Home Games Steam වාර්තා බිදමින් ජනප්‍රිය වෙන Black Myth: Wukong
Games

Steam වාර්තා බිදමින් ජනප්‍රිය වෙන Black Myth: Wukong

Share
blank
Share

මීටපෙර ලිපියකින් අපි ඔබට Black Myth: Wukong පරිගණක ක්‍රීඩාව පිලිබදව වැඩිදුර විස්තර ගෙන ආවා. මේ ක්‍රීඩාව පරිගණක ක්‍රීඩකයන් අතර ඉතා ඉක්මනින් ජනප්‍රිය වෙමින් පවතින ක්‍රීඩාවක් කියන්න පුලුවන්. එයට හොදම උදාහරණය තමයි මේ ක්‍රීඩාව නිකුත් කල පලමු දවසේම දවස අවසාන වෙන්නත් කලින්ම Steam තුල වැඩිම පිරිසක් ක්‍රීඩා කල ක්‍රීඩාව ලෙස Black Myth: Wukong වාර්තා අතරට එක්වුනා.

දැන් දැක්වෙන Steam නිළ වාර්තා වලට අනුව Black Myth ක්‍රීඩාව Palworld සහ Counter Strick 2 යන ක්‍රීඩාවන් වල වාර්තා බිදහෙලා තිබෙනවා. ඒවගේම PUBG ක්‍රීඩාවේ වැඩිම පිරිසක් ක්‍රීඩා කල ක්‍රීඩාව යන වාර්තාව පහුකරන්න ඉතාම ආසන්නයි.

Steam තුල වැඩිම ක්‍රීඩකයන් පිරිසක් ක්‍රීඩා කල ක්‍රීඩාව ලෙස Black Myth දෙවන ස්තානයේ පසු වෙන්නෙ ක්‍රීඩකයන් 2,223,179ක පිරිසක් සමගයි. එහි පලමු ස්තානයේ පසුවෙන PUBG ක්‍රීඩාවේ එලෙස ක්‍රීඩකයන් 3,257,248 සිටිනවා.

මිලියනයක පමන පරතරයක් PUBG සහ Black Myth ක්‍රීඩාව අතර තිබුනත් Black Myth ක්‍රීඩාව තවමත් නිකුත් කර ගතවෙන්නෙ දිනයක් පමනයි. ඉක්මනින්ම මෙම වාර්තා බිදහෙලන්න Black Myth: Wukong ක්‍රීඩාව සමත් වෙනවා ඇති.

Share
Written by
Pramuka Ramanayake

Technology is anything that wasn't around when you were born.

Leave a comment

Leave a Reply

Related Articles

අඩුවට Games ගන්න Steam Winter Sale ආරම්භ උනා

PC ක්‍රීඩකයන් බොහෝ දෙනා බලා සිටින Steam Winter Sale වට්ටම් කාලය Valve...

ලබන අවුරුද්දෙ එන අලුත්ම Control Game එක

Control Resonant යනු 2019 දී පළමු Control ක්‍රීඩාව නිර්මාණය කළ Remedy Entertainment...

Red Dead Redemption 1 මොබයිල් සදහා නිකුත් වෙයි.

Rockstar Games හි ජනප්‍රිය Red Dead Redemption ක්‍රීඩාව 2025 දෙසැම්බර් 2 වන...

නොමිලේ Play කරන්න පුලුවන් අලුත්ම Game එක

Where Winds Meet යනු පැරණි චීනය කෙන්ද්‍ර කරගෙන නිර්මාණය කර ඇති නව...