Home Games Call of Duty Mobile
GamesPhonesTech News

Call of Duty Mobile

Share
blank
Share

Call of Duty Mobile Version කියන්නෙ අපි කවුරුත් දන්න COD Series එකේම  හැමෝටම නොමිලේ Play කරන්න පුලුවන් විදිහට නිකුත් කරපු Mobile Game එකක්.

PC එකේ එතරම් ජනප්‍රිය නොවුන PUBG PC එක ලංකාව ඉන්දියාව මැලේසියාව වගේ ආසියාතික රටවල් වල සහ ඒ හරහා මුලු ලෝකයෙම අවධානය දිනාගත්තෙ තමන්ගෙ Free to Play Mobile Version එක නිසයි. ඒ වගේම ඒ සාර්ථකත්වය නිසාම ඔවුන් PUBG Lite විදිහට වෙනම Version එකක් පවා නිර්මාණය කලා.

මේ උපක්‍රමයම අනුගමනය කරමින් ලෝකයේ ජනප්‍රියම Game එකක් වෙන Call of Duty නිර්මාණය කරන Activision සමාගමත් දැන් තමන්ගෙ Mobile Version එක හරහා ලෝකය පුරාම Call of Duty ජනප්‍රිය කිරීම සහ ඒ හරහා ගෙවීම් කර ලබාගන්න පුළුවන් passes සහ අනෙකුත් දේවල් ඔස්සේ මුදල් ඉපයීම කරන්න බලාපොරොත්තු වෙනව.

දැනට වාර්තා වෙන අන්දමට Call of Duty ගහන්න නම් ඔයාගෙ Mobile එකේ පහත අවම සුදුසුකම් තියෙන්න ඕන.

OSAndroid 5.1
CPUSnapdragon 625
GPUAdreno 506
RAM2 GB
Free Space2.5GB

Apple නම් iPhone 7 එකක් තමයි අවමය විදිහට සදහන් කරල තියෙන්නෙ.

මේ Game එක දැන් Android Play Store එකෙන් වගේම iPhone වලට App Store එකෙන් නොමිලේම Download කරගන්න පුලුවන්.

PC එකේ ගහන්න

ඒත් අපි හැමෝටම මේ වගේ Game එකක් ගහන්න තරම් අලුත්ම Phone එකක් නැහැ. ඒ වගේම ගොඩක් අය PUBG Mobile එක PC එකේ ගැහුව වගේම මේ Game එකත් PC එකේ ගහන්න බලාපොරොත්තුවෙන් ඇති. පහතින් දැක්වෙන්නෙ Call of Duty Mobile Version එක PC එකේ Play කරන්න Setup කරගන්න විදිහ.

Gameloop Emulator එක Download කරගන්න.

අපි කවුරුත් දන්න Tencent Gaming Buddy එක දැන් Gameloop Emulator විදිහට වෙනස් වෙලා. ඒ වගේම Call of Duty Mobile එකට Official Emulator එක වෙන්නෙත් Gameloop Emulator එකයි.

දැන් මේ හරහා Call of Duty Mobile එක Download කරගන්න.

1.5 GB වගේ ප්‍රමාණයක් මේකට ඔයාගේ Data Connection එකේ තියෙන්න ඕන.

 

 

 

Share
Written by
Priydarshana

Founder of Pcguidelk - Tech writer, Youtuber and Social Media Tech Activist from Sri lanka.

3 Comments

Leave a Reply

Related Articles

2026ට MSI සමාගමෙන් ගේන අලුත්ම උපාංග

Gaming වලින් සහ high-performance AI computing ලෝකයේ ප්‍රධාන නාමයක් වන MSI, 2026...

MSI සමාගමෙන් එන අලුත්ම gaming monitors

MSI සමාගම ඔවුන්ගේ අලුත්ම 32-inch 4K QD-OLED gaming monitor lineup එකට අලුතෙන්...

MSI සමාගමෙන් හදුන්වාදෙන නවතම PRO Max Series එක

2026 ජනවාරි 6 වෙනිදා MSI සමාගම නව PRO MAX Series එක හඳුන්වා...

යකෙක් වගෙ වැඩ ගන්න නවතම GeForce RTX™ 5090 32G LIGHTNING Z

Gaming වල real performance එක experience කරන්න නම් හොදම GPU එකක් තියෙන...