Home Tech News පළමු සඳ ගමනට ගිය Apollo Guidance පරිගණකය
Tech News

පළමු සඳ ගමනට ගිය Apollo Guidance පරිගණකය

Share
blank
Share

වර්ෂ 1969 ජූලි 20 වැනිදා නීල් ආම්ස්ට්‍රෝ සඳ මත පා තැබුවා. ඒ, අදින් අවුරුදු 55 කට කලින්. මිනිසා සඳ මතට යවන්නට ඕනෑ කරන කටයුතු අන්තිම තිතටම හරියට කළේ, ඇපොලෝ 11 යානය තුළ සවි කර තිබුනු පරිගණක යන්ත්‍රය විසින්. ඇපොලෝ ගයිඩන්ස් කොම්පියුටර් (AGC Apollo Guidance Computer) යනු එම පරිගණකයයි.

1960 දශකයේ පරිගණක තිබුණේ විශාල ගොඩනැගිලි පුරා අටවලයි. හරියට කර්මාන්ත ශාලාවක් වගේ. මේ යන්ත්‍ර වල නිතර දෝෂ ඇතිවුනා. ඒවා සකසන්නට සෙනඟක් වෙනමම සැදි පැහැදී සිටියා. අනෙක් අතට මේ පරිගණක ක්‍රියා කරවන්නට ලොකු විදුලියක් වැය වුනා. මේ කාලයේදීය, ඇපොලෝ යානයේ සවි කරන්නට පුළුවන් තරම් කුඩා පරිගණකයක් ඕනෑ වුනා.

ඇමෙරිකානු අභ්‍යවකාශ ඒජන්සිය හෙවත් නාසා ආයතනය මෙම පරිගණකයේ හැඩ වැඩ කලින්ම තීරණය කර තිබුණා. එය බරින් අඩුවිය යුතුයි. කිසි දෝෂයක් මතු නොවිය යුතුයි. අඩු විදුලියකින් ක්‍රියා කළ යුතුයි. මිනිසා සඳ මත තබන්නට දියත් කළ ඇපොලෝ වැඩසටහන ආරම්භ වූයේ ඇපොලෝ ගයඩන්ස් පරිගණකය තැනීමෙන්. මෙම පරිගණකය ක්‍රියාකාරිත්වය අතින් අද තිබෙන සමහර මොබයිල් ෆෝන්වලටත් වඩා ප්‍රාථමිකයි. එහි මතකය කිලෝබයිට් 160ක් පමණ උනා. එක් ගණනය කිරීමක් කිරීමට තත්පරයකින් දාහෙන් පංගුවක් පමණ කාලයක් ගත උනා. අද තිබෙන වේගයෙන් අඩුම පරිගණකයක් වුවත් තත්පරයකදී ගණනය කිරීම් බිලියන ගණනක් කරන නිසා, අද කාලේ විදියට ඇපොලෝ ගයඩන්ස් පරිගණකය ඉතා මන්දගාමී යන්ත්‍රයක්. එහෙත් එකල එය ඉතා වේගවත් පරිගණකයක් වුනා.

ලොව මුල් වරට අයිසී (Integrated Circuits) පරිපථ යොදා ගෙන තැනුවේ මෙම පරිගණකයයි. මෙහි තිබූ ප්‍රොසෙසර් පන් දහසම යකඩ හර (ferrite cores) වටා සියුම් තඹ කම්බි නිශ්චිත රටාවකට අනුව ඔතා තැනූ ඒවා. එය කළේ, කලින් රෙදි විවීමේ රැකියාව කළ කාන්තාවන් පිරිසක්.

අන්තිමේදී ඝන අඩියක් තරම් ‘කුඩා’ පරිගණකයක් තනා නිම කරා. ඒ අවුරුදු හතක ඇවෑමෙන්. මෙම පරිගණකයේ අතුරුමුහුණත හැඳින්වූයේ, ඩිස්ප්ලේ ඇන්ඩ් කී බෝඩ් යුනිට් (DSKY – Display and Keyboard Unit) ලෙසයි. එහි යතුරුපුවරුවක් මෙන්ම ඩිජිටල් තිරයක්ද තිබුනා. මෙසේ ඇපොලෝ කොම්පියුටර් දෙකක් තැනුවා. එකක් සවි කරනු ලැබූයේ, පාලක යානයේ හෙවත් කොලොම්බියා මොඩියුලේ. එය සඳ වටා ගමන් කරමින් තිබුනා. ඉන් වෙන්වී සඳ මතට ගොඩබට යානයේ හෙවත් ඊගල් ලූනා මොඩියුලයේ අනෙක් පරිගණකය සවි කොට තිබුනා. මෙම පරිගණක දෙකම නිවැරදිව ක්‍රියාත්මක වූ නිසා සඳ මත පාතැබූ මිනිසා නැවත පොළොවට ආවා.

එසේ සඳට ගොස් පොළොවට ආ ඇපලෝ පරිගණකය, පරිගණක ඉතිහාසය පිළිබඳ ඇමෙරිකානු කෞතුකාගාරයේ සුරක්ෂිතව තිබෙනවා. එය අදත් හොඳින් ක්‍රියා කරන, අඩ සියවසක් පැරණි පරිගණකයක්. ඇමෙරිකාවේ ස්මිත්සෝනියන් ආයතනය, කොලොම්බියා මොඩියුලයේ ත්‍රිමාන අනුරුවක් තනා තිබෙනවා. එදා ඇපොලෝ ගයිඩන්ස් පරිගණකය සවි කර තිබූ අයුරු දැන් එතැනදී ද දැකිය හැක.

Share
Written by
Pramuka Ramanayake

Technology is anything that wasn't around when you were born.

Leave a comment

Leave a Reply

Related Articles

2026ට MSI සමාගමෙන් ගේන අලුත්ම උපාංග

Gaming වලින් සහ high-performance AI computing ලෝකයේ ප්‍රධාන නාමයක් වන MSI, 2026...

MSI සමාගමෙන් එන අලුත්ම gaming monitors

MSI සමාගම ඔවුන්ගේ අලුත්ම 32-inch 4K QD-OLED gaming monitor lineup එකට අලුතෙන්...

MSI සමාගමෙන් හදුන්වාදෙන නවතම PRO Max Series එක

2026 ජනවාරි 6 වෙනිදා MSI සමාගම නව PRO MAX Series එක හඳුන්වා...

යකෙක් වගෙ වැඩ ගන්න නවතම GeForce RTX™ 5090 32G LIGHTNING Z

Gaming වල real performance එක experience කරන්න නම් හොදම GPU එකක් තියෙන...