Press ESC to close

Iphone 15 Leaks : 2023 Iphones ගැන දැන ගනිමු

2022 සැප්තැම්බර් මාසයේ දී Apple සමාගම Iphone 14 මාදිලියේ ජංගම දුරකතන නිකුත් කල අතර එහිදී ඔවුන් Dynamic Island සහ Pill hole camera cutout එක pro models සඳහා ලබා දීමට කටයුතු කළා. Iphone 15 නිකුත් කිරීමට තවමත් මාස හයක් පමණ පවතින විට එහි ඇතුලත් විය හැකි අලුත් විශේෂාංග පිළිබඳව අද අප කතා කරමු.

ගියවර Iphone 14 නිකුත් කිරීමේදී Apple සමාගම mini variant එක අතහැර දමා තිබුණා. මේවරද නාමකරණය එලෙසම තබා ගනිමින් Iphone 15,Iphone 15 plus,Iphone 15 pro සහ Iphone 15 pro max ලෙස නිකුත් වීමට බොහෝවිට තිබෙනවා. මීට අමතරව Ultra නමින් නව variant එකක් නිකුත් කිරීමට Apple සමාගම සූදානම් වන බවට මත පළ වුවත් එය 2024 අග දක්වා කල් යා හැකි බවට අනුමාන කරනවා.

Get Your Site Up with A2 Hosting

Iphone 14 මාදිලි පෙළ සමග හඳුන්වාදුන් dynamic island විශේෂාංගය මෙවර සෑම Iphone 15 මාදිලියේ දුරකතනයක් සමගම ඇතුළත් වන බවට වාර්තා වනවා, මීට අමතරව always on display (AOD) විශේෂාංගය Iphone 15 pro මාදිලි දෙක සඳහා පමණක් ලබාදීමට මෙවරද Apple සමාගම කටයුතු කරන ඇති බවට අනුමාන කළ හැකි අතර Pro models සඳහා ගියවර ලබාදුන් 120hz promotion display එක මෙවර ද එලෙසම ලබාදීමට වැඩි ඉඩකඩක් පවතිනවා.

EU නීති සමඟ මෙවර Lightning port එක වෙනුවට USB type – C port එකක් ලබාදීමට ඇපල් සමාගම බොහෝ විට කටයුතු කරයි, මෙමගින් වේගවත් Data transfer speed එකක් Iphone සඳහා ලැබෙනු ඇත. මීට අමතරව Iphone 15 හි Physical sim card slot එක ඉවත්කර Esim පමණක් භාවිතා කළ හැකි ලෙස නිකුත් කිරීමටද ඉඩ පවතින අතර එය සීමිත රටවල් කිහිපයකට පමණක් නිකුත් වේ යැයි අනුමාන කරන්න පුළුවන්. තවද Physical buttons සහ Silent switch එක වෙනුවට haptic feedback අන්තර්ගත නව Side button ලබාදීමට Apple සමගම කටයුතු කරාවි.

මෙවර Iphone 15 සමග Reverse wireless charging පහසුකම pro models වලට හෝ පමණක් නිකුත් කිරීමට ඇපල් සමාගම කටයුතු කළ හැක. ඒ සමගම ගියවර මෙන් pro models සඳහා පමණක් නවතම A17 Bionic චිප් එක සහිතව සහ non – pro models සඳහා A16 Bionic චිප් එක සහිතව නිකුත් කිරීමට බොහෝ ඉඩකඩක් පවතිනවා.

ගියවර Iphone 14 සමග wide lens එක 12mp සිට 48mp දක්වා විශාල කැමරා upgrade එකක් ලබා දුන්නා. එ නිසා 2023 දි අපට විශාල වෙනස්කමක් දැක ගැනීමට හැකියාවක් නම් නොමැති වේවි. නමුත් අලුත් කැමරා modes ප්‍රමාණයක් දැක ගැනීමට හැකියාවක් ලැබේවි. මීට අමතරව 15 Pro max model එක සදහා අලුත් Periscope Zoom lens එකක් හඳුන්වා දිය හැකි බවට ඉඟි පළ වෙනවා.

කෙසේ වෙතත් මෙම තොරතුරු Apple සමාගම විසින් නිල වශයෙන් තහවුරු කර නොමැති අතර rumors මත පදනම්ව නිර්මාණය කර ඇත.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *