PD සහ SuperVOOC ඇතුළු ප්‍රධාන ධාරාවේ ආරෝපණ ප්‍රොටෝකෝල සඳහා සහය දක්වන බවයි. එහි එකවර උපාංග දෙකක් ආරෝපණය කිරීමට හැකි ලෙස USB-C පෝට් දෙකක් අඩංගු වේ.

Source :- GSMArena

Share

Leave a comment

Leave a Reply

Related Articles

2026ට MSI සමාගමෙන් ගේන අලුත්ම උපාංග

Gaming වලින් සහ high-performance AI computing ලෝකයේ ප්‍රධාන නාමයක් වන MSI, 2026...

MSI සමාගමෙන් එන අලුත්ම gaming monitors

MSI සමාගම ඔවුන්ගේ අලුත්ම 32-inch 4K QD-OLED gaming monitor lineup එකට අලුතෙන්...

MSI සමාගමෙන් හදුන්වාදෙන නවතම PRO Max Series එක

2026 ජනවාරි 6 වෙනිදා MSI සමාගම නව PRO MAX Series එක හඳුන්වා...

යකෙක් වගෙ වැඩ ගන්න නවතම GeForce RTX™ 5090 32G LIGHTNING Z

Gaming වල real performance එක experience කරන්න නම් හොදම GPU එකක් තියෙන...