Home Tech News Starship පුපුරායෑම සම්බන්ධයෙන් පරීක්ශණයක්
Tech News

Starship පුපුරායෑම සම්බන්ධයෙන් පරීක්ශණයක්

Share
blank
Share

ඇමරිකාවේ Federal Aviation Administration (FAA) විසින් SpaceX සමාගමට, පසුගියදා සිදුවුනු ඔවුන්ගේ Starship රොකට් එක ගුවනේදී පුපුරා යාමට හේතුව සොයන්න පරීක්ශනයක් සිදුකරන ලෙස නියෝග කර තිබෙනවා. පසුගිය ජනවාරි 16 වනදා launch කල Starship රොකට් එකක් මෙලෙස ගුවනේදි පුපුරා ගියා.

FAA මගින් නියෝග කර ඇති පරිදි මේ පුපුරා යෑමට හේතුව සොයාගෙන ඒ පිලිබදව වාර්තාවක් ඉදිරිපත් කරනතෙක් SpaceX සමාගමට නැවත Starship රොකට් launch කිරීමක් සිදුකරන්න බැහැ. මුලින්ම රොකට් එක launch කල අවස්තාවේදී කිසිම ගැටලුවක් නැතුව එය ගමන් කර තිබෙන අතර මිනිත්තු 8යි තත්පර 30 වැනි කාලයක් තුල පුපුරා යෑම සිදුවී තිබෙනවා.

මේ සිද්ධිය සිදුවුනු ප්‍රදේශයේ මේ වනවිට ගුවන්‍ ගමන් යෑමත් සීමාකර තිබෙනවා. මෙම කඩාවැටීමෙන් කිසිම ජීවිත හානියක් සිදුවී නැහැ. නමුත් දේපල හානි කිහිපයක් සිදුවෙලා තිබෙනවා. SpaceX සමාගමෙන් පවසන විදියට ඔවුන් මේ පුපුරා යෑමට හේතුව වගෙම නිවැරදි වියයුතු කරුනුත් සොයා බලනවා.

Starship යානයක් පුපුරායෑමට ලක්වුනු පලමුවතාව මෙය නෙවෙයි. මීටපෙරත් SpaceX boosters සහ Starship spacecraft පුපුරායෑම් වලට ලක්වී තිබෙනවා. නමුත් පසුගිය කාලයට සාපේක්ශව SpaceX සමාගම වඩාත් දියුනු වෙමින් අඩුපාඩු නිවැරදි කරගනිමින් පැමිනෙන බව දකින්න ලැබෙනවා. මේ ජනවාරි 16 වනදින ඔවුන් සිදුකලේ පසුගිය වසරේ අභ්‍යවකාශගත කර එහි booster එක නැවත සාර්තකව ලබාගත් පරීක්ශනයේ දෙවන අදියර ලෙසයි.

Share
Written by
Pramuka Ramanayake

Technology is anything that wasn't around when you were born.

Leave a comment

Leave a Reply

Related Articles

2026ට MSI සමාගමෙන් ගේන අලුත්ම උපාංග

Gaming වලින් සහ high-performance AI computing ලෝකයේ ප්‍රධාන නාමයක් වන MSI, 2026...

MSI සමාගමෙන් එන අලුත්ම gaming monitors

MSI සමාගම ඔවුන්ගේ අලුත්ම 32-inch 4K QD-OLED gaming monitor lineup එකට අලුතෙන්...

MSI සමාගමෙන් හදුන්වාදෙන නවතම PRO Max Series එක

2026 ජනවාරි 6 වෙනිදා MSI සමාගම නව PRO MAX Series එක හඳුන්වා...

යකෙක් වගෙ වැඩ ගන්න නවතම GeForce RTX™ 5090 32G LIGHTNING Z

Gaming වල real performance එක experience කරන්න නම් හොදම GPU එකක් තියෙන...