Press ESC to close

History Of Bazel-Less Smartphones

ඉතින් ඔන්න අද කතා කරන්න යන්නෙ ටිකක් වෙනස්ම ආකාරයේ දෙයක් ගැන, වෙනසකටත් එක්ක අතීත ආවර්ජනයක් ගෙන්න හිතුවා Android Apple Users ලා ඔක්ක්ටම පොදුවේ.

අපි 2019 වෙනකොට Almost Bazel Less Device Use කරනකොට අපි 2014 හිතුවේ නැහැ අනාගතයේදි මෙහෙම Device එයි කියලා ඒ කොහොම උනත් Bazel Less Device වලට අඩි තාලම වැටුනේ 2014 දි ඒ වගේම මේක Trend එකක් උනේ 2016 වනකොට.

Get Your Site Up with A2 Hosting

Bezel-Less කියන වචනය වත් හරියට අපි 2014 වනකොට අදුරගෙන තිබුනේ නැ කොහොම උනත් එවකට තිබුන Trend එක සහා Design වෙනස් කරමින් Japanese Electronics Giant කෙනෙක් වෙන SHARP ආයතනය 2014 අගෝස්තු වලදි Release කරනවා AQUOS Crystal යනුවෙන්. ඉතින් මේ Device එක හැදින්වුවේ world’s first bezel-less or edge-less display smartphone යනුවෙන්. 78.5% screen-to-body ratio විදිහට මෙය හදුනවා දී තිබුනා.

එවකට Apple ආයතනය ව්සින් Design අතින් ඉතාමත් ඉහල මට්ටමේ Device එලිදක්වමින් තිබුන කාලයක්, මේ වකවානුවේදි තමා Apple ආයතනය විසින් iPhone 6 එලිදක්වන්නේ. ඉතින් හැමෝම වගේ හිතුවේ මේ Design එක තමා Future එක වෙන්නෙ කියලා කොහොම උනත් ඒ මතයන් වෙනස් කරමීන් අද වන විට Aquos Crystal දුරකථනය දැමු අඩි තාලම Apple ආයතනයද අනුගමනය කරන්න අරන් 2019 වන විට Bezel Less කියන Design language එක හැමෝටම පොදු එකක් වෙලා.

AQUOS Device එක හිතපු තරම් ඒ වෙනකොට ජනප්‍රිය උනේ නැ නමුත් South Korean Electronics Giant Samsung ආයතනය 2014 සැප්තැම්බර් මාසය වන විට Galaxy Note Edge දුරකථනය හදුන්වා දූන්නා ඒ වෙනකොට Edge Display එකක් සමග පැමිනි පලවෙනි Device එක එය වුනා. screen-to-body ratio of 77.2% ලෙස.ඉතින් AQOUS Device එකත් සමග බැලුවම Side Bazels සම්පූර්නයෙන්ම වගේ ඉවත් උන පලවෙනි Device එක බවට මේ Note Edge Device එක පත් උනා. මෙතනින් නොනැවතුන Samsung ආයතනය Dual Edge Device ද Release කරන්න පටන් ගත්තා Galaxy S6 Edge යනුවෙන්.

AQOUS එක මගින් Bazel යන Trend එකට අඩිතාලම දැමුවත්, මෙය පාරිභෝගිකයන් අතරේ ජනප්‍රිය කිරීමට ගොඩක්ම හේතු උනේ Xiaomi ආයතනයයි. Xiaomi Mi Mix එක Bezel-less Concept එක සමාජගත කරන්න සෑහෙන කාර්්‍යයක් ඉටුකලා. මේ Device එක බැලුවොත් බොහෝ දුරට AQOUS Device එකට සමානකම් කියනවා 91.3% screen-to-body ratio විදිහට සදහන් වන මේ Device එකෙහි Top Bazel එක සම්පූරනයෙන්ම වගේ ඉවත් වෙලා තිබෙනවා. මේ වකවානුව වෙනකොට කිසිම Device එකක් මේ ආකාරයේ Bazel Less Device එකක් Release කර තිබුනේ නැ ඉතින් Mi Mix Device එක අපිට Trend Setter විදිහට හදුන්වන්න පුලුවන්.

මේ සමගම Bezel-Less trend එක ව්‍යාප්ත වීමත් එක්ක LG, Samsung සමාගම් – Galxy S8, LG G6 ආකාරයට මෙයට එකතු උනා වගේම Apple ආයතනයටත් මේ Bezel-less පරපුරට පහුවෙලා හරි එකතු වෙන්න තරමි මෙය ජනප්‍රිය උනා. මේ වන විට bezel-less Phone වලට එකතු වී තියෙන Notch /Water Drop / Tear Drop Camera සමග ඉදිරියේදී තවත් වෙනස් කම් ඇති වෙනු ඇති බවට උපකල්පනය කරන්න පුළුවන්.

Kaveesha_Heshan

FB - Samsung Galaxy Club මෙහෙයවන කවීශ Pcguidelk සදහා Smart Phones ගැන පැහැදිලි සහ නිවැරදි තොරතුරු ලබා දෙන ලිපි පල කිරීමෙන් දායකත්වය ලබාදෙනවා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *