Home Tech News software Smart වෙන Windows 11 අළුත්ම Feature එක
softwareTech NewsUpdates

Smart වෙන Windows 11 අළුත්ම Feature එක

Share
blank
Share

Windows 11 Operating system එකට නිකුත් වල මීලග update එක හරහා PC එක Smart කරන්න Microsoft සමාගම සැරසෙනව. සරලවම කිව්වොත් ඔයාගෙ වැඩකටුයුතු රටාව (work pattern) අනුව ඊලගට කරන්න යන දේ ගැන අවධානවෙන් ඉන්න Windows ඒ සදහා අවශ්‍ය දේවල් වලට උදව් කරාවි.

මීලගට නිකුත් වෙන්න යන major Windows 11 update එක Windows 11 22H2 හෙවත් Sun Valley 2 විදිහට නම් ‌කර තියෙනව කියල මේ වෙනකොට leaked info වලින් දැනගන්න ලැබෙනව. මේ සමගම අළුත්ම Developer Channel Release එක තුල Suggested Actions නමින් අළුත්ම Feature එකක් ගැන සදහන් වෙලා තියෙනව.

Suggested Actions

මේ Suggested Actions හරහා Windows 11 මගින් User ගේ වැඩ රටාව අනුව ඔහු හෝ ඇයි මීලගට සූදානම් වන කාර්යය සදහා පහසුකම් සහ Tool tips සැපයීමක් සිදුකිරීමක් ගැන මත පලවී තිබෙනව. උදාහරණයක් ලෙස සරලවම Calendar ඒකේ දිනයක් highlight කලහොත් එහි Reminder / event එකක් දැමීමට වගේම Software එකක් open කලවිට එ සමග වැඩි වශයෙන් භාවිතා කරන තවත් දේවල් අවශ්‍යද ඇසීම වැනි දේවල් සිදුවිය හැකියි.

මෙවන් Feature එකක් මගින් අපගේ වැඩ වඩාත් පහසු කරගැන්මට හැකියාවක් වගේම මින් පෙර Office 97 වලදී ලබාදුන් Clippy ගේ නිමක් නැති Suggestion වැනි කරදරකාරී තත්වයකටත් Windows පත්විය හැකියි.

Office 97 Clippy

Microsoft Office 97 සමග Animated Assistant කෙනෙක් ලබාදුන්න. මේ Assistant ව මාරු කරන්න පුළුවන් උනත් බොහෝ දෙනා Default ලෙස පැමිණි Clippy ව භාවිතා කරා. අප යම් Action එකක් Office Software තුල කලවිට එයට අදාල දේවල් වලට අවශ්‍ය Suggestion ලබාදීම මේ Personal Assistant හරහා සිදු උනා. නමුත් මෙය හැමවිටම සිදුවීම නිසා බොහෝ දෙනා මෙය උදව්වකට වඩා කරදරයක් ලෙස සැලකීමට පටන්ගත් නිසා මෙම Feature එක Office තුලින් ඉවත් කෙරුනා.

Share
Written by
Priydarshana

Founder of Pcguidelk - Tech writer, Youtuber and Social Media Tech Activist from Sri lanka.

1 Comment

Leave a Reply

Related Articles

2026ට MSI සමාගමෙන් ගේන අලුත්ම උපාංග

Gaming වලින් සහ high-performance AI computing ලෝකයේ ප්‍රධාන නාමයක් වන MSI, 2026...

MSI සමාගමෙන් එන අලුත්ම gaming monitors

MSI සමාගම ඔවුන්ගේ අලුත්ම 32-inch 4K QD-OLED gaming monitor lineup එකට අලුතෙන්...

MSI සමාගමෙන් හදුන්වාදෙන නවතම PRO Max Series එක

2026 ජනවාරි 6 වෙනිදා MSI සමාගම නව PRO MAX Series එක හඳුන්වා...

යකෙක් වගෙ වැඩ ගන්න නවතම GeForce RTX™ 5090 32G LIGHTNING Z

Gaming වල real performance එක experience කරන්න නම් හොදම GPU එකක් තියෙන...