Home Tech News Events අන්තර්ජාල වාරණය සහ සමීපතමයන්ගේ සම්බන්ධතා
EventsExplained

අන්තර්ජාල වාරණය සහ සමීපතමයන්ගේ සම්බන්ධතා

Share
Share

අප්‍රේල් මස 21 වෙනි ඉරුදින මේ ලිපිය එක්කරන විටත් ශ්‍රී ලංකාව පුරාම ජීවිත විශාල ප්‍රමාණයක් අහිමිකරමින් බෝම්බ පිපිරීම් වාර්ථා වෙමින් පවතිනවා. මේ අතරම වැඩිදෙනා තොරතුරු හුවමාරු කරගැනීමට යොදාගන්න සමාජ ජාල ගණනාවක් මින් පෙර පරිදිම Block කිරීමකට ලක්ව තිබෙනවා.

මේ නිසා Facebook, Whatsapp, Youtube සහ Instagram යන සමාජ ජාල සේවාවන්ද ලංකාව තුල පුවත් වාර්ථා කරන Gossiplankanews වැනි වෙබ් අඩවිද Block කිරීමකට හසුවී තිබෙනවා. මේ හරහා මෙවන් අවස්ථා ප්‍රයෝජනයට ගනිමින් සමාජ ජාල හරහා අසත්‍ය ප්‍රචාර ගෙනයමින් ක්‍රියාකරන්න්ට එරෙහිව සාර්ථක පියවර ගැනීමට හැකි නමුත් මෙම සමාජ ජාල හරහා තම අත්‍යවශ්‍ය කටයුතු කිරීමට සිදුව ඇති පිරිසට ඇතිවන්නේ දැඩි අපහසුතාවයක්.

ඉතා අඩු මුදලකින් Data connection හරහා තම නිවැසියන් හිතමිතුරන් හා සම්බන්ධ වීමට මෙම සේවාවන් භාවිතා කරන සියල්ලන්ට සහ Facebook pages වැනි සමාජ ජාල සේවාවන් හරහා තම වෙළදාම් කටයුතු වල යෙදෙන්නන් සහ පිටරටවල් සමග සම්බන්ධ වෙමින් On-line සේවා කරන්නන්ටත් මෙයින් බලපෑමක් එල්ල වෙනවා. මේ නිසා ඉදිරියේදී මෙවන් අවස්ථා වලදී ප්‍රයෝජනයට ගතහැකි විකල්ප සම්බන්ධතා දෙසත් අවධානය යොමු කිරීම වැදගත් වෙනවා.

Imo – මේ App එක Whatsapp වෙනුවට පහසුවෙන්ම යොදාගන්න පුලුවන්. හැමදෙනාම දානටමත් පාවිච්චි කරන වගේම පහසුවෙන් Video Calls සදහාත් යොදාගන්න පුලුවන්.

Google Duo සේවාව මින් වැදගත් වන්නේ සෑම Android දුරකථකවකින්ම මෙම Google Duo සේවාව ක්‍රියාත්මක කිරීමට හැකි නිසයි.

We chat – මෙම Chat සේවාව හරහාත් හැමදෙනා සමගම සම්බන්ධ වෙන්න පුලුවන්.

Telegram – මෙය Whatsapp වැනිම Chat App එකක්. මේ හරහා Telegram App එක තිබෙන සෑම දෙනෙක් සමගම Whatsapp මෙන් සම්බන්ධ වෙමින් නිදහසේ තොරතුරු හුවමාරු කරගැනීමට හැකියාව ලැබෙනවා.

මෙම ලිපිය එක්කිරීමට ප්‍රධාන හේතුව මෙම සමාජ ජාල අවහිර කිරීම තුලින් තම සමීපතමයන්, හිත මිතුරන් ආරක්ෂාවෙන් සිටිනවාද යන්න දැනගැනීමට නොහැකිව සිටින සියළු දෙනාගේම දැනුවත් කිරීමටයි. VPN වැනි සේවාවන් මගින් මෙම බාධක ඉවත් කිරීමට හැකිනමුත් මේ මොහොතේ එවන් තොරතුරු ලබාදීමෙන් වැලකී සිටීමට ක්‍රියාකරන බව කරුණාවෙන් සලකන්න.

Share
Written by
Priydarshana

Founder of Pcguidelk - Tech writer, Youtuber and Social Media Tech Activist from Sri lanka.

3 Comments

Leave a Reply to SL DigaaCancel reply

Related Articles

මොනවද මේ පීරමීඩ යෝජනා ක්‍රම කියන්නෙ?

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් මේ දිනවල “අහෝ දුකකි පිරමීඩ උගුලකි” කියල...

සිතුවිලි තරංග මගින් පාස්වර්ඩ් යෙදිය හැකි ක්‍රමය

යතුරු පුවරුවකින් ටයිප් කර පාස්වර්ඩ් යොදනවාට වඩා පාස්වර්ඩ් එක සිතෙන් සිතා යෙදිය...

බාල මහලු කාගේත් සිත් සනසන අන්තර්ජාලය

අන්තර්ජාලයට සම්බන්ධ වැඩ කිරීම නිසා ලැබෙන අපූරු හැකියාවන් ගැන පර්යේශකයෝ තොරතුරු එළි...

Windows වලට අළුතින් හදන intel Chips

Ai Applications වැඩි වශයෙන් එක් කර නවීන මෙහෙයුම් පද්ධතියක් සේ Windows 12...