Home Tech News Ai දැන් AI මගින් භාශාවන් ඉගෙන ගතහැකි Duolingo Max
AisoftwareTech News

දැන් AI මගින් භාශාවන් ඉගෙන ගතහැකි Duolingo Max

Share
blank
Share

Duolingo ගැන සමහරවිට ඔබ අසා ඇති. විවිධ බාශාවන් ඉගෙන ගන්න ලෝකෙ තියන ජනප්‍රියම සේවයක් තමා මේ Duolingo කියන්නෙ. මේක Android සහ iOS ඇප් එකක් ලෙසත් ඔවුන්ගේ වෙබ් අඩවියෙනුත් බාවිතා කරන්න පුලුවන්. මේකෙ විවිධ රටවල් වල භාශා ගනනාවක් වගේම තමන්ගෙ දැනුම පරික්ශා කරන්න පුලුවන් පරීක්ශනත් තියනව.

ඉතින් ChatGPT නිකුත් කිරීමත් එක්ක AI පාධක වැඩසටහන් බොහොමයක් මුල් පෙලෙ සමාගම් බාවිතා කරන්න පටන් ගත්ත. මේ Duolingo සමාගමත් දැන් ඔවුන්ගේ සේවයට AI එක්කරගෙන තිබෙනව. එය Duolingo Max ලෙස හදුන්වන අතර මාසික subscription යටතේ මේක බාවිතා කරන්න පුලුවන්. මෙහි සිටින චැට්බොට්ගේ නම වෙන්නෙ Duo. Duo සමග සංවාද වල යෙදිල පරිශීලකයන්ට එන ගැටලු විසදගන්න පුලුවන්.

ඒවගේම මේ Duolingo Max මගින් ඉගෙන ගත් කුසලතා, අවස්ථා කිහිපයකදී පුහුණු වීමටත් ඉඩ ලබාදෙනව. මෙම සමාගමගේ ප්‍රධාන විධායක නිලධාරී Luis von Ahn පවසා තිබුනේ බොහෝ දෙනෙකුට මිනිස් උපදේශකයෙකු වෙත ප්‍රවේශ විය නොහැකි නමුත් මානව උපදේශකයෙකුගේ අත්දැකීම ප්‍රතිනිර්මාණය කිරීමට සහ එය ලෝකයේ සෑම කෙනෙකුටම බාවිතා කිරීමට AI මගින් හැකි වෙන බවයි.

මේ Duolingo Max නිපදවන්න OpenAI සමාගමත් හවුල් වෙලා තියනව. ඒ ඔවුන්ගේ GPT-4 නව සංස්කරණය ලබාදෙමින්.

අද සිට, Duolingo Max ස්පාඤ්ඤ සහ ප්‍රංශ ඉගෙන ගන්නා iOS පරිශීලකයින්ට ලබා ගන්න පුලුවන්. එක්සත් ජනපදයේ, මේ සේවාව සඳහා මසකට ඩොලර් 30 ක් සහ වාර්ෂිකව ඩොලර් 168 ක් වැය වෙනව.

Share
Written by
Pramuka Ramanayake

Technology is anything that wasn't around when you were born.

Leave a comment

Leave a Reply

Related Articles

2026ට MSI සමාගමෙන් ගේන අලුත්ම උපාංග

Gaming වලින් සහ high-performance AI computing ලෝකයේ ප්‍රධාන නාමයක් වන MSI, 2026...

MSI සමාගමෙන් එන අලුත්ම gaming monitors

MSI සමාගම ඔවුන්ගේ අලුත්ම 32-inch 4K QD-OLED gaming monitor lineup එකට අලුතෙන්...

MSI සමාගමෙන් හදුන්වාදෙන නවතම PRO Max Series එක

2026 ජනවාරි 6 වෙනිදා MSI සමාගම නව PRO MAX Series එක හඳුන්වා...

යකෙක් වගෙ වැඩ ගන්න නවතම GeForce RTX™ 5090 32G LIGHTNING Z

Gaming වල real performance එක experience කරන්න නම් හොදම GPU එකක් තියෙන...