Contact Information

WhatsApp Us

Apple iPhone 11 Quick Review 🍎

 - 
English
 - 
en
Sinhala
 - 
si
Tamil
 - 
ta

ඔන්න Apple සමාගම නිකුත් කරපු අළුත්ම iPhone ගැන දැනගන්න උනන්දු වෙච්ච අයට, අළුත්ම iPhone 11 Max Pro එක ගැන විස්තර ටිකක් අරගෙන එනව. iPhone 11 Pro Max එකේ තියෙන Features ම අනික් Phone දෙකෙත් තියෙන නිසා මේ ලිපිය හරහා Max එකේ අඩංගු Features ගැන පැහැදිලි කිරීමක් කරන්නයි හදන්නෙ.

සාමාන්‍යෙයන් Apple iPhone Series එකේ ආරම්භයෙදි  Max Plus කියන Model වලට එහෙමත් නැත්නම් ලොකු Screen සහිත Phone වලට Apple සමාගම අවධානය යොමු කලේ නැහැ. මේකට හේතුව උනේ

අපේ Site එක හොදට වැඩකරන රහස A2 Hosting

“You can’t get your hand around it,” “no one’s going to buy that.”

විදිහට Steve Jobs විසින් විශාල තිර සහිත Phones ගැන ඍනාත්මක ආකල්පයක් දැරීමයි.

 Display And Design

Display එක ගැන කතා කරොත් Super Retina XDR OLED යනුවෙන් තමා මේ OLED Panel එක හදුන්වන්නේ Apple ලා විසින් Display SIze එකෙන් 6.5 inches සහා ~83.7% ක screen-to-body ratio එකක් දීලා තිබෙනවා ඒ වගේම 1242 x 2688 pixels resolution සහා (~458 ppi density) ව්දිහට අපිට බලාගන්න හැකියාව තිබෙනවා. HDR10 පහසු කමද අපිට මේ හරහා බලා ගන්න පුලුවන්. HDR10+ යොදන්න තිබුනා නම් තවත් වටිනවා. Front And Back Glass එක Gorilla Glass ද කියන එක නම් තවමත් හරියට සදහන් කරලා නැ. Design එකේ නම් ඉදිරිපස පෙනුමෙන් ලොකු වෙනසක් වෙලා නැ Xs එකේදි ආපු Notch එක ඒ වගේම පිහිටලා තිබෙනවා.

 New Triple Camera Setup

Apple Fans ලා මේ පාර ගොඩක්ම අවදානයක් යොමු කරපු දෙයක් තමා මේ Triple Camera Setup එක. අළුත් Square Type Triple Camera Setup එක නිසා ආපු පෙනුම ගැන නම් මම පෞද්ගලිකව කැමති නැ නමුත් 50% කැමති 50% අකමැති කොටසක් සිටිනවා. මේ Camera Setup එක නිසා දැන් iPhone 11 එකට පහත පහසුකම් සහිත lens 3ක් ලැබෙනව.

🔹 12 MP, f/1.8, 26mm (wide), 1/2.55″, 1.4µm, PDAF, OIS
🔹 12 MP, f/2.0, 52mm (telephoto), 1/3.4″, 1.0µm, PDAF, OIS, 2x optical zoom
🔹 12 MP, f/2.4, 13mm (ultra-wide)

Android Users ලට නම් අලුත් දෙයක් නොවුනත් Ultra Wide Lens එක Apple Device එකක පලමු වරට තමා හදුන්වා දෙන්නේ ඉතින් මේ හරහා 120 Degree Photo එකක් පහසුවෙන්ම Capture කිරිමට හැකියාව තිබෙනවා. තවත් පැහැදිලි කරොත් Go-pro එකකින් ගන්නා ආකරයට අපිට මේ Ultra Wide Lens එක හරහා Photo ගැනීමේ පහසුකම තිබෙනවා.

විශේෂ දෙයක් තමා මේ Lens තුනම උපයෝගි කරගෙන අපිට 13mm සිට 56mm දක්වා පුලුල් තිරයක Photos Capture කිරීමේ පහසුකම ලබාදීලා තිබෙනවා. Zooming කියන්නෙ Mobile Camera වල 2019 වනවිට කැපීපෙනෙන Feature එකක් වෙලා, Apple ලා මේ පාර 2X Optical Zoom in 2X Optical Zoom Out ලෙස Xs Max එකත් එක්ක බලද්දි අලුත් Zooming Option එකක් හදුන්වා දීලා තිබෙනව. ඉතින් මේ හරහා 10x දක්වා Hybrid Zoom පහසුකමද ලබා ගන්න පුලුවන්. Dual optical image stabilization පහසු කමද අපිට මේ හරහා බලාගන්න පුලුවන්.

Photography කරන අයට අනිත් හැම Device එකකම වගේ Manual Mode එකක් බලාගන්න පුලුවන් ඉතින් Apple ලත් දැනට Deep Fusion කියලා Photography කරන අයට අලුත්ම Feature එකක් අත්හදා බලාගෙන යනවා. Long-exposure shot වගේ Features මේ හරහා අපිට අත්විදින්න හැකියාව තිබෙනවා. ඉතින් මේක මේ අවුරුද්දේ අග වගේ වෙනකොට බලාගන්න පුලුවන්.

අපිට Note 10 Series එකේදි දකින්න ලැබුන Audio Zoom පහසුකමද මේ හරහා දකින්න පුලුවන්. මේ හරහා අපි Video එකක් Zoom කරද්දි වටේ තියෙන ශබ්ද වලට වඩා Focus වෙන තැන ශබ්ධය වැඩිදියුණු වීමක් වෙනවා.

තවත් විශේෂ දෙයක් තමා Apple iPhone වලට අලුතෙන්ම හදුන්වා දෙන Night Mode එක ඉතින් Low Light Photography වලදි Apple Xs Series එක ගොඩක්ම Weak බව හැමෝම වගේ දන්න කරුනක් ඒ හැම දේකටම පිලිතුරක් ඔන්න Night Mode එක මගින් දීලා තිබෙනවා අපිට හොද Low Light Photos Capture කරන්න.

12MP f/2.2 True Depth Camera එකක් Front එකට දීලා තිබෙනවා ඉතින් මේ හරහා slofie ලබා ගැනීමේ හැකියාව ලබාදී තිබෙනවා

Front Cam Video

  • 2160p@24/30/60fps
  • 1080p@30/60/120fps

 A13 Bionic Chip Set (7nm+)

දැනට Smartphone එකක පවතින හොදම සහා Powerful ම Chip Set එක ඔවුන් සතු වන බවයි Apple ලා පවසන්නේ. ඉතින් මේ නව A13 Bionic Chip එක A12 Bionic chip එකට වඩා power efficiency එක අතින් 40% වර්දනයක් සමග Battery life එක වැඩි කිරීමට බලපානව.

A13 Bionic SOC එක transistors බිලියන 8.5 කින් සමන්විත machine learning අතින් ඉතාමත් ඉහල තත්වයක තිබෙන අතර මෙහි තිබෙන Eight-core neural engine එක මගින් A12 වලට වඩා 20% කින් Apps Opening Speed වගේම දයිනිකව කරන කාර්යන් පහසු කර ගැනීමට හැකියාව ලබාදිලා තිබෙනවා.

මේ Powerful A13 Bionic Chip එක නිසා machine learning හරහා අපිට Image Processing වලත් විශේෂාංග කිහිපයක්ස එකතුවෙලා තියෙනව. 4K video 60 fps with HDRකියන්නෙ මේ අංග අතරින් ප්‍රධාන එකක්.

ඉතින් මේ Device කිහිපයම අපිට Retail Stores වල September 30 වෙනිදා බලා ගන්න පුලුවන් වෙයි. Global Price මේ විදිහට සදහන් කරත් ලංකාවෙදි නම් මේ ගනන් ගොඩක් ඉහල යන්න පුලුවන් මතකනේ ගිය පාර ආපු XR එක මෙහේ විකුනපු මිල ගණන්. කොහොම උනත් Global Price මේ විදිහට සදහන් කරන්නම්.

🔹 iPhone 11 starts at $699 64GB
🔹 iPhone 11 Pro starts at $999 64GB
🔹 iPhone 11 Pro Max starts at $1,099 64GB

Special Features වලට අමතරව පහතින් සදහන් වන විශේෂාංගත් මෙහි ඇතුලත් වෙනව.

  • Dual Sim පහසු කම (Nano-SIM and/or Electronic SIM card )
  • IP68 dust/water resistant (up to 4m for 30 mins) විදිහට.
  • iOS 13 මෙ Device තුනටම දිලා තිබෙනවා.
  • Storage එක විදිහට Device තුනේම  64GB සිට 512GB දක්වා ඉඩ
  • Device RAM 4GB වල ඉදන් 6GB දක්වා වැඩි කරලා තිබෙනවා.
  • Battery Capacity එක වැඩි කරල තියෙනව නමුත් ඒක ගැන පැහැදිලි සදහනක් කරේ නැ.
  • 18W Fast Chager එකක් iPhone 11 සහා 11 Pro Max වලට ලැබෙනව.
  • Sounds වලට මේ පාර Dolby Atmos සහා Dolby Digital Plus එකතු කරලා තිබෙනවා.
  • වැඩි දියුණු කල Face ID පහසුකම.
  • Space Gray, Silver, Gold, Midnight Green Color options

📌 ඉතින් Post එක ගැන ඔයාලා මොකද හිතන්නේ ? ඔයාලාගේ අදහස් Comment Section එකේ පලකරන්න. ඔයාගේ Apple යාලුවා වගේම අලුත් දේවල් ගැන හොයන අයව දැනුවත් කරන්න Post එක Share කරන්න අමතක කරන්න එපා. මේ Post එකට කරුනු හොයලා මෙහෙම දාන්න ගොඩක් මහනිස් උනා දවස් දෙකක් විතර ඉතින් කතු අයිතිය සුරකින්න අමතක කරන්න එපා.

#iPhone11Series #SriLankanReview #Apple #AppleSriLanka

Share:

Leave a Reply

Your email address will not be published. Required fields are marked *